Monday, October 17, 2016

නොපළ කවි සිතුවිළි....


නොපළ කවෙක...                

සැඟව රහසින්.. 
උණුහුම් සිතිවිල්ලෙක 
පණ ගැහෙන
තාලෙන්  
උත්තම සිතුවිල්ලෙක 
අවිහිංසකම  

ප්‍රේමය 

සිත්තමක් විය 
උතුරනා සෙනෙහසින්.....




















හා ඉතිං 
චිත්‍රේ ඇන්දේ 
මං  
එරන්දී  තමයි.... :)

20 comments:

  1. කෝ චිත්‍රයක්....පේන්නේ නෑනේ..බ්ලැක් ඇන්ඩ් වයිට් නැද්ද....!

    ReplyDelete
    Replies
    1. ඔහ් සමාවෙන්න දෝණි ගෙන් අහුලා ගත්තු පාට දෙකකින් ඇන්දේ...

      Delete
  2. නොපල කවියේ
    මිහිර සපිරේ
    ඇන්ද සිතුවම
    කිමද නොහැඟේ........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සිතුවමක වෙලී
      සිතුවිළි දිගහැරී
      එය මගේ නොවී
      තවකෙකුගේ වගේ..
      ඉතිං සබැදී
      ඔබ දකින රූ
      එහි අරුත් ගැන්වී....

      ස්තුතී ඔබට :)

      Delete
  3. ශා.. චිත්‍රේ පට්ටයි..

    ReplyDelete
  4. චිත්‍රය නම් ලස්සනයි. මම තවම කල්පනා කරන්නේ චිත්‍රෙන් අදහස් වෙන දේ මොකක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. මේක එක්තරා විදිහක abstraction එකක්. හැමදාම වගේ මම බලාගෙන ඉන්නේ මේ ලියන අදින දේවල් ඇතුලේ අනිත් අය ට තමන්ගේ කියන සිතුවිළි නිර්මාණයකට ඉඩ හදන්න. ඔබට නිවාඩු වෙලාවක පුළුවන් උනොත් මේ චිත්‍රයට නමක් දෙන්න ඒ තමයි මම සතුටු වන කාරණාව.
      ස්තුතී ඔබට බොහොමත්ම

      Delete
  5. Replies
    1. ලිඛිතා.. :) ඔබ මේ චිත්‍රය විදපු විදිහ හරිම සුන්දරයි. මාතෘකාවකට කොටු කරන්න අකමැති උනාට ඔබ බොහොම ළගින් මේය වටහා ගත්ත නිසාම ඇත්තටම "ප්‍රේමය" නෙවෙයි නිරූපණය වෙන්නේ "ස්නේහය" කියලා සටහන් කරන්නම්.
      ස්තුතී ඔබට බොහොමත්ම

      Delete
    2. අද තමයි ඉගෙනගත්තේ චිත්‍ර විදින්න පුලුවන් කියලා...අපිනම් විඳින්න දන්නවා ඕන දෙයක්..!

      Delete
    3. :) :) ඔහ් හැබෑමයි.... ආයෙත් වැරදිලා

      Delete
  6. මට හිතුනේ පුංචි බබෙකුට නාන වෙලාවක සඳ , හිරු , තරු .. ආලෝකය, අඳුර.. මවන රටා.. අවට පරිසරය ගැන කියලා දෙනවා කියලා.. උඩින් බැලුවම බාත් ටබ් එක්කට වතුර මලකින් වැටෙන වතුර කැරකි කැරකි යනවා වගේ මට පේනවා මැද..

    ReplyDelete
    Replies
    1. මේ අදහස දැක්කාම මම හිතපු දේ කියන්නම හිතෙනවා ,හීන දකින්නී :)
      ඔබ බොහොම ලගටම අදහස තේරුම් අරං තියෙනවා. ඇත්තටම අහස ඉර හඳ මුහුද කියන සංකල්ප එක්ක මං නිතර ලියන නිර්මාණවල අන්තර්ගතය තමයි මේ තියෙන්නේ. මට මගේ දෝණි ව දැනෙන්නෙම තනියම එළිය විහිදුවන කණමැදිරි පැටියෙක් වගේ. මේ නිර්මානයත් එයා ගැනම තමයි.
      මට සතුටුයි මගේ නිර්මාණ රසවිදින්න ඔබ මෙහේ එන එක ගැන.

      Delete
  7. චිත්‍රය බොහොම ලස්සනයි...

    ReplyDelete
  8. චිත්‍රයක් කියන්නෙත් කියවීමක්

    ReplyDelete