ඉඩෝරෙට
ඉරිතැලුණු
වියලි බිම්කඩකත්
ලා නිල්ල
දිය කඳුළු
සුව පහස
විඳිනවා
ඉතිං
ගිණි ගද්දි රෝමයත්
නීරො
වයපු වීණාවේ
තත් උනත් තාමත්
ඉදහිටෙක වැයෙනවා
ඇල පිල්ලක
ඉස් පිල්ලක
කොමාවක
ඇල ඉරක
උනත් අදටත්
නුඹේ හැඩ රුව
එබිකම් කරනවා
සත්තයි ඉද හිටෙක
ඒ අතරේ
මට මාවමත්
මුණ ගැහෙනවා
ඒ මුණගැහෙන
මං
එරන්දී
ඔහෙටතත්් වහිිනවදද මෙහෙත්් එහෛමයි ....මගෛ්් ඔලුුවතත්් සැහේඩ පෙගුුනා වැසස්්සසට තෙමමිලලා
ReplyDeleteඔච්චර තෙමෙන්න හොඳනෑ..එතකොට කොම්බු දෙක දෙක තයනු දෙක දෙක සයනු දෙක දෙක වදිනව මයේ හිතේ...!
Delete@ අටම් , මෙහෙත් හරි වැස්ස ,ඔහෙත් හරි වස්සධ - මෙහෙන් ඉදගන්න බුලත් විට කන්න
Delete:) :)
@ Chef-Archi, මටත් හිතෙන්නේ එහෙයි :) :)
Deleteරෙද්ද යටි තල්ලේ ගැට්ටක් ඇවිත් පිකාවක්ද කොහොද .. බුලත් විට කැම නැවැත්තුවා ....තාම හති නැ ....හෙහ්් හෙහ්
Deleteතමාට තමාව මුණ ගැහෙන මොහොත නතර කර ගන්න බැරි එක තමයි පුහුදුන් බව
ReplyDeleteවෙන්න ඇති කොච්චි , මං ඒගැන කියන්න දන්නේ නැ හරියටම. ස්තුතී ඔබට බොහොමත්ම
Deleteමා නොවන මම...මට එහෙම හිතුනා...සොඳුරු අදහසක් නගේ...
ReplyDelete:) සරළවම කිව්වොත් වැඩ එක්ක අපිට අපි miss වෙන තරම. ස්තුතී අක්කියා
Deleteඅවුරුදු ගානක් මට මාවම හම්බවෙලා එපා වෙලා!
ReplyDeleteඔහ්..... :) මං කැමති මං එක්කම ඉන්න
Deleteඔයාගේ කවි හරියට ඩීඑස් එල් එකට කියල හිතාන ගීතාංජන ඒජන්සියට සල්ලි ගෙව්වා වගේමනේ...අනේ අපිලට නොතේරේ...!
ReplyDeleteArchi ඒක හරියට, සුවඳම සුවඳ කෙසෙල් කොලේ ඔතපු බත් එකක් මගේ ළඟ ඉදගෙන කාලා ඉවර වෙලා (මට නොදී), මේ බත් එකෙන් ටිකක් දුන්නේ නැත්තේ "බත් එක රස නැ ", පරිප්පු වලට ලුණු නැ " වගේ කතාවක් එක්ක justify කරන්න හැදුවම දැනුන feeling එක වගේමයි... ඇත්තමයි :) :)
Deleteබොරු...මම කිව්වා අමතක උනා කියලා...ලුනු නං ඉතිං මදි තමයි..මමනේ ඉව්වේ...!
Deleteමං කෑවේ නැනේ... :)
Deleteමමත් මේ දවස්වල පහුගිය කාලේ අතුරුදහන් වෙලා හිටපු මාව හොයනවා
ReplyDeleteහොයා ගත්තොත් ඔබ අනිවාර්‍යයෙන් ලියනවා :)
Deleteතමන්ට තමන් හොයාගන්න ඒ තරම් ලේසි නැහැ. ඒක කාළය හා බැඳුනු සොයාගැනීමක් කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteඉස්සෙල්ලම ඔබට බොහොමත්ම ස්තුතී, ඔබ වැනි ප්‍රවීනයෙක් මෙහි පැමිණීම මට හැබෑම සතුටක්. ඔව් ඇත්තටම මාත් ඒ බව පිළිගන්නවා
Deleteමම එරන්දිව කියවනවා. කලින් කමෙන්ට් කරලත් තියෙනවා. එරන්දි මම වයසින් වැඩිමහල් වුනාට ප්‍රවීන ටයිට්ල් එක නම් මට සුදුසු නැතුව වගේ.
Delete