Thursday, July 7, 2016

Confusion of Life :)

මම කියන දේ අහන්න, එපා ඔයා යන්න...
ඒ එයා ....  එයා මට විරුද්ධ උනා..
මට නවතින්න වෙලාවක් තිබුනෙත් නැ......


ඔහ් ඔය මොනවද දැන් ඔය හිතන්නේ.................  :)

මම කිව්වේ "නවතින්න  වෙලාවක් තිබුනේ නැ කියලා ", මම දෝණිව ලෑස්ති කර කර හිටියේ ; ඉස්කෝලේ යවන්න.

හිටපු ගමන් මටත් හිතෙනවා ටිකක් වගකීමෙන් වැඩ කරන්න.
අම්මා කෙනෙක් හැටියට දෝණිට ජිවිතේ හුරුකරවන්න මම ගොඩආආආක් උනන්දුයි..

"අම්මේ මෙයාට කියන්න දෝණි එක්ක බස් එකේ යන්න එපා කියලා,
අනේ අම්මේ දෝණි නම් කොහොම හරි යයි..
දන්නවනේ මෙයාගේ තරම.
මතකනේ අම්මේ අර එදත් කොළඹ පැත්තට යන බස් ඔක්කොම යන්නේ අපේ ගේ ගාවින් කියලා නැගලා තිබුනේ අපේ office එක ගාවින් යන බස් එහෙකට නේ.
අනේ අම්මේ අද මට වැඩ ගොඩයි.. ඇයි අම්මේ "ඉන්නේ කොහේද ඇහුවම අර වන්ගුවකුත් එක්ක ලොකු cutout එක ගාව"
අම්මේ වංගුවක් එක්ක තියෙන cutout කොච්චර තියෙනවද අම්මේ...... ඇත්තමයි මට අදනම් පොලිස්සි ගිහිං තමයි නවතින්න වෙන්නේ.... "

අප්පා කේලම් කියනවා කියලා මෙහෙමත් කියනවද... අම්මා කියන ඒවා මට ඇහෙන එකක් යැ... එත් මට sure එයාගේ   කතාවේ වේගෙට අම්මට උත්තර දෙන්න වෙලාවක් හම්බවුනේ නැ....

හනුමා ලංකාපුරේ ගිනිතියන්ට ඇත්තෙත් මෙහෙමම වෙන්ටැති :)

වැඩිය නොවෙහෙසවා  පරිස්සමට තියන් ඉන්න මගේ ටිකිරි මොලෙන් වැඩක් ගන්න මම හිතුවා.
බෝතල් බාගයක ප්‍රමාණයේ තේ එකකුත් හදාගෙන මම ගියා එයාව බැහැදකින්න :)
ඔහ් ඔහ් මුණදිහා කෙලින් බලන් නැත්තේ බයකට නෙවෙයි , ඉර දිහා උනත් කෙලින් බලන්න එපා කියනවනේ ඇස් වලට හොද මදි කියල , අන්න එකයි

ම්ම්ම් නැ කතා නැ... මේ අහන්ඩකෝ , ඔන්න මම යන්නේ නැ , වෙලාවට driver එවන්න.. card එකත් එක්කම :) :)

අප්පේ හිනාව "wife credit card එක ඉල්ලුවම ලෝකේ හිනාවෙන එකම මනුස්සය මෙයා වෙන්ට ඕනේ"

(හ්ම් ආව් ලස්සන..... පෝය දවසට චන්ද්‍රමණ්ඩලේ එක්ක පායපු පුර හඳ වගේ.... අනේ බැනේ ඔයාල එක්ක කතාවක් කියන්න.. මම කිව්වේ එයාගේ  දත් ටික ගැන මිසක් මුණ ගැන නෙවෙයි නේ.)

වැඩේ හරි, ඊළග mission driver නවත්ත ගන්න එක.
ඔහ් යන්තම් ඒ වැඩෙත් හරි.

ට්‍රින් ට්‍රින්....... අනේ ඔව් ඔව් මේ මම....ඔයාට පුලුවන්ද පොඩි උදව්වක් කරන්න... මට කියනවද අර බබාගේ ඉස්කෝලේ ගාවින් යන බස් වල නම් ටික... අයි මොකද හදිස්සිය නැ හදිස්සි නැ .. බබාගේ ඉස්කෝලේ පාඩමකට (එර්ර්ර්ර්ර් මනුස්සයෙක් දෙයක් ඇහුවාම කියා දෙන්නේ නැතුව )
ආ ආ ඔහ් ආ ආ ආඅආ හරි බොහොම ස්තුතී.
ඔන්න මම කොහොම හරි ගියා ඉස්කෝලෙට... හරි ගත්තා දෝණිව

පුතු , අපි අද අළුත් experience එකක් ගන්න හදන්නේ "ආයේ ඉතිං පොඩ්ඩිගේ  මුණේ මල් යායයි".
දැම්මා අත නැග්ගා බස් එකට
දෙයියනේ...... පොඩි එකී කොහෙන්වත් අල්ලගන්නේ නැ..... සර්කස් කාරයෙක් වගේ අත් දෙක අත ඇරලා හැම පැත්තටම විසි වෙනවා.. එකත් හා කියමුකෝ.. මහා හයියෙන් " අම්මි why don't you join me, it's sooo fun
අප්පේ කොන්දොස්තර මල්ලි එනවා කැ ගහගෙන "කව්ද ඔය ඉස්සරහට යන්න ඉඩ දෙන්නැත්තේ ... "
ඒ ඉතිං මගේ කෙල්ල
ආ බබා අල්ලගන්න මෙතනින් හයියෙන් කෝ ඉතිං .... අයියෝ වැටෙයි ඔයාව... අනේ මිස් මේ බබාව ගන්නවද පොඩ්ඩක්...
මහ යුද්ධයක් වගේ ......
ගන්න හැම වංගුවක් ම මෙයත් ගන්නවා....
ඒ මදිවට සද්දේ බ්රූම් බ්රුම් බ්රුම් "පොම්, පොම් "  ඒ පාර බස් එලවනවා......

ඔන්න ආයෙත් කොන්දොස්තර මල්ලි බෙරිහන්දෙනවා "ටිකට් ගත්තේ නැති අය මාරු සල්ලි දීලා ටිකට් ගන්න.....

පොඩි ඒකිගේ ඇස් උඩ ගියා...

"අංකල් මගේ ළඟ සල්ලි නැනේ.."  ඔරවගෙන හිටිය කොන්දොස්තර මල්ලිට හිනා ,
"අම්මි ගාව සල්ලි ඇති බබා "
ඔහ් පොඩි එකීට තව පුදුමයි 

"අපේ තාත්තිනම් අපිව වාහනේ ගෙනියන්න සල්ලි ගන්නේ නැ"
මුළු බස් එකම හිනාවෙනවා............ 
කොන්දොස්තර මල්ලි, පැන්චිට සල්ලි ගත්තේ නැ...

"කව්රු හරි කෙනෙක් මේ බබාට ඉදගන්න දෙන්න..............

අනේ ඉඩ දීපු  කෙනාට මම හැම ආත්මෙකම බස් එකක් ගානේ ලැබේවා කියලා පිං දුන්නා.

හමදාමත් මම දෝණිගේ වැඩවලට ගිහින් එනකම් මග බලන එයා අද නම් හරි ලස්සනට හිනාවුනා....

"Promise me you will learn how to drive your cute vehicle... Start lessons from tomorrow. "

ඔය දැන් ඔහොම කිව්වට කෙනෙක් පැය  දෙක තුනකට කලින් ගෙදරට එන්න පාර මගෙන් ඇහුවම උත්තර දුන්නෙත් එයාම තමයි. 

ඉතිං මම තීරණය කළා, ඇත්තමයි 

හෙට ඉදලා එයාව මගේ නිත්‍ය රියදුරු තනතුරට පඩි රහිතව පත් කරගන්න... :) :) 


එයා ගැන එහෙම හිතන්න අයිතිය තියන එකම කෙනා 

මම එරන්දී 




16 comments:

  1. මගේ යාළුවෙක්ගේ හාමිනා කෙනෙක් ඉන්නවා... පාරේ ඩැයිවර්ලගෙනුත් හොඳවයින් අහගෙන දරුවෝ දෙන්නත් අරගෙන කොහොම හරි කළුවර වැටෙන්න කලින් ගෙදර එනවා... හොඳ වෙලාවට උදේට පොඩි උන් යන්නේ තාත්තා එක්ක. නැත්නම් ඉතින් උන්ට ඉස්කෝලේ යන්න වෙන්නේ ඉන්ටර්වල් එකේ.. එයා කියන්නේ ඒක එයාගේ අවුලක් නෙමෙයිලු.. මේ පාරවල් වල වැරැද්දක් සහ පොලීසියේ වැරදි කියලා... ඉස්සර නම් රාජපක්ෂලාට තමයි බැන්නේ..

    ReplyDelete
    Replies
    1. කොහෙද උඹ කවදාවත් මං කියන එක පිලිගන්නව යැ , ගෑණු ඔක්කොම එකයි , i d ෆොටෝ එකයි නමයි විතරයි වෙනස් ,,

      Delete
    2. මාතලන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මම වගේ කෙනෙක් :) :)

      Delete
    3. @අටම් හරියටම හරි :) :)

      Delete
  2. අම්මියි පැන්චියි එකතු උනොත් ලෝකේ පෙරලයි වගේ...:) ලස්සනයි, රසයි ලියමන නම් නංගෝ...

    ReplyDelete
    Replies
    1. :) එකනේ අක්කි. බොහොම ස්තුතී අක්කියෝ

      Delete
  3. /*"අංකල් මගේ ළඟ සල්ලි නැනේ.." ඔරවගෙන හිටිය කොන්දොස්තර මල්ලිට හිනා */
    පොඩි අය නං ෂෝක් ඔය වගේ වෙලාවට ... හිතේ තියෙන බර ඔක්කොම නැති වෙනව...

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත, හිතට් එන දේ කියනවා, එපා කියලා නවත්ත ගන්න බැ :)

      Delete