හිතක අස්සක - ඇසක අගිස්සක
මතකයක කෙළවරක
ඇරඹුමක නැවතුමක
ඉකියක රිදුමක
සිනාවක කතාවක
අහිමිව ඇත ඉතිරිව
රිදවන දුක හිතෙන
ආදරයක මතක..ඔබට මට
මා ඔබටද
ඔබ මටද
කියා නැති...
උවම් කළ නළලත
හාදුවක සිරවී...
ඉබේටම පහල නොවුණු සිතුවිළි ගැට ගහන
මං
එරන්දී
ආදරයක මතක..
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
මං
ReplyDeleteඅටං
( චූටියට )
ඒකත් අපූරු කමෙන්ට් එකක් අටම් :)
Deleteමම අද වෙද්දි ඕවා දකින්නෙ අපතේ ගිය හැඟීම් විදියට.
ReplyDeleteඑහෙම හිතන තරමට ජිවිතේට මුණදෙන්න ලේසි කොච්චි, හිතක් කියන්නේ වැටක් ගහල සිතුවිළි හිරකරන්න පුළුවන් තැනක් නෙවෙයි නේ. ඉතිං මිනිස් මේ හැම සිතුවිල්ලක්ම මානුෂියයි , ඒ මට හිතෙන හැටි. ස්තුතී obata
Deleteතැවෙන සිත නිතර තැවුණාවේ
ReplyDeleteනයන කඳුලින් නැහැවුණාවේ
දැනෙන හාදුව කීරි ගැහුණාවේ
දුවන ඒ පෙම ඵලක් නැතුවාවේ.......
ජයවේවා!!!
අති නැති වන ලොවක
Deleteසොයනවා මිසක
අරුත ජිවිතයක
පලක් නැ සුසුම්ලන මතක
තුරුණු හදක....
ස්තුතී දුමින්ද බොහොමත්ම මේ ලස්සන අදහසට.
ඉඹේ පහළ නොවුණ මේ සිතුවිලි පිටිපස්සේ මහා කතාවක් ඇති නේද???????????? පද ලස්සනයි
ReplyDeleteඇත්තටම ඔව් කුරුටු, නිරායාසයෙන් ලියන්න ඔබ වගේ හපනෙක් නොවන මට මේ සිතුවිල්ල පහල උනේ කටුසුගේ http://katusuhadawatha.blogspot.com/2016/11/blog-post_3.html#comment-form නිර්මාණය දැක්කම. comment එකක් හැටියට පලකල අදහස හොඳයි වගේ හිතුන නිසා අළුත් ලේබලයකින් "ඉබේ නොලියවෙන සිතුවිළි " හැටියට පලකරන්න හිතුවා.
Deleteඉතිං ස්තුතී ඔබටත්
අපිම ඉන්නඕනේ ඉතින් ඒගොල්ලන්ට මේවා ලියවෙන්න.
ReplyDeleteහිතලා ලියවෙන ඒවටවඩා නොහිතා ලියවෙන, අහම්බෙන් ලියවෙන කවි, ලිපි ලස්සනයි කොහොමත්
එකනම් ඇත්තම ඇත්ත කටුසු :)
Deleteස්තුතී ඔබට
මම දැන් නම් හිත අස්සේ තියෙන මතකයේ කෙලවරට යන්නේ නෑ. මට බය හිතෙනවා. හරියට පරණ ගෙයක් ඇතුළට යනකොට හොල්මන්වලට බය වෙනවා වගේ.
ReplyDeleteඑයා නම් හැබවටමත් මට බය වෙනවා උදේ හවස දැකලත් :) :)
Deleteහ්ම්ම් ආදරයක මතක
ReplyDeleteලස්සනයි නංගෝ...මේ ටිකේ වැඩ වැඩියි හොදටම...බ්ලොග් වලට අවේ නැහැ
ReplyDelete