Friday, September 1, 2017

අපේ කතාවක්

14ක්, ඔබ හා මං එරන්දී


ජිවිතේ අපි ගෙවා ආ දුර
එක්ව වැටී වැටී නැගිට්මින්
නැග්ගේ කඳුමයි
පල්ලමක් නොදුටුව තරම්
නෝක්කාඩු ද රැවුම් ගෙරවුම්
තිබුණා සත්තයි එත් කෙනෙහිලි
මං අතින්............
යකෙක් ඇත්තම ගොරවනා විට
මේඝනාද ද පරදවයි
කිසිත් කිසිදා එවන් කිපුමෙන්  
ඔරවලා නැ
ඒ මට සහතිකයි...........
ඉතිං තරහයි
දෝණි තුරුලේ නැල උනෙන්
රැවූම් ගෙරවුම් වැඩි වෙන්නේ
මගේ ඒ සැනින්,
සියල් සිතුමන් හොඳින් හදුනන
උතුම් පපුවකි රළු හමට යටින්
ලියන්නට නම් චීන පවුරත්
දිගම දිග මදි ඔබ නමින්
හිතට බය මගේ
තවත් භවයක
ගමන දිඟු වේ ද
මේ ලෙසින්........

 මං එරන්දී 

37 comments:

  1. අනේ හරි ලස්සනයි .... ඔය ආදරේ ඔය බැඳීම සදාකාලික වේවා... කලු අයියගෙ අතේ ඔය සුදු අත තියෙනකොට මට මතක් වෙන්නෙම තැඹිලි ගෙඩියෙ වහපු කාක්කෙක්ව... ෂ්... ෂ්... මම මුකුත් කිව්වෙ නෑ හොදේ.

    ReplyDelete
    Replies
    1. සඳු, මුණ ඇඹුල් වෙලා අමාරුවෙන් හිනා උනා ඔන්න කළු අයියා:) :) බොහොම ස්තුතී සඳු

      Delete
  2. අඩා.. අවුරුදු 14 ක් කියලද කිව්වෙ ..
    මට තේරුණේ ඒම.. ;-);-)
    පව් අර අයිය. අවුරුදු 14 හිටියට.. 😂 😂

    හැපි ඇනිවසරියක් අක්කා...

    කම් කටොලු මැද ගලන
    ගඟ වගෙම ලස්සනට
    සසර ගමනේ යන්න
    හිනාවෙන් ඉතිරෙමින

    සුබ පැතුම් අක්කා..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔව්මේ මල්ලි මේ 14 වෙනි අවුරුද්ද. ඇත්තමයි මල්ලි මටත් එහෙම හිතෙනවා.... පව් එයා :) :)
      බොහොම ස්තුතී මල්ලි

      Delete
  3. අර යටින් තියෙන අත කොන්ක්‍රීට් වලින් හදලද?? හැක්

    සුභ ඇනිවසරියක් මං එරන්දිට සහ එයා එරංදිට..

    ReplyDelete
    Replies
    1. :) දේශක අංකල් තුන්වෙනි දා එනවා නම් කොන්ක්‍රීට් අත බලාගන්න පුළුවන් :)
      ස්තුතී ඔබට...!

      Delete
  4. ප්‍රීති... අප්පා ප්‍රීති..!! ඔයාලට තේරෙන්නෙ නෑ අප්පා.. 14 වෙනි ඇනිවසරියට සුභ හැපි ග්‍රීටින්ස්. හෑව් අ බ්ලාස්ට්..!! 🎉🎻🎊🎂🤘🏽

    ReplyDelete
    Replies
    1. :) එකනේ ටික්කා
      බොහොම ස්තුතී ටික්කා..!

      Delete
  5. හම්මට ..අපේ දා හතර ලබන ජනේරුවට..

    ජයවේවා ..
    හෙට සමරන්න කාරනා ගොඩයි..

    14*5 = 70 වේ පාටිය ගාල්ලේ තියමු. ඊට කලින් ඉතුරු 55 ටම ඔන්න එකපාර සුභ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. :) :) එකනේ අයියේ.... අනිවාර්යයෙන්ම.
      එකත් හොඳ අදහස
      බොහොම ස්තුතී අයියේ..
      හෙට කල්‍යාණ මිත්‍ර ජුනියර් එනවා නේ ද ?

      Delete
  6. හැපි ඇනිවසරි එරන්දි අක්කෙ

    ReplyDelete
  7. හප්පට බොල දාහතරක් මං එයාගෙ හස්බන්ඩ් කාලා තියෙන කට්ටික මහත :O

    ReplyDelete
    Replies
    1. ආන්න එකයි වැඩේ.... පව් ඇත්තට , අයියේ :) :)

      Delete
  8. සසර හමුවන යළිත් වෙන්වන සුහද සිත් නිති පිංවෙලා
    අතර දුක සැප යනෙන ගමනේ නවාතැනකට එක්වෙලා
    නිතර පෙර භව කුසල් මහිමෙන් දෙසිත් සෙනෙහෙන් ළංවෙලා
    මිතුර මිතුරිය සුභ පැතුම් මගෙ තබමි කවියක රඳවලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතී දුමී...
      මේක මම පෙන්වන්නම් එයාට

      Delete
  9. සුබපැතුම් අක්කේ. සසර නිමා වෙන තුරු ඔය හදවත් දෙක මේලෙසම ආදරෙන් හමුවේවා කියල පතනව.

    ReplyDelete
  10. භවය දික් වුනත් මොකද නඟේ
    හිත සතුටින් නම් ඉන්නේ
    කීදෙනෙක් උත්සහ කරනවද
    වෙන්වෙනවද දිවි දෙනවද

    සුභ පැතුම්
    (lassana kaviya)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතී අයියේ..!
      ඇත්තටම ඔව් අයියේ, භාවය දිගු වෙන්නෙත් ඒ ආදරය අවබෝධය සතුට නිසාම තමයි.

      Delete
  11. සුභ පැතුම් එරන්දි... සැමදා එක්ව ඉදින්නට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා !!!

    ReplyDelete
  12. ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්....
    ඔයගොල්ලන්ගේ බ්ලොග් වසන්තය පින්තුර ටික දැක්කම අපිට දැන් පොඩි ඊරිසියාවක් වගේ ඇතිවෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී කොච්චි... ඔබත් ඉන්නටම තිබුණා

      Delete
  13. ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්....
    ඔයගොල්ලන්ගේ බ්ලොග් වසන්තය පින්තුර ටික දැක්කම අපිට දැන් පොඩි ඊරිසියාවක් වගේ ඇතිවෙලා තියෙනවා.

    ReplyDelete
  14. සුබ පැතුම් දුක ජයගෙන සතුට සාර්තකතවය කරා යාමට සියලු සක්තිය ඔබට :)

    ReplyDelete
  15. කම්කටොලු මොනවාද?
    දෙන්නා එකට නම්
    සුබ පැතුම් පතන්නෙමි
    වැජඹෙන්න බොහෝ කල්!

    ජය වේවා!

    ReplyDelete
  16. දෙන්නා එක්වී දහහතර වස් ගතවෙලා ඇති වෙලාවේ...
    ජීවිතේ තව පනස් වසරක් එකට එක්වී ගියාවේ...

    ReplyDelete
  17. සුභ පැතුම් දෙදෙනාටම

    ReplyDelete
  18. මොන තරම් අපූරුද..ඒ සිතුවිලි

    ReplyDelete