Friday, July 22, 2016

ඔබ එක්ක මම වැලි කැටයක්

Biographyයකට 
පිටු දාහක් පුරන්න 
ලියාගෙන යන්න 
එක හුස්මට 

හරියටම ඔබ 
කථා උල්පතක් 

Fantasyයකට 
රූප මවන්න 
ඔබේ හිනාව 
හරි ලස්සන 
හීන Factoryක් 

ඉගෙන ගන්න 
තරම් වටින 
ඔබ Philosophyයක් 

අදහන්න වටින 

ඔබ ඇත්තටම 
LEGENDARYක් 


නැවතීමක් තියන්න 
හදන ඔබේ කථාවේ 
ඔබ ඉන්නේ 
කොමාවකින් 
ආයෙත් පටන් ගන්න තැන..

සිනේරුව මුදුනේදී 
අරුන්දතීය ගෙන, 
දියමන්ති එළි අස්සේ 
පළඳන දවස වෙනකම් 
මේ මහ පොළවට යට නොවී.. 
එක ඇහි පිල්ලමකට 
බොදවෙන්න ඉඩ නොදී 

මං 
බලන් ඉන්නවා... 

බලාපොරොත්තුවේ 
ඔක්සිජන් 
පෙනහළු වලට පුරවාගෙන....
සිනේරුව පාමුළ 
සිනිඳු වැලි කැටයක්ව 
තවත් එකම එක........ 

I don't think it meant for me.. But for whoever it is.... The person is blessed 



මම එරන්දී :)  

17 comments:

  1. දැන් කවුද අප්පේ මේ ලේජෙන්ඩ් එක...පහුගිය පෝස්ට් ඔක්කොම කියෙව්වට කමෙන්ටුවක් දාන්න බැරි උනා නගෝ...දන්නවනේ මේ දවස් වල... :)

    ReplyDelete
  2. King Mongkut (Anna and the King) අවුරදු 18 දී විතර බලපු ලස්සන චිත්‍රපටියක් අක්කි.. හිතන්නේ අක්කිත් බලලා ඇති. මේ ගැන මම ගොඩක් ලියලා තියෙනවා, එත් මට එපා වෙන්නේ නැ.. :) :)
    එකට කමක් නැ අක්කියේ. මං දන්නවා :)

    ReplyDelete
  3. මම හිතුවෙ මේ අටම්පහුර බ්ලොග් එක කියවලා බුද්ධිකාට ආව සිතිවිල්ලක් කියල නොව...බලාගෙන ගියාම නෑනේ...හපොයි...!
    හිත නිකන් ඩවුන්ද පල්ලම් වගේ උනා...!

    ReplyDelete
  4. @Chef-Architect, ඔබට පහල වෙන්නේ හරි පුදුම සිතිවිලි නේ.... :) :)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් මකන්න එපෝ...

      Delete
    2. කමෙන්ට් මකන්න එපෝ...

      Delete
    3. අටම්පහුරJuly 23, 2016 at 1:14 AM
      හැ මොකක්ද ඒ හරුපේ ....ඔහේ Anna and the King බලල නැතෙයි

      Delete

      chef-architectJuly 23, 2016 at 1:52 AM
      Anna බලල තියෙනව..king තාම දැක්කේ නෑ..ඒකයි...

      Delete

      මැකුවේ නැ, වැරදීමක් වගේ

      Delete
    4. මගේ බ්ලොග් එකටමයි මේ සේරම අලකලංචි

      Delete
  5. @අටම්, Chef-Architect ගොඩක් පොඩි කාලේ වෙන්න ඕනේ ඔය Film එක ආවේ. :)

    ReplyDelete
  6. @අටම්, Chef-Architect ගොඩක් පොඩි කාලේ වෙන්න ඕනේ ඔය Film එක ආවේ. :)

    ReplyDelete
  7. @Chef-Architect, ඔබට පහල වෙන්නේ හරි පුදුම සිතිවිලි නේ.... :) :)

    ReplyDelete