ෆුජියාමාවට පුලුවන්නම්
හීතල හිම කැටි එක්ක
තුරුල් වෙලා
සකුරා මල් සුවදින්
පෙනහළු පිරෙන්න
ජිවිතේ හුස්ම ගන්න
බර්මියුඩාවට පුලුවන්නම්
නැව් පිටින් හංගගෙන,
පපු කුහරේ
හීනියට හිනාවෙන්න
සිතිජ ඉමේ හමුවෙති
මේ දැන් දැන්
හිත හිතා,
පෙරුම් පුරමින්
වෙහෙස නොබලාම
සයුරු රළ වර නගී නම්
ඉතිං ඇත්තමයි
මං නැති හෙටක
ඔබට හෙටක්....
ඇත්තමයි තියෙනවා...
එහෙම හිතන
මං
එරන්දී :)
කිවිඳියක් නොවන ඔබේ ලියමන්
ReplyDeleteලස්සනයි....
බොහොම ස්තුතී ඔබේ අගේකිරීමට
Deleteඇත්තෙන්ම හෙටක් තියෙනවා...
ReplyDeleteපපු තුරුලේ දැවටුණු
ලෙංගතු හිනා මල් පිපුණු
සුවඳ අතීතෙක මතකයන්
රතු කරනවා මගෙ දෙනෙත්.
ඒ කඳුලු නෙත් දිගේ
හදවතට අනිනවා.
සත්තයි නුඹ නැතුව හෙටක් තියෙනවා
දුක් කඳුලු මල් පිපුණු......
එරන්දිගේ නිසඳැස ලස්සනයි.
ජයවේවා!!!
කල්පාන්තයට
Deleteමොහොතකට
කල්ගෙන...
හිරු නැගෙනවා...
රළද සිතිජය සිඹිනවා..
මං නැතත්
දුක් ගින්දර ඇතත්
ෆුජියාමාවත්
මොහොතකටත්
සුදු හිමපියලි එක්කත්
හිනාවෙනවා....
Duminda , ඔබේ නිසදැසත් හරිම ලස්සනයි. මම දැකලා තියෙනවා ඔබ බොහොම නිර්ලොබිව හැම කෙනෙකුටම වගේ නිසදැසක් එක්කම comment කරනවා.ඒක බොහොමයක් දෙනෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි නිහතමානී කමක් දුමින්ද. ඒ වගේම අපුරූ දක්ෂකමක්.
බර්මිඩාවට නැව් උනත් හංගා ගන්ඩ පුලුවං මොනවද යකෝමේ ...ඊයා
ReplyDeleteඔය බෑ කියන දේවල් කියක් නම් පස්සේ කරලා තියෙනවද...
ReplyDeleteඑකම තමයි මාත් කියන්නේ Dinesh. :)
Deleteබෑ කියලා කිවුවට ඒ කියන්නේ බෑම කියලා නෙමෙයි....
ReplyDeleteඅන්න එහෙම තමයි ලු කටුසු :)
Deleteස්තුතී මෙහේ ආවට