Tuesday, January 3, 2017
හරි ඉතිං අදත් 2017 තමා...
ලියන්නට නම් කරුණු කාරණා එමටය..
එහෙත් ලියන්නට කාල වේලා නැත්තේය
එතරම් ම busy ය.....
එහෙත් ඔය කියනා තරම්ම busy ක් ද නැත්තේය ..
ඕනෑ තරම් යන එන අතර මඟ වේලා ඇත්තේය..
එහෙත් ඕප දුප බලන්නට ඇද කුද හොයන්නට ඕනෑය...
ඉතිං රිය කව්ළුවෙන් බෙල්ල එලියට දා CO2 හුස්ම ගන්නේය...
ඒකේද පොඩි jolly යක් නැත්තේම නැත්තේය...
කියනා තරම් මං සද්ගුණවත්ද නැත්තේය
ඉතිං මට ද ආසාවල් පහල වන්නේය
ඒ අතර මේවා ද දකින්නේය
අමාරුවෙන් අඩි උස පැළද දුවන අම්මලාය
පොඩි එකා කහ ඉර උඩ බෙරිහන් දෙන්නේය
එවිට මට කේන්ති යන්නේය
රියෙන් පැන පොඩි එකා එගොඩ කරන්නේය
ඒ අතර "අඩි උස" වරද පෙන්නා බන්නින්නේය
මට ඔය වැඩ හුරු නැතිය
එහෙත් nail point ගෙදර ගොඩ ගසා ඇත්තේය
ඉතිං මට ඊර්ශ්‍යා නැත්තේ නැතිය....
මේ සියල්ල වන්නේ දවස ගානේය
ඉතිං දවස් ගෙවෙන්නේ ඊට ඕනෑ තාලේය...
දවස් ගෙවී 2016 ද ගෙවිලාම ගියේය
මෙන්න 2017 ඇවිල්ලාය
හැමෝම Happy 2017 කියන්නේය
එත් මං 04 වෙනිදා Happy 2017 කියන්නේය
මගේ චූටි අක්කාට Happy Birthday කියන ගමන්ය...
ඉතිං වැඩි වැඩියෙන් බර සාර බ්ලොග් ලියවේවාය
තව අළුත් බ්ලොග් ද පහල වේවාය..!!
චූටි අක්කා තරම් කිසි අක්කෙක් jolly නැත්තේය
මට සපත්තු මතක් වන්නේ ඉබේටය
ඒ මං අදටත් අක්කාගේ සපත්තු හොරකම් කරන හන්දාය..
ඉතිං තව තවත් සපත්තුම ලැබේවායි මං පතන්නේය...!!
ඒ
චූටි අක්කගේ
මං එරන්දී හින්දාය....
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Subscribe to:
Post Comments (Atom)
පහු ගිය ටිකේ දුමීත් මේ පැත්තට ආවේය
ReplyDeleteඇවිත් සතුටු වූවේය
ඒ ඔබ එරන්දි වූ හින්දා නෙවේය
එරන්දි ලියූ ලිපි හින්දාය
හෙටත් යළි එන්නේය
තවත් රහ ලිපි තියෙයි හිතන්නේය
එහෙම හිතලා යන්නේය
ඒ යන්නෙ ආ හින්දාය
2017 ට සුභ පතා දුමීත් හිනැහෙන්නේය....
ජයවේවා!!!
දුමී ආවාම මට මාරම Happy ය
Deleteදුමී Easy ට කවි ලියන්නේය
මට ඒ කවි බැරිව ගැට්ට හැල්ලෙන්නේය
ඒකට කම් නැත්තේමය
දුමී අපි වෙනුවෙන් කවි හැඩ දදා ලියන්නේය
ඒ නිසා දුමී නාවොත් අපිට රස කවි නැත්තේය
ඉතිං ඔබ ආයෙත් ආ යුත්තේමය...
ඔබට සුබ පතන්නේ හද පිරි සතුටින්මය
ඉතිං කවි ලියවෙන Happy 2017 එකක් වේවාය..!!
පන්සල් වලිං සෙරෙප්පු අස්සලා නැද්ද
ReplyDeleteඋස්සලා ලෙස නිවැරදි විය යුුතුය
Deleteසෙරෙප්පු උස්සන එක කොහොමද නිවැරදි වෙන්නෙ? හැක්
Delete@අටම් :) :) නැත නැත
Delete@ඉයන් :) :) :) ඇත්තනේන්නම්
Deleteමේකත් ජොලි එරන්දි...කසාය සීට්ටුව වගේ. ඔය නේල් පොයින්ට්ස් කියන්නේ ඔතලා බොන ජාතියක් නෙමේ නේද :D
ReplyDelete:):) නැ..... බස් වල ගිහින් තියේනම් නෝනලා කකුල් පාගලා තියේ නම් එතකොට තරු පෙනුනේ නම් අන්න නෙල් පොයින්ට් සපත්තු ඒ නම් වේ ...
Deleteහැබැට මං කල්පනා කලේ, අපේ එක්කෙනා කියනවා මං අමද්‍යප වෙලා ඉන්නේ ලේ වල උපතින්ම Alcohol වැඩි හින්දා ලු. හැබැට එකත් එකටම කතාව ඇත්ත වගේ :):) :)
ස්තුතී ඔබට බොහොමත්ම :)
Deleteඅපිනේ නෝනලාගේ කකුල් පාගන්නේ :D
ReplyDeleteඉතිං මේකට උත්තරයක් ටිකිරි මොළේට එන්නෙම නැත :) :) :)
Deleteඑරන්දිව මතක් වුනේ ආයිත් දැන්ය
ReplyDeleteඒ කියන්නේ එරන්දි ලිව්වේ නැතිව ඇතිය
කලින් මේ පැත්තේ ඇවිත් ගියා මතකය
එරන්දිට සුභ අලුත් අවුරුද්දක්ය
නැත ඔබ මෙහි ආවේය
Deleteමා එහි ගියේ කාලෙකට පස්සෙය
ඔබතුමාගේ පැමිණීම මට සතුටක්ය
නැවත එතැයි මඟ බලන්නේය
ඔයා අද ලිවූ ඉස්ටයිල් එකට කොච්චියා මනාපය..ඒ මගේද ඉස්ටයිල් එක නිසාය..
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා..
එක නම් ඇත්තය නිතර ඔබ කියවන නිසාම මට ද මේසේ ලියවෙන්නට ඇතිය... ඉතිං ආවාට සුබ පැතුවාට බොහොම ස්තුතිය
Deleteමං හීනියට සොඳුරු සඳවතීය.අදමය මෙහේ ආවේ ආයෙත් එන්නට මනාපය.
ReplyDeleteමං නිතර එහෙ එන්නේය
Deleteඉතිං මං කොහොමත් මනාපය
ඔබ යලිත් ඒ නම් මට ආඩම්බරය
ආවාට ස්තුතිය සන්දවතිය.. :)
සන්දවතිය නොවේ සඳවතිය ය....!
Deleteඔහ් ස්තුතී Archi
Deleteහැපි බොහොත්ඩේ එයාටය..!
ReplyDeleteඔහේගේ ලූස් නට්, තදකරගත්තොතින් හොඳ ඔහේටමය...!
:) :) ස්තුතී වේවා
ReplyDeleteඑහෙම උනොත් මං එරන්දී , මං නෙවෙයි එරන්දී වෙයිද ????
ඒකනේ ඔහෙගේ දෙමව්පියෝ තව නමක් දීලා තියෙන්නෙ....?
Delete:) :) හැබැට එක තමයි හොඳම නම :):)
Deleteබලන් යද්දි
ReplyDeleteසද්ද විද්ද පලග පතිර අබ ගහට පොලු ගහන මුදියන්සෙලාගෙ එරන්දි නොනා පොස් නොනෙක් නෙවෙ නෙ :))