ඔන්න හැමදාම හවස ගෙදර එනකොට මගේ ඔළුවට එනවා මාරම Plan. ඇත්තමයි අද තමයි දවස.. , අද උයනවා රසම රසට... ඊට පස්සේ තුන්දෙනත් එක්ක වාඩිවෙලා දවසේ විස්තර කිය කියා කනවා........ ඔන්න ඔය වගේ ගොඩක් දේවල්.....
ඔන්න ගෙදර ලං වෙනවා..... මෙන්න මං යනකොට දෝණි රසකර කර කනවා මොනවද.... මොනවද ඉතිං Pop-corn....... අයියෝ...... මොන රහක් හින්ද ද ඔය කන්නේ..... ඉතිං ඔන්න මට තරහ යනවා...... (හිතුවා නේ පොඩි එකී ගුටි කැවා කියලා..... මං කිව්වේ තරහා යනවා කියලා , එනවා කියලා නෙවෙයි නේ..:) )
මාත් හෙමිට වාඩිවෙනවා දෝණි ගාවින්...... මගේ දෝණි හරිම හොඳයි.....
"අම්මිට මහන්සිද"
"තේ හදන්න ද "
එපා පැටියෝ මටත් ඔන්න ඔකෙන්ම ටිකක් දෙන්න... ඔන්න ඉතිං අපි කනවා.... අනේ ලස්සන Cartoon යනවා.................... ඉතිං මං බලනවා.... දෝණි එබිලා මං දිහා බලනවා.. එයා homework කරනවා මං Cartoon බලනවා....
අම්මි ආසද Cartoon බලන්න.. හ්ම් ....... ඇයි අම්මී ඒ........
මං කෙලින් උනා current වැදිලා වගේ.. නැ මේකනේ අක්කි වැඩේ (ලොකු කතාවක් කියද්දී එයා අක්කි මං නංගි )
මං චූටි කාලේ අම්මා'ම්මා මට TV බලන්න දුන්නැ නේ අක්කි එකයි.......
අනේ මගේ Cutie පව්...... (එහෙම කිව්වේ දෝණි ,මට )
ඉන්ඩ මං අහන්නම් අම්මා'ම්මා ගෙන්..... ආම්මෝ එපා මං එයාට බයයි Please...........
(හා ඒ කථාව එතනින් Shape එත් ඉවර වෙන්නේ ඕක දෝණි අම්මා ගෙන් අහලා අම්මා මට....... එක්කෝ ඕනේ නැ.................. )
(ඔන්න දෝණිගේ වැඩ ඉවරයි.....) අහ්හ්හ් අම්මී.. අම්මී හරිම කම්මැලියෙක් නේ..... (ඒ මං නිදිකිරණ වෙලාව...)
අයියෝ මේ බලන්න අම්මි තාම සපත්තු ගලවලාත් නැ ..... ඉන්න මං ගලවන්න
එපා එපා මං ගලවන්නම්.... අනේ පුතේ මේ සපත්තු දෙක අරන් තියනවා ද...?
ඉතිං පුංචි දරුවෝ වගකීම් දරන්න බොහොම කැමතියි.....
නැතුව
මං
කම්මැලි
එරන්දී
නෙවෙයි
(දරුවන් ඉගෙන ගන්නේ අහන දකින දේ වගේම පුංචි පුංචි වගකීම් දැරීමෙන්. වැඩිහිටියන් හැටියට් හැකි සැම අවස්ථාවකම දරුවන්ට වගකීම් දරන්නට අවකාශ සැලසීම , ඔව්න් ට නොදැනෙන්නට ඔවුන් පිටුපසින් සිටිමින් දිරමත් කරන්න. එක එක චරිත වලට ඔබ ආරෝපණය වෙන්න,
උදාහරණයක් ලෙස මම නංගි පුතා තමයි අද අක්කා
මේ තුලින් ඒකාකාරිත් වය නිසා නොසන්සුන් වන දරුවාට විනෝදජනක ක්‍රීඩාවක මුහුණු වරින් ජිවිතේ හුරු කරන්නට තරම් ඔබ බුද්ධිමත් වන්න)
අදහසට එකඟයි එරන්දී.
ReplyDeleteපොඩ්ඩන්ට වගකීම් දෙන්න ඕනේ ඔවුන්ට එය එපා නොවෙන ලෙසට.
ජයවේවා!!!
ඇත්තටම ඔව් දුමී. සමහර අවස්ථාවල සමාජ ජාලා , මුහුණු පොත ඇතුළු බොහොමයක් තැන වල මම ත් දැකලා තියෙනවා තම නිවස තුල දරුවන් මෙහෙකරුවන් වන අවස්තාවන්. නමුත් මේ උත්සාහය දරුවා සුරුවෙකු කිරීමයි. නායකත්ව ගුණය Compassionate Leadership කියන වචනය අපිට අළුත් වචනයක් උනාට අනාදිමත් කාලයක සිට අවිධිමත අධ්‍යාපනය තුලින් අපේ ජිවිත තුලට බද්ධ උනු සංකප. නමුත් හයිබ්‍රිඩ් වෙච්ච අපෙන් ගිලිහිලා යන සමහර වටිනා සංකල්ප අළුත් මුනුවරකින් මතක් කිරීමයි මේ උත්සාහය. ඔබ හැමදාමත් කියනවා වගේ අපි යහපත් දැනුම අපේ සමාජයට දායාද කලයුතුයි. මේ ඒ ඔබ සහ රොමාගේ යෝජනාවට ප්‍රතිචාර දැක්වීමක් දුමී .
Deleteඅදහස් දක්වමින් මාව දිරිමත් කරන ඔබට බොහොමත්ම ස්තුතී..!
අහන්නත් සතුටුයි අක්කේ මෙහෙම කතා. ඔයා චුට්ටට හරිම ආදරණීය විදියට ජීවිතය කියල දෙනව. අපේ අඅල්ලපු ගෙදර පොඩ්ඩොන්ට හැමදාම home work කරවන්නෙ ගුටි මුරයක් දිදී.
ReplyDelete:) මගේ විෂයේ එක කොටසක් ළමා මනස. ඒ නිසා ඔබ ඔය කියන කාරණාව මට ආගන්තුක නැ. මගේ ලගට එනවා පුංචි දරු පැටව් ඔය වගේ දෙමව්පියන්ගේ.ඒ අතර දෙමව්පියන් කාණ්ඩ දෙකකට වෙන්කරන්න පුළුවන් ඉන් පළමු කාණ්ඩය "තමන්ගෙන් ගිලිහුණු ඔටුනු තමන්ගේ දරු පැටියාට මොන විදිහෙන් හෝ පළඳන්න උත්සාහ කරන " , දෙවැනි කාණ්ඩය ට අයිති වෙන්නේ "තමන් උපයා සපයා ගත් ඔටුන්න දරුවන් වෙතින් බලහත් කාරයෙන් අආක්ෂා කරන්නට උත්සාහ දරණ දෙමාව්පියන් " ඒ දොගොල්ලෝ අතරම අගතියට පත්වෙන්නේ අහිංසක ළමා හිත්...
Deleteබොහොමත්ම ස්තුතී නංගි..!
එරන්දි මැතිණිය, මම කලක් මගේ සහෝදරියගේ ළමයින් සමග ජිවත් උන කෙනෙක්. දැන් උන් 13 plus. ඒ අය සිංහල කතාකරන්නේ නැහැ. හැබැයි තේරෙනව මොකද මගේ දෙමව්පියන් එයාල එක්ක කලක් හිටිය නිසා.
ReplyDeleteදවසක් අම්මලත් ලංකාවේ ඉන්නකොට අපි තුන්දෙනා skype ලොග් උනා.
අපි ගොඩක් දේවල් කතා කරලා අක්කි පොඩ්ඩක් ගියාට පස්සෙ දුව කිව්ව මගේ අම්මට "කැන්ඩි ආච්චි, ප්ලීස් සින් අ සිංහල සෝන්ග් " කියල. ඊළඟ විනාඩි 30 ම මගේ අම්ම කිව්වෙ,
"හෙළ ජාතික අභිමානේ", "ලංකා ලංකා පෙම්බර ලංකා" වගේම ජාතික ගීය.
මම ඉවසල බැරිම තැන අම්මට කිව්වේ "අම්මේ ඔය කියන කිසිම දෙයක් මේ දරුවන්ට තේරෙන්නෙ නැහැ. උන් මේ කනෙන් අහල අනිත් කනෙන් පිටකරනව කියල."
ඒත් අම්ම මට කිව්වේ මට සන්තෝසයි කියල..
ඒත් අම්ම මට කිව්වේ මට සන්තෝසයි කියල.." ටික්කා , මට මේ ටික ඇති ඔබේ අම්මා ගේ බුද්ධිමත්කම වටහා ගන්න. ඇය නිවැරදියි.අද විද්‍යාවෙන් සොයාගන්නා තහවුරු කරගන්නා බොහොමයක් දේ අපේ අම්මලා අත්තම්මලා තාත්තලා දැනගෙන හිටියේ මිට බොහොම කලින්. ඒ නිසයි ඒ අම්මාවරු දරුවා කුසේ ඉන්නා කාලයේ පටන් දරුපැටියාට කවි කිව්වේ... කතන්දර කිව්වේ.
Deleteඔබේ සොයුරියගේ දරුවන්ට, ඔබේ අම්මා කි කිසිත් නොදැනුනාට අත්තම්මාගේ හඩෙහි උස්පහත් බව හැඟීම් සහ ගීතවත් බව මුළු හදවතටම දැනෙනවා. සිංහල කතා නොකලාට ඒ දරුවෝ ආදරේ කරන්නේ අත්තාමගේ භාෂාවට... ආදරණිය අත්තම්මා ජිවත් වෙන රටට.... ඒ ඇති... ඔබේ අම්මා වගේ තව බුද්ධිමත් අම්මාවරු පහල වේවා...
බොහොම ස්තුතී ඔබතුමාට..!
මගේ ගෙදර උන්දැත් හුඟක් දුරට මේ වගේ තමයි ඉතින්.
ReplyDeleteඑහෙම උනාම වැඩේ ලේසී කුරහන් .. :)
Deleteකොහෙද කුරහන් ගිහින් හිටියේ..??
ඉතින් එදත් රහට උයල තුන් දෙනත් එක්ක කතා කර කර කන වැඩේ මිස් උනාලු.. හෙහ්..
ReplyDeleteඇත්ත අයියේ :) :) එක අතකට ඉව්වා නම් රහට කන්න වෙන්නේ නෑ.. ඒ නිසා පුරුදු විදිහට අර කන්ද උඩ ආප්ප කඩෙන් ම කෑවා :)
Deleteබබාලා දෙන්නයි.කෝමත් අදහසට එකගයි...
ReplyDeleteඒකනෙ :) :)
Deleteබොහොම ස්තූතී මල්ලී
ලමයි හදන්න නම් ඉවසීම උපරිමෙන් ඕනා එරන්දි ඒක මං මේ ටිකේ මාර විදිහට අත් විදිනවා මගේ පුතාට තාම මාස 3යි දවස් 10 යි... තාම අලුත් අම්මා කෙනෙක් :)
ReplyDeleteසුබ පැතුම් කිඹුලී.. !
Deleteඇත්ත ඉවසීම වගේම තැනට සුදුසු නුවණත් හරිම වැදගත්
ස්තුතී ඔබටත්..
මෙවන් දුවක් ලද මවත් .. මෙවන් මවක් ලද දුවත් ඉතින් මොන තරම් වාසනාවන්තද ...
ReplyDeleteස්තූතී ශානී.. ශානි ගේ අතිනුත් මේ කතාව සාධාරණ බව දන්නවා :)
Deleteerandi එතකොට දැන් වැඩට ගිහිල්ල ආවම අර අහිංසක මනුස්සයා කන්නෙත් pop corn ද?
ReplyDelete:) :) :) ඊට අමතරව එළව්‍ර්පාවෙන ගුණදායි වතුර හොද්දක් සමඟ පාන් පෙති දෙකකුත් ලැබෙන දවස් තියෙනවා අයියේ .
Deleteශරීර සුවය ගැන හිතලා නැතුව ඕං කම්මැළි කම එහෙම නෙවෙයි :) :)
පොඩ්ඩි නම් හරිම අපූරුයි අක්කේ...
ReplyDeleteබොහොම ස්තූතී සබරේ :) :)
Deleteසබරේ ගේ පිංතූර දකින කොට දෝණි කෑගහන වා මං දන්නවා කියලා :) :)
ඇත්තෙන්ම එකඟයි ..ඒ අදහස් හැමෝටම වටිනවා
ReplyDelete