Monday, August 1, 2016

ඉතිං ඔබ මුතු කැටයක්.....

නැගෙන බිඳෙන  රළ අතර 
අතහැරෙන ගිළිහෙන 
අහිංසක හිතක් 
දුක් විඳ රකී
ආදරයක්  
මුතු කැට
ආදරයක් 

ඉතිං අඬන්නැති  
අඬන්නට  කදුළු නැති 
අඬන්නට ඉඩක් නැති 
ඇඬුවත් කදුළු එන්නැති 
හිතක දුක් ගිණි 
දුක් විඳ රකී 
ආදරයක් 
මුතු කැට 
ආදරයක් 



පාට වැටෙන්නේ 
රවුම් වෙන්නේ 
ස්පටිකයක්, 
වටිනාකම් 
වැඩි කරන්නේ 
හැබෑම 
ආදරයක් 

ඔව් ඔව් 
මෙලෝ රහක් නැති 
මං 
එරන්දී 

11 comments:

  1. ඒක නං ටිකක් වෙනස්
    ඔව්
    ටිකක්

    ReplyDelete
    Replies
    1. හැම තත්පරයකම ලෝකේ වෙනස් වෙනකොට ලියවෙන සිතුවිළිත් වෙනස් වෙනවා ඇති :) ස්තුතී මහේෂ් ඔබට

      Delete
  2. රල බිදෙන්නේ නෑ...බිඳෙනවා මිසක්...!

    අඩන්නේ නෑ ....අඬනවා මිසක්..!

    ඒ හින්දා වෙන්නැති මෙලෝරහක් නෑ කියන ලේබලේ වදින්න ඇත්තේ...හාද..?

    ReplyDelete
  3. ආ හා හා ඉතිං හරිනේ..... ඔබට බොහොමත්ම ස්තුතී, ගොඩක් පිං නිවැරදි කිරීමට. Chef-Architect

    ReplyDelete
    Replies
    1. ඔය පිං දෙන විදියෙට මට ආයෙත් මේ ලෝකෙට නං එන්න වෙන්නෙ නෑ...ආ හා හා ...ඔව්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ආ ඔව් නෙන්නම්... එතකොට කව්ද මේ වැරදි හදන්නේ... හා ඔන්න පිං ඉල්ලා අස්කර ගත්තා :)

      Delete