Wednesday, December 21, 2016

මල්ලී

                                                                   
දුනු ඊතල 
දැලි පිහි
ඇයි Balance කරපු
සරුංගල් 
සීය පප්පගේ 
Shotgun
පණ කඩාගෙන 
හොම්බ බිම ඇනගෙන 
Chopper , Mountains 
පැද්ද 
ගෙදරට හොරෙන් 
රැ ජාමේ මං එක්ක 
Carnival බඩගාපු
මගේ පොඩි Love එක 
මල්ලියේ.......
මට ඊයේ අද ගාණයි 
අනේ ඒත් ඇත්ත 
උඹ දැන් ලොකු මිනිහෙක්
හැමදාම 
මගේ පැත්තට උන්නු
එක කුසෙන් එලියට නාපු 
උඹයි මට උන්නු මගේ මල්ලී.....
ඉතිං උඹට 
ජය සිරි සුබ මංගලම් මල්ලියේ....!!


හ්ම්
මං
එරන්දී.....

13 comments:

  1. මට තාම නවයයි..ඇයි මාව කසාද බන්දන්නේ අක්කේ...??? :(

    ReplyDelete
    Replies
    1. මල්ලිව පරිස්සම් කරන්න බැ එකයි :)

      Delete
  2. අඹ දං පේර ඇහිඳාගෙන නිති දුවන
    හබ කර සතුටු වූ දින මට මතක්වෙන
    ගැබ එක නැතත් සොහොයුරු පෙම දළු දමන
    සුභ පැතු නුඹව අක්කේ අමතක නොවන.........

    ජයවේවා!!!
    (මල්ලීට සුභ මංගලම්!!!)

    ReplyDelete
    Replies
    1. කවියෙන් උත්තර දෙන්න බැ දුමී... මල්ලිට අවුරුදු දෙකේදී විතර සෙල්ලම් කර කර ඉන්නකොට මට ගැහුවා දුනු පිහියකින්. අනුනවයට දකුණු ඇහැ බේරුනේ. එත් මං ඇඩුවේ මල්ලිට ගහන්න එපා කියලා. :) :)

      ස්තුතී දුමී

      Delete
  3. ජය බෝලී නාත්! ජය මහ කාලී ජිනේ ජිනේ!
    සුබ මංගලම් !!

    ReplyDelete
  4. මට තේරෙනව :)
    උෟට සුභ අනාගතයක් :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් තනි ටත් ඇති මේ අත්දැකීම
      ස්තුතී ඔබට

      Delete
  5. දැක්කේ නැහැ , පමාවූ සුබ පැතුම්

    ReplyDelete
  6. මම නම් ඒ කාලේ මගේ කසින් අක්කලාට ලව්
    .
    .උන්ව කසාද බඳින්න හිතන් උන්නෙ...පොඩි කාලෙ වෙඩින් කාඩ් ආවම ඒකෙ මගෙයි අක්කා කෙනෙක්ගෙයි නම් ලියලා බෙදනවා

    ReplyDelete