Wednesday, May 10, 2017



හඬන්නට නොදන්නා මට 
ඇඟිල්ලෙන් ඇන
කඳුළු දුන් ඔබ 
හඬන විට 
රිඳුම් දුන් හිස හොවන්නට 
පුළුල් උරහිස නොදුන් ඔබ-මට  
අඳුරු අහසේ 
දකින්නට තරු අරුන්දතිය මට
හෙළිපෙහෙළි කළ පිණෙන් තිමිරය
වගුරුවා ලු කඳුළු වලින් පිස  
ඔබට නිති පසසමි හදවතින් 
මම
එරන්දී....... 


27 comments:

  1. ලබන්නට පන්නරය
    උපකාරයක්ම වී නොවෙද
    පුළුල් උර නොදීමත්
    නෙතේ කඳුලු පිටකිරීමට
    ඉඩක් දීමත්.
    ඉතින් සොයුරිය ඔහුට
    දිය යුතුවන්නෙමයි පැසසුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එයම වේ මෙහි අරුත හා පැතුම
      ස්තුතී දුමී

      Delete
  2. උර හිස්ස දෙන්නේ නැද්ද
    දැත බදලා අල්ලලා හොල්ලපිය
    කැවුතු වහල්ල ගැලවිලා කැඩිලා
    බඩ පල්ලෙ වැටෙන්ඩ

    ReplyDelete
    Replies
    1. යකෝ කෙල්ලන්ට ඕවා කියල දෙන්න එපා බං.

      Delete
    2. @අටං අයියේ..... අන්න හොඳ අදහසක් :) :)

      Delete
    3. @නලීන් අයියේ හැබැට එතකොට 65 වෙනි මායම වෙන්න පුළුවන් නේ :) :)
      නැත්තම් ගෘහස්ථ පුරුෂ හිංසනය වෙන්නත් පුළුවන

      Delete
  3. අපූරුයි එරන්දි හැබැයි ඉතින් මටනම් එයා ඔය දෙක දුන්නේ නැතන් අර අටමා කියලා තියෙන දේ තමා කොරන්නේ හි හී

    ReplyDelete
    Replies
    1. අහලා තියෙනවා නේද හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැණික් ඉන්නවා කියලා , ඒ වගේම තමයි හැම සාර්ථක ගැහැණිය ක් පිටිපස්සෙම ඔය මං කියන විදිහේ පිරිමියෙක් ඉන්නවා ශානී.. තනියෙම ප්‍රශ්න වලට මූණ දීලා විසද ගන්න කම් නිදැක්කා වගේ හැබැයි කරදරේ වැටෙන්න නොදී බලාගෙන ඉන්න කෙනෙක්...
      අත්දැකීමෙන් කොච්චර රණ්ඩු කරත් හිනාවෙලා මඟ ඇරලා බලන් ඉන්නවා දිනාගන්නකන්
      මේ කිව්වේ එහෙම කෙනෙක් ගැන :)

      Delete
  4. විිරහව ආදරය පළිගැනීම තුළ ආත්ම සංතර්පණය...

    ReplyDelete
    Replies
    1. මේ එහි එක් පැතිකඩක් අයියේ

      Delete
  5. ‍රිදවීම් කෙලවරේ තියෙන්නේ අපි, අපිවම තේරුම්ගැනීම තමයි.ඊට පස්සේ අපුත් පෙරලුන පිට හොඳයි කියලා හිත හදාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කටුසු... ඔය මොන විග්‍රහය කෙරුවත් අමු යතාර්තය තමයී ඒ :)

      Delete
  6. මේකනම් නියමයි

    ජය වේවා ..!!!!

    ReplyDelete
  7. වියළුණු සිතක තෙතමනයක් සොයනා
    ඒ සුන්දර අරුන්දතිය

    ReplyDelete
    Replies
    1. මොන තරම් ලස්සන යෙදුමක් ද මල්ලී... ස්තුතී

      Delete
  8. මට මගේ නොවන මගේම අර මොකක්ද වගේ දෙයක්ද මේ

    ReplyDelete
    Replies
    1. :) :) නැ නේ කුරහන් ,
      අහලා තියෙනවා නේද හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැණික් ඉන්නවා කියලා , ඒ වගේම තමයි හැම සාර්ථක ගැහැණිය ක් පිටිපස්සෙම ඔය මං කියන විදිහේ පිරිමියෙක් ඉන්නවා ශානී.. තනියෙම ප්‍රශ්න වලට මූණ දීලා විසද ගන්න කම් නිදැක්කා වගේ හැබැයි කරදරේ වැටෙන්න නොදී බලාගෙන ඉන්න කෙනෙක්...
      අත්දැකීමෙන් කොච්චර රණ්ඩු කරත් හිනාවෙලා මඟ ඇරලා බලන් ඉන්නවා දිනාගන්නකන්
      මේ කිව්වේ එහෙම කෙනෙක් ගැන :)

      Delete
  9. පරණ පොස්ට් එකක් කියල පස්සෙ කිව්ව එක හොඳයි. මම ඒත් බැලුවෙ යකෝ හෙට අනිද්ද චන්දයක්වත් එනවද කියල.

    මගේ පලවෙනි චන්දෙ චන්ද්‍රිකා නෝනට දුන්න. ඊට පස්සෙ ඉඳල අද වෙනකං කාටවත් චන්දයක් දීල නැහැ.

    ReplyDelete
  10. හෑ 🤔😳😳.. මොකක්? ඒ කොහොමෙයි වෙන පොස්ට් එකකට මේ කමෙන්ට් එක වැටිලා අලුත් පොස්ට් එක මැකුණේ..???

    🙈

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ අවුලක් ටික්කා
      සමාවෙන්න

      Delete