Sunday, October 2, 2016

හහ් මටත් දන්නවා චිත්‍ර අදින්න... දෝණිට වගේ හහ්

                                    ඇයි 
ඔය පාට කූරු 
අතන මෙතන 
බිම වැටිච්ච 
ඉදල හිටලා 
ඔව් ඉතිං හරි හරි  
දෝණිගේනුත් හොරෙන් අරං 
චිත්‍ර ඇදලා 
වැරදුනාම 
පිකාසෝට පිං පමුනලා 
දාර්ශනික කතා කියලා 
ජාමේ බේරගත්ත කියලා 
මාව නිකන් හෙලා දැකලා  
කතා කරලා 
මොන්ටිසෝරි යවමු කියලා 
හිතල හිතලා හිනාවෙලා 
හිතුවේ නැ නේ නිකමටවත් 

හහ් ඔයාලා දන්නේ නැ 
මං ඔය හැමදේම 
හිතල මතල කරන්නේ...
වෙනසකට 
හැමෝම වගේ නෙවෙයි නේ 

ඉතිං 
මං එරන්දිනේ 

අන්න එකයි...... :)

19 comments:

  1. හොඳයි ලෝක ළමා දිනේට කොරල තියෙන හරිය..අහුවෙයන්කෝ...!

    ReplyDelete
    Replies
    1. ඔය අහුවෙන් කථා ලිව්වට චෙෆාකි කියන්නෙ කෝච්චියක් කියල එහෙම හිතනව නෙවෙයි ඔන්න එරන්දි.

      Delete
    2. ශෙෆාකි කියන්නේ කෝච්චියක් නෙවී...ඉස්ටේසමක්...

      Delete
    3. ඔය පොඩි මැණිකෙල, උත්තර දේවිල, යාල් දේවිල, සමුද්‍රදේවිල වගේ ඒව වතුර මාරුකරගන්න එන්නෙ චෙෆාකි ස්ටේශමටලු.

      Delete
    4. දැන් කොහෙද බං ගල් අඟුරු කෝච්චි..ඒ ඉස්සර...දැන් මේ ස්ටේසමේ කෝච්චි නවත්තන්නෙම නෑ...!

      Delete
    5. @Chef-architect... :) මං හිතුවෙම ඔබතුමාවත් පාට පෙට්ටියකුයි කැන්වසුයි අරං දෙවී කියලා :) :) :)
      බොහොම ස්තුතී ආවට

      Delete
  2. හොඳ වෙලාවට ඔයා එරන්දි වුණේ. වැරදිලා වත් බුද්ධිකා වගේ නමක් තිබ්බනම් විනාසයි.

    ReplyDelete
    Replies
    1. @ඉයන් :):) :) ඇත්තටම නේද.... හොඳ වෙලාවට :) :)
      ස්තුතී ආවට ඔබටත්

      Delete
    2. @Chef-architect , මන්ද , කිමද , ඇයිද ... හා හරි හරි ඉතිං :) :)

      Delete
  3. හ්ම්ම් ඇත්තටම බුද්ධිකා වගේ නමක් නොතිබුනේ හොද වෙලාවට.කමක් නෑ කවිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. @රෝමාන්තික හොඳ වෙලාවට මං එරන්දී උනේ නේද..?? :) :) :)
      ස්තුතී ඔබේ අගය කිරීමට.

      Delete
  4. යකෝ එහෙනම් මටත් පිකාසෝ වගේ චිත්‍ර අඳින්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. :) ඇත්තටම ඔව් ඒ ඉතිං අපිට පිකාසෝගේ චිත්‍ර වල ගැඹුර නොතේරෙන නිසා :) :)

      Delete
  5. මෙලො රහක් නැති කවි කොටයක් ;)

    ReplyDelete
    Replies
    1. මෙලෝ රහක් නැති
      මං එරන්දී :)
      ස්තුතී ඔබට

      Delete