Sunday, December 4, 2016

නිකමට වගේ අහන්නේ

ඇයි  මේ පොඩි එකී බඩගිනි වෙලා කෑ ගහනකම් බලාගෙන ඉන්නේ.... 
ඇයි  පොඩි එකී ටියුෂන් යවන්නේ නැත්තේ....?? 
කාගේද මේ ප්‍රශ්න.. අනේ මගේ නම්නේවෙයි 
එහෙනම්, එහෙනම් කියන්නේ මගේ දිහා බලාගෙන ඉන්න අයගේ ප්‍රශ්න... 
රටේ තියෙන බොරු කියා කියා පොඩි එකීට මන් කවදාවත් බත් කටක් කවලා නැ..... ඒ උනාට කන්ඩ බෑ කියලා demand  කරපුවාම මාස හයේ හතේ කාලේදී උනත් මෙලෝ රහක් නැති බත් තලපේ උනත් මන් එයාට පෙන්න පෙන්න කාලා තියෙනවා. ඉතින් නොකැවොත් බඩගින්නේ කියලා මගේ පොඩි එකී ඉගෙන ගත්තේ "අම්මා" කියන්නත් කලින් ඉදලා. 
මං  අම්මා උනත් මගේ පොඩි එකී මම කියන කිසිම දෙයක් එයාට වැටහෙනකම් පිළිගන්න ලෑස්ති නැ... අරයා නම් කියන්නේ පොඩි එකී අම්මාට පිස්සු කියලා දන්නා හින්දා ලු එහෙම කරන්නේ , සමහර විට වෙන්ඩත් ඇති. උදාහරණයකට පොඩිම කාලේ පුතේ  1+1=2 , 2+2=4 කිව්වම ඇයි අම්මේ එක කිව්වත් දෙක කිව්වත් 3+3 කිව්වත් උත්තරේ 2යි නේ කියලා පොඩි එකී කියන්න පටන් ගත්තා. දහා අතේ කල්පනා කලාමයි තේරුනේ වැඩේ, පස්සේ මිඳුලේ තියෙන සේරම ගල් කැට ගෙනල්ල පෙන්නලා එකතු කලාම යි පිළිගත්තේ නැත්තම් 8+8=2 තමයි උත්තරේ. 
ඉතින් එකේ තේරුම කෙල්ල පණ්ඩිතයි කියන එකද??? කෙල්ලට හිතන්ඩ පුළුවන් කියන එක .
කෙල්ල හිතන්ඩ පුරුදු උනේ කොහොමද..?? බලෙන් කෑම ගිල්ළුවේ නැති නිසා 
ඒ කියන්නේ එතකොට මං කම්මැලිද ...?? නෑ මං බුද්ධිමත්........ නේ...????


වැඩක් නැ 
කොහොම කිව්වත් 
මං 
එරන්දී ම තමයි   

16 comments:

  1. සිඹ ගෙන කොපුල කරවටටම යවන දෙ අත්
    නුඹ පරදීද දෝණිට දෙන විටකදි බත්
    තබ මින් හරස් පැන පිළිතුරු දිගට තවත්
    නුඹ ගැන කියනු බෑ දෝණී නම් හරිම සමත්......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබමින් ගිල්ලවනවිට
      වදෙන් පොරෙන්
      පොඩි උන් කන්නේ
      බත් නොව
      ලොව නැති බිල්ලාට බයෙන්
      වපුරා ගේ පුරා
      අස්වැදුනොත් බුසලක් දෙකක්
      ගන්නට අස්වැන්න නෙලා
      ඔළුවද අත පය තලපයෙන් උලා
      ඕනේ නැත සොයුර
      දුවනට සොයමින් therapy කරා
      කතා නැතිව අතපය හස්ත මුද්‍රා
      පොඩි පැටවුන්ගේ විජ්ජා
      මැකිලා යන්න
      තව නැ මේ බෙහෙත විනා...
      ඉගෙනුම අවිධිමත්
      විය යුතු මේ විදිහට විධිමත්....

      ස්තුතී ඔබට

      Delete
  2. //මෙලෝ රහක් නැති බත් තලපේ උනත් මන් එයාට පෙන්න පෙන්න කාලා තියෙනවා. ඉතින් නොකැවොත් බඩගින්නේ කියලා මගේ පොඩි එකී ඉගෙන ගත්තේ "අම්මා" කියන්නත් කලින් ඉදලා//

    අදෝමැයි ..කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිමි

    ReplyDelete
    Replies
    1. මොනාත් නොකිව්ව එක හොඳයි අටම් :)

      ඔබමින් ගිල්ලවනවිට
      වදෙන් පොරෙන්
      පොඩි උන් කන්නේ
      බත් නොව
      ලොව නැති බිල්ලාට බයෙන්
      වපුරා ගේ පුරා
      අස්වැදුනොත් බුසලක් දෙකක්
      ගන්නට අස්වැන්න නෙලා
      ඔළුවද අත පය තලපයෙන් උලා
      ඕනේ නැත සොයුර
      දුවනට සොයමින් තෙරපි කරා
      කතා නැතිව අතපය හස්ත මුද්‍රා
      පොඩි පැටවුන්ගේ විජ්ජා
      මැකිලා යන්න
      තව නැ මේ බෙහෙත විනා...
      ඉගෙනුම අවිධිමත්
      විය යුතු මේ විදිහට විධිමත්....

      Delete
  3. ඉස්සර අක්කගේ පොඩිඑකීට කවන්න ඕනෙනම් වාහනේක තියාගන පොඩි වටයක් එක්කගන යන්න ඕනේ.නැත්තන් කවනවා සුම්මා.ඒත් දවසක් හදිස්සියේ ගහපු බ්‍රේක් පාරක් නිසා ඒකගේ ඔලුව වැදිලා වෑන් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක බිඳුනා. එදා ඉදන්නම් ඒකාට කවන්න වදවෙන්න ඕනේ නෑ...බ්

    ReplyDelete
    Replies
    1. මම හොඳට ම විරුද්ධයි ඔය ක්‍රමයට කටුසු. දරුවෙකුට තනියම ඉගෙන ගන්න අඩුතරමේ තමන්ගේ ඕනෑ එපාකම් තේරුම් ගන්නවත් අවස්ථාවක් දෙන්න දෙමව්පියෝ හැටියට අපි නිහතමානී වෙන්න ඕනේ.

      ස්තුතී කටුසු

      Delete
  4. පොඩි එකීගෙ බත් තලපේ කාපු එකනම් වැරදියි

    ReplyDelete
  5. අම්මා කියන දේත් අහලා ප්‍රශ්නත් අහලා තේරුන් ගත්තට කිසිම අවුලක් නැ..

    ReplyDelete
  6. ඒක නං පොඩි එකාව හදාගන්න හොදම විදිහක් වගේ.ටෙ හිතන්නබහැකියාවක් එයි

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් , මේක සාර්ථක ක්‍රමයක්

      Delete
  7. මමත් මේ නිකමට කියන්නේ පොඩි එකී අම්මට පිස්සු කියලා හිතපු දේ හරි වගේ.

    ReplyDelete
  8. අගනා සිතුවිල්ලක්. ස්තූතියි.

    ReplyDelete