Tuesday, November 1, 2016

සෙල්ෆි ස්ටික් හෙවත් ඇලඩින්ගේ මැජික් ස්ටික් එක......

ආදරේ දැනෙන
මොහොතක
ජිවිතේ
සීරුවට අල්ලගමු
බර අඩි බර හුස්ම
ගෙනියන්න
ටර්නැඩොවකට
එන්න කියමු
අහුමුළු
අහුකොන් වලින් එබෙන
දුක් මතක
සුනාමියකට දන්දෙමු
අහුවුණු වෙලාවක
බිඳුණු හිත
CHEMIFIX වලින් අලවමු

හමුවුණු නොවුණු 
තැන්වල 
රතුතොල් 
අඟ පසඟ 
ඇහි බමද 
අකුරක අමුණමු 
පාට කළ මුණුවල
PATCH-TOUCH වෙලා තිබුන 
ජිවිතේ මේ යැයි
අදින් පසු හිතාගමු......

එක අතකට මිනිස්සු මාරම පොසිටිව්.... 
එහෙමත්  හිතන 
මං 
එරන්දී... :)




13 comments:

  1. කුමා ඉද්දමල්ලෙනගේ ක්ලාස් එකකට ගිහින් වගේ.

    ReplyDelete
    Replies
    1. :) :) නැහැනේ කුරහන්, මේ සයිබර් අවකාශයේ රවුමක් ගිහාම දකින දේවල්... positive thinking වල main concept තමයි visualizing & dreaming , මිනිස්සු මවල පෙන්නන (Selfie trend) දේට වඩා ජිවිත කටුකයි හැබැයි positive concept එකේ හැටියට මිනිස්සු වැරදිත් නැ... මට එහෙම හිතුනා

      Delete
  2. ඔරවමි
    රවමි
    පළඳා සිටින වෙස් මුහුණ
    ඉදිරියේ
    හිනාවෙමි
    මම
    මටම
    එතකොට
    හඳුනාගන්න ලැබෙයි
    මට
    මාවම කියලා
    හිතන මං
    දුමින්ද!

    ( එරන්දිගේ අපූරු රචනා මෝස්තරය ටිකක් කොප්් කෙරුවා)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබ තරම්
      කවි උපද්දන
      හිතක් මනරම්
      නොලැබ ලතවෙන
      මං
      එරන්දී :)

      මට ඔබේ රචනා විලාසය ලගින් වත් යන්න ලියාගන්න බැ නේ දුමින්ද.

      Delete
  3. මේක මරු.. ලස්සනයි..

    ReplyDelete
  4. ඔය කන්සෙප්ට් එක ගැන මට හැමදාම තියෙන්නේ ප්‍රශ්නයක්.අනේ මන්දා... මම හෙන සර්ව අශුභවාදියෙක්ද කොහේද...

    මොනව උනත් අර කවිය ලියලාඅන්තිමට දාන වාක්‍ය අයින්කරන්න කාලේ හරිවගේ....

    ReplyDelete
    Replies
    1. කටුසු, ඇත්තටම මං ඉන්නේ අවස්ථානුකූලව මගේ වාසියට සුබවාදී හෝ අසුබවාදී කියන තැන :) :)
      කටුසු කියන්නේ "එහෙම හිතන මං එරන්දී" කියන වාක්‍යද??

      Delete
  5. Replies
    1. Not only your generation... Insanely invaded each & every generation , child to adult

      Delete