Thursday, August 18, 2016

නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)

උඩවළව ජලාශය 
සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු  සුනාමිය තරම්

කතාවෙකි හිත පිරිමදින
බැල්මෙකි සෙනෙහෙ උතුරන
රැවුමෙකි ගත සලිතවන
බර්මියුඩාවෙකි මසිත කිමිදෙන

උවම් සොයනට නුඹට සරි කිසිත් නැති
සෙනෙහෙ විදගමී එහි සැමරුම් පිරී ඇති
ඉතිං හිම පියල්ලෙකි උණුහුමද සීතලද එක ලෙස ඇති
කිසිත් කිසිදා මා අතින් ගෙන නැති

හිත රිදෙන.. හිත හදන 
සැලෙන.. නොසැලෙන 
ගැයෙන.. නොගැයෙන 
ලියන.. මකන 
හිතන.. හිනැහෙන

 ඔබ මගේම වී හිදී ගොළුව  
ගොළු මුහුදක් ලෙසින් .... :)  

ඉතිං 
මං 
එරන්දී 




14 comments:

  1. අනේ මන්ද බං. මට නම් සමහර දේවල් තේරෙන්නේ නෑ. ආයේ බොරැ කියන්නේ මොකටද

    ReplyDelete
  2. පදපෙළ නම් සොඳුරුයි...මං කල්පනා කරන්නේ මේ සේරම සංකල්පනා මැවුනේ වැව නිසාද කියල...

    ReplyDelete
    Replies
    1. @පොකුරු වැහි, අක්කි මතු කලේ වටින තර්කයක්.. ටික දවසක් දෙන්න අක්කි ඔය හිතන විදිහටම මටත් හිතිලා තියෙනවා මගේ නිර්මාණ වගේම අනිත් අයගේ නිර්මාණ ගැනත්. ඉතිං ඒගැන ලියන්න ඕනේ වෙනවම. මට වෙලාව දෙන්න අපි කථා කරමු ඒ ගැන
      ඇත්තටම comment මේ වගේ වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. ඉතිං අක්කියේ ඔයාට ගොඩක් ස්තුතී.

      Delete
  3. අර කෑම හිඟාකන අලියාටත් ඔහොමම හිතෙනව ඇතිනේ...මම කිව්වේ උඩවලවේ වැව් බැම්මේ ඉන්න එක්කෙනාට...!

    ReplyDelete
    Replies
    1. @Chef-Architect , ඔහ් එයාට ඇත්තටම කියන්නෙත් හිඟන්නා කියලම තමයි. පළවෙනි වතාවේ එයාව දැකලා මං මහ කරදරයක් කළා එයාටයි , වනජීවී එකේ මහත්වරුන්ටයි. පස්සේ පුරුදු උනා යනින් එනින් ගමන් එයාව බලන්න ඔය පාරෙන්ම යන්න. මගේ ඊලග පොස්ට් එකේ එයත් ඉන්නවා. එයාට එහෙම හිතුනද දන්නේ නැති උනාට , මට නම් එයාගැන හිතුන දේවල් වැව ගැන වගේමයි

      Delete
    2. ඒ කියන්නේ ඔයා හූඇම්පී...!

      Delete
    3. Chef-Architect,
      U - Universal
      M - Mankind
      P - Power
      මං එහෙම කෙනෙක්

      Delete