Sunday, November 20, 2016

ඉතිං ආයුබෝවන් (Good Bye)

ආයෙමත් යන්න බැරි 
ආයෙමත් එන්න බැරි 
මතකයක තනිවෙන්න බැරි 
වෙන්ව යන්නට හිත හදා ගනු බැරි 
ඉඩක් නැති ඉඩක 
ඉඩක් සොයා ලතැවුනු 
කාටවත් නොහැඟුණු 
නුඹේ සුවඳ අතහැර 
යන්න අවසර කුමට 
මා මඟ අතහැර 
ඔබ ගිහින් පෙර දිනෙක 
හිතක කතාවක 
දුක අසන්නට ඔබ නැති 
තනිව විඳගමී 
මතක දොර අඟුළු ලමි 
ඉතිං කවදාවත් 
අපි යලිත් හමුනොවෙන 
කිසිත් කිසිදාකත් 
ඔබට මා හඟිනු බැරි 
මතකයක දුක දරා 
ඉතිං මං සමුගමි..........

මම
මා නොවුණු
මං එරන්දී....

11 comments:

  1. යන්න අවසර කුමට..
    මා මඟ අතහැර
    ඔබ ගිහිං පෙර දිනෙක ... හ්ම්ම්.

    ReplyDelete
    Replies
    1. :) ස්තුතී කල්‍යාණ මිත්‍ර. කාලෙකින් නේද මේ පැත්තේ

      Delete
  2. දුක මතක විඳවමී
    නෙක සිහින දකිනෙමී
    එක මගක කඳුලක් වෙමී
    සැක කුමට එනතුරු ඉමී.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එළිවැට පුරන්නැති
      කවි ලීමෙන් පලනැති
      සදැස් පිං පුරානැති
      මෙකවි ඔබට නොපෑහෙති

      ස්තුතී දුමින්ද

      Delete
  3. සමහර වෙලාවට දොර අගුලුදාලා යතුරු හිලෙන් බලන අවස්ථාත් ජීවිතේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කුරහන් , ඊයේ පෙරේදා තිබුණු Personality Developing Program එකකදී මගේ කතාවේ අතීතය අමතක කීරීම ගැන කතා කරන වෙලාවේ කුරහන්ගේ comment එක මතක් වෙලා මං කිව්වා අතීතය දොරගුළු දාන කතාව මඟ ඇරියා :):) :)

      Delete
  4. කාටද බොලේ මේ 'බායි' කියන්නේ........
    ඉබේම ලියවිච්ච එකක් නෙවෙයි කියලත් කියල තියෙනවනේ.... හ්ම්ම්?

    ReplyDelete
  5. hey if you are moderating comments, please click the right hand side bottom box of the comments cage which says 'Notify me'so you will get an email when we comment....!

    ReplyDelete
  6. ඉඩක් නැති හිතක
    තවත් රැඳෙනු කුමකට
    මතක පමණක් අතැතිව
    පෙරමග යමි තනිවම

    ReplyDelete
    Replies
    1. ඔබ යන්න ඔබේ මඟ
      මට යන්න මගේ දුර
      දිනෙක හමුවී මං සලෙක
      සිනාවකින් පසුකර යන්න

      ඔබ තරම් ලස්සනට ලියාගන්න මට බැ :) ස්තුතී මේ ඉඩකඩ ලස්සන කලාට ඔබට බොහොමත්ම

      Delete