Saturday, December 30, 2017

Happy 2018

මම මේ කල්පනා කලේ, වැඩිහිටියෙක් හැටියට ඇත්තටම මේ තරුණ දරුවන්ට අපි ආදර්ශයක් වෙන්නට උවමනායි. 

දැන් කාලේ උනත් අපේ කාලේ උනත් කියලා අවංකවම මට ලොකු වෙනසක් නොවුනාට අවුලකට තියෙන්නේ ඒ කාලේ මං තරුණයි, දැන් මං ඒ වයසේ නැ.... (හරි ඉතිං වයසයි තමයි, හිතේ අමාරුවට වෙන විදිහකට කියලා බැලුවා එච්චරයි). 
අන්න ඒ වයසේ ගැප් එකත් එක්ක ලොකු ලොකු උපදෙස් ටිකක් දෙන්න හිතුනා මටත්.... (ඔය කිව්වාට දෙන්න තරම් උපදෙසක් මට නැ තමයි. හැබැයි මට වුනු අකරතැබ්බ නම් ඉතිං ඕනෑ තරම්. මේ ඉන් එකක්)
ඔන්න ඉතිං අපි විවාහපත් වූ අලුත. 
මං මාර රූමත් , සුන්දර , උගත් බුද්ධි+මත් (ඔව් ඉතිං මගේ නම බුද්ධිකා , ඉතිං හිනා වෙන්ට හහ් ) කෙනෙක්. ආයේ මට වඩා කිසිම කෙනෙක් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැ. ඉතිං ඔන්න ඔය විදිහට කාලය ගෙවීගෙන ගෙවීගෙන ගියා. 
දවසක් අකුණු ගහමින් මහ වැස්සක් වහින්න ගත්තා. මට ඉහෙන් බහින රෝගයක් නොතිබුනාට දරු පැටියත් නොනවත්වා අඬන නිසා මං ඉතිං ඔහුට දැනුම් දුන්න මට ධාරාණි පාත ඔහ් නැ ඉවසගන්න බැරි හිසේ කැක්කුමයි වහාම ගෙදර එන්න කියලා.... (කියන කොටම ඇහුවේ "අනේ ඔයාට ඒ කියන්නේ ඔළුවකුත් තියෙනවා නේ ද " කියලා).
කොහොමින් කොහොම හරි පැය දෙක තුනකට පස්සේ හරි හදිස්සියෙන් වේගෙන් (ගේ ගාවට ඇවිත් රේස් කරලා වාහනෙන් බැහැලා නෙවෙයි පැනලා ) ආවා. 
එතකොට ඉතිං මගේ ඉවසීමේ සීමාව පැනලා (ඇත්තටම කිව්වොත් මට එහෙම සීමාවක් තිබුනෙම නැ ඒ කාලේ).
ඉතිං බොහොම හැදිච්ච නිවිච්ච මම ගත්තා මල්ලක් දැන් පුරවනවා අතට අහුවෙන ඇඳුම් , ඔහු කිසිම හැලහොල්මනක් නැතුව බලාගෙන ඉන්නවා. අහ්හ් ඔව් එපා තියා ඇයි වත් අහන්නේ නැ.... දැන් රෙදි දාගෙනත් ඉවරයි, මං කිව්වා දෙන්න මගේ ID එක 
ආහ්හ් ඔව් නේ එක මගේ ලගනේ  අමතක උනා කියලා ඊඊඊඊ ඔව් එකත් දුන්නා.....
දැන් මට යන්නම වෙන පාටයි... තවත් කල්පනා කර කර මං හොයනවා හොයනවා.... හොයනවා මොකද්ද ? කුඩයක් 
ආහ්හ්හ් වැස්ස නේ මෙන්න කුඩේ දැන් මොන දෙයියට කියන්න ද..? (මම කොහේ යන්න ද, මහ ගෙදර ගිය ත් අම්මා, මා දුටු සැනින් මා ඇදගෙන විත් ඔහුට දෙන්නේ මා ඉතා ගුණයහපත් බව ඇයට වඩා දන්නා කිසිවෙකුත් නැති බැවිනි.) කමින් ත්‍රෙඩ් ඊස් නොට් ගුඩ් බව වැටහුණු මම ක්ෂණිකව ක්‍රියාත්මක උනා. 
හහ්..... මාව ගෙදර යවන්න නේද...?? මම යයි හිතුවා මදි..... මං ඒ සැනින් ඇදුම් ටිකත් හලලා හෙමින් සීරුවේ නැවතුනා....
ඉතිං ඔන්න ඔහොමයි මගේ පවුල රැකුණේ. මේ අවුරුද්ද අවසාන දවසේ වැඩිහිටියකු ලෙසින් අළුතින් විවාහපත් ඔබටත් මේ වගේ අවස්තාවක් එළඹුනොත් මුහුණ දෙන විදිහ දැනුවත් කර තිබීම මගේ පරම යුතුකම හැටියට හිතුන නිසා මේ ඉටුකළේ ඒ යුතුකම.

එහෙම නම් ලබන්නාවූ 2018 වසර විවාහපත් නොපත් ඔබ සියළු දෙනාට බුද්ධිමත් මං එරන්දීගේ සුබ පැතුම්..!   


18 comments:

  1. නෝනා... නාන්න නං නාන්න නෝනා.... ඔබ ඇතුළු පවුලේ සැමට සුභ නවවසරක් වේවා..!! ෆ්‍රොම් ටික්කා තුමා..

    ReplyDelete
    Replies
    1. :) සුබම සුබ නව වසරක් වේවා ටික්කතුමා...!

      Delete
  2. අපරාදෙ අර මනුස්සයට ගැලවෙන්න තිබුණ අවස්ථාවත් ජස් මිස් ද කෙස් ගස් වෙලා නෙ. හැක්..

    ඔබ සැමට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. හහ් ඒවා කොහේ ද :) :)
      සුබ නව වසරක් වේවා අයියේ..!

      Delete
  3. අනික් අයට පාඩම් උගන්නන්න හදන විට පාඩම් ඉගෙනගන්නේ අපිමයි කියා කලින්ම ඉගෙන ගැනීම වාසියක්. Wish you the best in 2018

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියේ. දැන්නම් ඉතිං ඉතා පරිස්සම් :)
      Wish you the same...!!

      Delete
  4. හි හී මෙහෙ වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ ඇඳුමක ඉරිච්ච තැනක් ගැලවුන බොත්තමක් එහෙම අල්ලන්න උනොත් මම කොච්චර මැහීමට දක්ශද කියනවනම් ඉඳිකට්ටට නූල දාගන්නවත් නොහැකි වීම, කිරි ටොෆි එහෙම හැන්දෙන් කන්න හදලා දීම රොටි වලට පෑන් කේක් වලට වගේ කිසිදා ගුලි කරන්නට බැරි චොරයක් හැදීම වගේ අවස්ථාවලදී එයාම තමා කියන්නේ මේකනම් හරියන මඟුලක් නෙවෙයි බෑග් එක පැක් කරන් ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා..ඉතින් එතකොට මගේ ප්‍රතිචාරය තමා... හිතුව මදි මාව යවන්න... එව්වනම් ලේසි වෙන්නෙ නෑ කියන එක...ඇත්තටම ඉතින් එහෙම තමා මගෙන් එයාට කිසිදා ගැලවුමක් නැත හි හී..

    ඉතින් එරන්දියෝ ඔයාටයි කලු අයියටයි බෝනික්කිටයි සුබම සුබ නව වසරකට මමත් සුබ පතනවා ඕං

    ReplyDelete
    Replies
    1. :) :) එකනේ ශානියෝ .
      ඔබටත් , සත්තලන් සහ ඉස්තලන්ට ත් වාසනාවන්ත 2018...!

      Delete
  5. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  6. තව තව වටින ලිපි ලියන්න හැකිවේවා
    නිව හල් හැඟුම් හදවත් තුළ රැව් දේවා
    සුව යත් සතුට මුතුමල් මෙන් පිබිදේවා
    නව වසරකදි නව අදහස් සිහි වේවා.....

    සුභ 2018 ක් වේවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී දුමී.. ඔබටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා..!

      Delete
  7. දැනුවත් වුනා... :)

    ජෑ මා නිව් යියර් හොදේ

    - දෑ මා -

    ReplyDelete
  8. සුබම සුබ නව වසරක් ඔබ තිදෙනාට

    ReplyDelete
  9. ඔබ තිදෙනාට ම ලැබූ 2018 සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  10. බොහොම බුද්දි+මත් උපදෙසක්.. අපේ උන්දැගේ ඇහැ ගැටෙන්න තියන්න නාකයි.. :))))

    2018 දිනේවා!

    ReplyDelete