Tuesday, August 2, 2016

යශෝදරා , කුවේණිය සහ ප්‍රේමය

අකුරු එක දෙක 
ඇහිදලා  
ජිවිතේ ඉන් අකුරු  
කරනෙමී  
යශෝදරාවත දෝතින්ම 
ගෙන 
කාවෝ කෑ තැනින් දිග 
හැර 
සුසුම් සුළගින් දුලි 
පිසලමී  
දැවුම් කන නාස් පුඩු 
අගින් 
වෙවිළුම් ස්වරයෙන් බිඳෙන  
ඉකියක
හදවතේ දුක 
සිහින් ස්වරයෙන් 
ගයනෙමී 
තිබු තිබු තැන 
මල් පිපෙන්නැති 
කටුක  ගිරි දුර්ග 
ඇසිල්ලෙන් පසු කර යමී....
මලක් වී පිදෙනු බැරි වී 
කුවේණිය වී මියැදෙමී 

මං
එරන්දී 

15 comments:

  1. ප්‍රේමය හැම දෙනාටම එක වගේ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. Frame එක එකයි මුණු විතරයි වෙනස් :)
      ස්තුතී ඔබේ අදහසට දිනේෂ්

      Delete
  2. බොහෝවිට වෙන්නෙ පටාචාරාව වී මියැදෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් බොහෝ වෙලාවට. ස්තුතී ඉවාන් :)

      Delete
  3. අපේ කාලයේ ගැහැණුන් තුල යශෝධාරත්, කුවේණියත් යන දෙදෙනාම ජීවත් වෙනවා...හැබැයි ඉවාන් කියනවා වගේ බොහෝ දෙනෙක්ට අවසානයේ හිමි වෙන්නේ පටාචාරාවගේ මනෝ භාවය...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කි හිමි කරගන්න මනෝ භාවයට වඩා උදාකරගන්න මනෝ භාවය කියන අදහසට මම වඩාත් එකයි.

      Delete
  4. කුවේණිත් චයිනීස් ?

    ReplyDelete
    Replies
    1. නැ නැ කුවේණි කන්නේ මස් .....එහෙම ටල්අම්මා කියුවේ ....එතකොට විජේ මැටිද .......කුමාරතුන්ග නං එහෙමලු ........ඒකලු මැටි ගොඩක් කෑවේ ....මගේ යාළුවෙක් කියුවේ ...එයා හු ඇම් පි .....හැබැයි ඌගේ යාළුවෝනං මැරුනේ නැ ...මොකද පොරට හිටියේ එක යාලුවයි ...මං තාම ඉන්නවා

      Delete
    2. @Pra Jay කොරියන් චයිනීස් කුවේණිය යනු කුවේණියමයි... :)

      Delete
    3. @අටම්.., හැබැට මේකනම් අටම්ම අටම් කතාවක්.... :) :)

      Delete
  5. කුවේණිය වී මියැදීම නොව කුවේණිය වී ඉපදීම කලහැකි නම් අගනේය. කුවේණිය යනු ගිරිදුර්ගයන්හි වුව මල් පිබිදවිය හැකි කාන්තාවකි.

    ReplyDelete