Saturday, November 5, 2016

කියන නොකියන ඔබට මට පොදුය මතකය විඳින රිදවෙන තරමට දැනෙන......

                                                                  

හිතක අස්සක -  ඇසක අගිස්සක                             
මතකයක කෙළවරක 
ඇරඹුමක නැවතුමක 
ඉකියක රිදුමක 
සිනාවක කතාවක 
අහිමිව ඇත ඉතිරිව 
රිදවන දුක හිතෙන 
ආදරයක මතක..
ඔබට මට 
මා ඔබටද 
ඔබ මටද 
කියා නැති...
උවම් කළ නළලත 
හාදුවක සිරවී...

බේටම පහල නොවුණු  සිතුවිළි ගැට ගහන 
මං 
එරන්දී 

14 comments:

  1. Replies
    1. ඒකත් අපූරු කමෙන්ට් එකක් අටම් :)

      Delete
  2. මම අද වෙද්දි ඕවා දකින්නෙ අපතේ ගිය හැඟීම් විදියට.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන තරමට ජිවිතේට මුණදෙන්න ලේසි කොච්චි, හිතක් කියන්නේ වැටක් ගහල සිතුවිළි හිරකරන්න පුළුවන් තැනක් නෙවෙයි නේ. ඉතිං මිනිස් මේ හැම සිතුවිල්ලක්ම මානුෂියයි , ඒ මට හිතෙන හැටි. ස්තුතී obata

      Delete
  3. තැවෙන සිත නිතර තැවුණාවේ
    නයන කඳුලින් නැහැවුණාවේ
    දැනෙන හාදුව කීරි ගැහුණාවේ
    දුවන ඒ පෙම ඵලක් නැතුවාවේ.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අති නැති වන ලොවක
      සොයනවා මිසක
      අරුත ජිවිතයක
      පලක් නැ සුසුම්ලන මතක
      තුරුණු හදක....

      ස්තුතී දුමින්ද බොහොමත්ම මේ ලස්සන අදහසට.

      Delete
  4. ඉඹේ පහළ නොවුණ මේ සිතුවිලි පිටිපස්සේ මහා කතාවක් ඇති නේද???????????? පද ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් කුරුටු, නිරායාසයෙන් ලියන්න ඔබ වගේ හපනෙක් නොවන මට මේ සිතුවිල්ල පහල උනේ කටුසුගේ http://katusuhadawatha.blogspot.com/2016/11/blog-post_3.html#comment-form නිර්මාණය දැක්කම. comment එකක් හැටියට පලකල අදහස හොඳයි වගේ හිතුන නිසා අළුත් ලේබලයකින් "ඉබේ නොලියවෙන සිතුවිළි " හැටියට පලකරන්න හිතුවා.
      ඉතිං ස්තුතී ඔබටත්

      Delete
  5. අපිම ඉන්නඕනේ ඉතින් ඒගොල්ලන්ට මේවා ලියවෙන්න.

    හිතලා ලියවෙන ඒවටවඩා නොහිතා ලියවෙන, අහම්බෙන් ලියවෙන කවි, ලිපි ලස්සනයි කොහොමත්

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්තම ඇත්ත කටුසු :)
      ස්තුතී ඔබට

      Delete
  6. මම දැන් නම් හිත අස්සේ තියෙන මතකයේ කෙලවරට යන්නේ නෑ. මට බය හිතෙනවා. හරියට පරණ ගෙයක් ඇතුළට යනකොට හොල්මන්වලට බය වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. එයා නම් හැබවටමත් මට බය වෙනවා උදේ හවස දැකලත් :) :)

      Delete
  7. ලස්සනයි නංගෝ...මේ ටිකේ වැඩ වැඩියි හොදටම...බ්ලොග් වලට අවේ නැහැ

    ReplyDelete