Saturday, July 2, 2016

මගේ එළියෙන් දිළෙන මමත් කණාමැදිරියෙක්


මහ රැ පාළුවට
තනිකමක්
නොදැනෙන්ට
බස්සන්ට අඩගහමු
කතන්දර ගොළුවෙද්දී
බස්සෝ "හ්ම්"
කියද්දෙන්
හ්ම් හඬට
එකතුවෙන
දුම් වළාවට යටින්
හීන් හිනාවක
ඉතිං මං
පෙලෙද්දෙන්
තරු කැට ගානට
ඉතිං ඇස්
නිවී නිවී දැල් වෙත්දෙන් 
වලාකුළු ගානේ 
නැවතී නැවතී එන  
සරා සඳ  නුඹට ..
තනි රකින  
කණාමැදිරි  පැටියෙක් 
මමත්.....
- මම එරන්දී -  

18 comments:

  1. කවි ලියල මං කවි කාරියක් නෙවෙයි කියන මගෙ නගෝ, මේ අපූරුවට ලියන එව්වට අපි දැන් දෙන නම මොකක්ද...

    කණා මැදිරි එළිය හඳට හුඟක් වටිනවා..හඳට එයාගෙම කියල කිසිම දෙයක් නෑ...එළිය ගන්නේ ණයට...කණාමැදිරි පැටිය එයාගේ එළිය එයාම හදා ගන්නවා.. :) :)

    ReplyDelete
    Replies
    1. අක්කියේ......... :) කවද හරි නමක් හැදේවි අක්කි. අක්කි, කෙනෙක් නිර්මාණයක් කලාම තව කෙනෙක් ඒක තමන්ගේ කරගන්න හැටි, වටහාගන්න විදිහ විතරක් නෙවෙයි නිර්මාණ කරුවා බෙල්ලෙන්ම අල්ල ගන්නවා දැකීමත් ඇත්තටම එක වගේ සතුටක්. අක්කිත් මාව බේල්ලෙන් අල්ලගන්න විදිහේ කෙනෙක්... එක පුදුම සතුටක් අක්කි. අක්කිට ගොඩක් පිං මාව බලනවට

      Delete
  2. මම කියපුවා සියල්ල ඉල්ලා අස්කරගතිමි. Bt එදා අටමා කියපුවත් සිහිතබාගන්න....

    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. නැහැ ඔබ කියපු දේවල් ඇතුලේ මට ඉගෙන ගන්න හිතන්න වගේම සතුටු වෙන්නත් ගොඩක් දේවල් තිබුණා , කටුසු. කව්රු හරි යමක් කිව්වම අපි එයි ගතයුත්ත ගන්න තරම් නිහතමානී වෙන්න ඕනේ.ඉතිං ඔබ වැනි දක්ෂයින්ගේ අදහස් හැම වෙලාවෙම මට මාර්ගෝපදෙශයක්. ස්තුතී කටුසු බොහොමත්ම :)

      Delete
  3. පුංචි කාලේ දකින්න ආස පුංචි සතෙක්..

    අපූරු පබැදුම එරන්දී...

    ReplyDelete
    Replies
    1. පුංචි අහිංසක වගේම තමන්ගේම අනන්‍යතාවයක් ඇති සතෙක්... ලියන්නට හිත ආස කළ උපමාවක් , ස්තුතී බොහොමත්ම නිර්මාණි :)

      Delete
  4. කණාමැදිරි පැටියෙක්
    මමත්.....

    ReplyDelete
  5. එරන්දි බ්ලොග් ලිවිල්ල නියමෙට අල්ලලා ගිහින් වගේ නේද.. අගෙයි අගෙයි ලියවිල්ල.. අපි ඉතින් හම්බුකරන්න වෙහෙසෙන නිසා කොමෙන්ට් කරන්න වෙලාව බොහොම අඩුයි.. ෆෝන් කටුවේ සිංහල කියවන්න පුළුවන් උනාට ලියන්න බැරි නිසා කමෙන්ට් කරන්න හිතෙන්නේ නැහැ නෙව.. මම හිතනවා එරන්දිට දැනෙනවා ඇති කියල බුකිය සහ බ්ලොගය අතර තියන සැබෑ වෙනස මොකක්ද කියල. ජය වේවා ..

    ReplyDelete
    Replies
    1. අම්බලංගොඩ...., මගේ පළවෙනි comment එකේ අයිතිකරු. ඒ දීපු අවවාද අගය කිරීම් ඉතිං හොදටම ඇති ලියන්න තව කාලයක්. විවේකයක් ලැබුනම ඇවිත් යන්න.
      වෙනසක් තියෙනවා එත් මම තාමත් එහෙත් ලියනවා... :)
      බොහොමත් පිං වැඩ තිබුනත් ටිකකට ආපු එකට.

      Delete
  6. හරිම ලස්සනයි.. පුංචි කාලෙ කාණාමැදිරි පස්සෙ දුවපු කාලෙ අනේ මටත් ඒ වගේ වෙන්න පුලුවන් නම් කියල හිතුවෙ මං විතරද මංදා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඔබට.. නැ ඔබ මම වගේ තව බොහොමත්.. ඉදහිට මම අදටත්.... :)

      Delete
  7. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. :) මම හිතුවේ ඔබ අදහසක් එකතු කළා කියලා.
      මම ලියන ලියවිල්ල මේ මෙසේයේ , එසේය යන්න පැහැදීම කියවන්නාට කරනු ලබන අසාදාරනයක් ලෙසින් මා දකින්නේ එයින් , කියවන්නා මවා ගන්නා චිත්තරුපයට හානියක් වන නිසාවෙනි.

      මෙහි සරළ අන්තර්ගතය නම් " බ්ලොග් ලියන්නට ආ ලියන්නට තරම් දේ නොදන්නා මම නම් කණාමැදිරි යා සඳ නම් බ්ලොග් අවකාශෙහි ලියන්නට දරනා උත්සාහයයි"

      Delete