Tuesday, January 3, 2017

හරි ඉතිං අදත් 2017 තමා...


ලියන්නට නම් කරුණු කාරණා  එමටය.. 
එහෙත් ලියන්නට කාල වේලා නැත්තේය 
එතරම් ම busy ය.....
එහෙත් ඔය කියනා තරම්ම busy ක් ද නැත්තේය ..
ඕනෑ තරම් යන එන අතර මඟ වේලා ඇත්තේය..
එහෙත් ඕප දුප බලන්නට ඇද කුද හොයන්නට ඕනෑය...
ඉතිං රිය කව්ළුවෙන් බෙල්ල එලියට දා CO2 හුස්ම ගන්නේය...
ඒකේද පොඩි jolly යක් නැත්තේම නැත්තේය...
කියනා තරම් මං සද්ගුණවත්ද  නැත්තේය 
ඉතිං මට ද ආසාවල් පහල වන්නේය 
ඒ අතර මේවා ද  දකින්නේය 
අමාරුවෙන් අඩි උස පැළද දුවන අම්මලාය 
පොඩි එකා කහ ඉර උඩ බෙරිහන් දෙන්නේය 
එවිට මට කේන්ති යන්නේය 
රියෙන් පැන පොඩි එකා එගොඩ කරන්නේය 
ඒ අතර "අඩි උස" වරද පෙන්නා බන්නින්නේය 
මට ඔය වැඩ හුරු නැතිය 
එහෙත් nail point ගෙදර ගොඩ ගසා ඇත්තේය       
ඉතිං මට ඊර්ශ්‍යා නැත්තේ නැතිය.... 
මේ දකින නෝනලා මට බණිනවා sure ය.. එකට කම් නැත මාත් බැරි මරගාතේ ඕවා දමන්නේය.. කොරවක්කකු ලෙස කොට කොටා යන්නේය... බැරිකමට සෙනෙහෙ පෙන්නා අළුත් මනමාලි වී ඔහු ඇගේ එල්ලෙන්නේය.. තරු හෝටලෙන් බැස සපත්තු අතේ දාගෙන එන්නේය.... ඒ මමය මම ගොඩයෙක් නිසාය... Posh නෝනලා එසේ නොවේය.. ඉතිං තරහා අවසරය 
මේ සියල්ල වන්නේ දවස ගානේය 
ඉතිං දවස් ගෙවෙන්නේ ඊට ඕනෑ තාලේය...
දවස් ගෙවී 2016 ද ගෙවිලාම ගියේය 
මෙන්න 2017 ඇවිල්ලාය 
හැමෝම Happy 2017 කියන්නේය 
එත්  මං 04 වෙනිදා Happy 2017 කියන්නේය  
මගේ චූටි අක්කාට Happy Birthday කියන ගමන්ය...
ඉතිං වැඩි වැඩියෙන් බර සාර බ්ලොග් ලියවේවාය 
තව අළුත් බ්ලොග් ද පහල වේවාය..!!
චූටි අක්කා තරම් කිසි අක්කෙක් jolly නැත්තේය 
මට සපත්තු මතක් වන්නේ ඉබේටය 
ඒ මං අදටත් අක්කාගේ සපත්තු හොරකම් කරන හන්දාය..
ඉතිං තව තවත් සපත්තුම ලැබේවායි මං පතන්නේය...!!
ඒ 
චූටි අක්කගේ 
මං එරන්දී හින්දාය....


25 comments:

  1. පහු ගිය ටිකේ දුමීත් මේ පැත්තට ආවේය
    ඇවිත් සතුටු වූවේය
    ඒ ඔබ එරන්දි වූ හින්දා නෙවේය
    එරන්දි ලියූ ලිපි හින්දාය
    හෙටත් යළි එන්නේය
    තවත් රහ ලිපි තියෙයි හිතන්නේය
    එහෙම හිතලා යන්නේය
    ඒ යන්නෙ ආ හින්දාය
    2017 ට සුභ පතා දුමීත් හිනැහෙන්නේය....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී ආවාම මට මාරම Happy ය
      දුමී Easy ට කවි ලියන්නේය
      මට ඒ කවි බැරිව ගැට්ට හැල්ලෙන්නේය
      ඒකට කම් නැත්තේමය
      දුමී අපි වෙනුවෙන් කවි හැඩ දදා ලියන්නේය
      ඒ නිසා දුමී නාවොත් අපිට රස කවි නැත්තේය
      ඉතිං ඔබ ආයෙත් ආ යුත්තේමය...
      ඔබට සුබ පතන්නේ හද පිරි සතුටින්මය
      ඉතිං කවි ලියවෙන Happy 2017 එකක් වේවාය..!!

      Delete
  2. පන්සල් වලිං සෙරෙප්පු අස්සලා නැද්ද

    ReplyDelete
    Replies
    1. උස්සලා ලෙස නිවැරදි විය යුුතුය

      Delete
    2. සෙරෙප්පු උස්සන එක කොහොමද නිවැරදි වෙන්නෙ? හැක්

      Delete
    3. @ඉයන් :) :) :) ඇත්තනේන්නම්

      Delete
  3. මේකත් ජොලි එරන්දි...කසාය සීට්ටුව වගේ. ඔය නේල් පොයින්ට්ස් කියන්නේ ඔතලා බොන ජාතියක් නෙමේ නේද :D

    ReplyDelete
    Replies
    1. :):) නැ..... බස් වල ගිහින් තියේනම් නෝනලා කකුල් පාගලා තියේ නම් එතකොට තරු පෙනුනේ නම් අන්න නෙල් පොයින්ට් සපත්තු ඒ නම් වේ ...

      හැබැට මං කල්පනා කලේ, අපේ එක්කෙනා කියනවා මං අමද්‍යප වෙලා ඉන්නේ ලේ වල උපතින්ම Alcohol වැඩි හින්දා ලු. හැබැට එකත් එකටම කතාව ඇත්ත වගේ :):) :)

      Delete
    2. ස්තුතී ඔබට බොහොමත්ම :)

      Delete
  4. අපිනේ නෝනලාගේ කකුල් පාගන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඉතිං මේකට උත්තරයක් ටිකිරි මොළේට එන්නෙම නැත :) :) :)

      Delete
  5. එරන්දිව මතක් වුනේ ආයිත් දැන්ය
    ඒ කියන්නේ එරන්දි ලිව්වේ නැතිව ඇතිය
    කලින් මේ පැත්තේ ඇවිත් ගියා මතකය
    එරන්දිට සුභ අලුත් අවුරුද්දක්ය

    ReplyDelete
    Replies
    1. නැත ඔබ මෙහි ආවේය
      මා එහි ගියේ කාලෙකට පස්සෙය
      ඔබතුමාගේ පැමිණීම මට සතුටක්ය
      නැවත එතැයි මඟ බලන්නේය

      Delete
  6. ඔයා අද ලිවූ ඉස්ටයිල් එකට කොච්චියා මනාපය..ඒ මගේද ඉස්ටයිල් එක නිසාය..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්තය නිතර ඔබ කියවන නිසාම මට ද මේසේ ලියවෙන්නට ඇතිය... ඉතිං ආවාට සුබ පැතුවාට බොහොම ස්තුතිය

      Delete
  7. මං හීනියට සොඳුරු සඳවතීය.අදමය මෙහේ ආවේ ආයෙත් එන්නට මනාපය.

    ReplyDelete
    Replies
    1. මං නිතර එහෙ එන්නේය
      ඉතිං මං කොහොමත් මනාපය
      ඔබ යලිත් ඒ නම් මට ආඩම්බරය
      ආවාට ස්තුතිය සන්දවතිය.. :)

      Delete
    2. සන්දවතිය නොවේ සඳවතිය ය....!

      Delete
  8. හැපි බොහොත්ඩේ එයාටය..!
    ඔහේගේ ලූස් නට්, තදකරගත්තොතින් හොඳ ඔහේටමය...!

    ReplyDelete
  9. :) :) ස්තුතී වේවා
    එහෙම උනොත් මං එරන්දී , මං නෙවෙයි එරන්දී වෙයිද ????

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඔහෙගේ දෙමව්පියෝ තව නමක් දීලා තියෙන්නෙ....?

      Delete
    2. :) :) හැබැට එක තමයි හොඳම නම :):)

      Delete
  10. බලන් යද්දි
    සද්ද විද්ද පලග පතිර අබ ගහට පොලු ගහන මුදියන්සෙලාගෙ එරන්දි නොනා පොස් නොනෙක් නෙවෙ නෙ :))

    ReplyDelete