Wednesday, June 29, 2016
කොන්ක්‍රීට් ගොඩකට ආදරේ කරන්න මට පුළුවන්...
කණට ඇහෙන සමහර ගීත විතරක් නෙවෙයි, සමහර සුවදක් උනත් අපිව හිතින් මහ දුරක් එක්ක යනවා. ඒ සතුටු මතකයන් කරා විතරක්ම නෙවෙයි, දුක හිතෙන කාල වකවානු හරහා වගේම ජිවිතේ සංක්‍රාන්ති පරිච්ඡේදයන් හරහාත්..
අව්ව වැස්සවත් අනුකම්පා නොකරපු එක්තරා කාලයක ජිවත් වෙන්න බලාපොරොත්තු අපි ඇහින්ඳ කාලයක් ඒක. ගහක් කොළක් මලක් වැලක් වත් නොයිවසන වියෝවක කෙළවර කාත් කවුරුත් නැති දුරු රටෙක තනිවුනු ඒ මතකයට ලස්සනක් එකතු කලේ ඔබ.... බලාපොරොත්තු එකතු කලේ ඔබ
අපි ඔබට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ නුහුරු නුපුරුදු නමට... උගත් වියතුන් වගේ අපි ඔය නමේ අරුත් විග්රහ කලේ පද බෙදලා... එත් විස්වාස නැති තැන අපි බැලුවා ගැනලා .... මොනවාද ස්වර, ව්‍යංජන , තද්ධිත , සාමාස නැ පඩි , කොයි හැටි වෙතත් නමේ තේරුම හොයන්නම අපි වරු ගණන් ගිල්ලා :) , ඔබට නම තියපු ඇයෝවත් දන්නවද මං දා සැබෑ අරුත ඔබේ ..??
අවිවේකී ඔහු නැති පාළුව මකාගන්න දොනිටත් මටත් වෙන විකල්පයක් තිබුනේ නැ ඔබේ රැකවරණය හැරෙන්නට. කොන්ක්‍රීට් වනන්තරේක දුඹුරු පාට කොළ අතු අස්සේ පෙනහළු පිරෙන දුවිල්ලෙන් හුස්ම හිරවෙන අපි , හොද හුස්මක් ගත්තේ ඔබේ උණුහුමට ගුලි වෙලා.
අපි හිතුවේ ඔබ අපේමයි කියලා, දෝණි හුරතල් උනේ ඔබ එයාගේ නිදහස කියලා හිතාගෙන. ලස්සන පුංච් වරෑන්ඩාවක දෝණි ත් මමත් කොදුරපු පුංචි පුංචි කතන්දර සිංදු තාමත් මග බලනවා ඇති. හැමතැනටම එක වගේ වැටුණු ඉර එලිය දුක හිතුනු මගේ හිතට පහන් එළියක් උනු වාර ගාන ඔය මුළු බිමටත් වඩා වැඩි ඇති...
හිත ආදරේ කලේ ඔබෙන් ලද රැකවරණය , හිතට දැනුනු නිදහස පිරිසිදුකම මේ හැමදේම හින්දා වෙන්න ඇති...
දවස ගානේ දියුණු වෙන්න කියලා හිතපු ඔබ, දවසක දෙකකට එහා ගිය කෙනෙහිලි කම් වලින් විදවන බව දැනුනු දා තද කරගත්තු හිත , ඇහැ කොණින් වත් නොබලන්න තරමට මං හිත දැඩි කරගත්තා..
කොයි තරම් මම අහක බලං ඔබව පහු කරගෙන ගියාද ... දෝණි අත දිග ඇරලා කැ ගහනවා "අම්මි අපි අද මෙහේ යමුද "
ඉතිං මට ඒ කැ ගැහිල්ල ඇහෙන්නෙම නැ......
ඒත්
අද මං ආයෙත් ආවා ඔයාව බලන්න
"මම එලියට ආවේ ආයෙත් කවදාවත් මං එන්නේ නැ මයි" මම හිතපු දේ , මට කලින් දෝණි කිව්වා....
එහෙම හිතාගෙන ගෙදර ආපු මම කල්පනා කලේ, මිට අවුරුදු තුනකට කලින් ආයෙත් යන්නේ නැ කියපු මම අද ගියා.... ඔව් මම ආයෙත් යනවා... අමතක කරන්න බැරි අපේ මතකයට මං ආයෙත් පිරිත් පැන් ඉහිනවා.....
ඔව්
එහෙම හිතන්න පුළුවන් මටම විතරයි..
මම එරන්දී
Labels: මං එරන්දී
අරුම පුදුම හිත

Tuesday, June 28, 2016
නිකමට වගේ කියන්නේ :)
අනේ
මොකට හෙමිහිට
අපායටත් කලින් යන්ට
අනේ ඉතිං තව ගන්ට
ගෙදරටත් ගෙනියන්ට
බයිට් ගෙන්නා ගන්ට
එත්
මදි වෙනකොට
කැමතිනම්
උන්දවත් බයිටට ගන්ට
හා නේ මක් වෙනවද
කාණුවක පේමන්ට් එකක
ටිකක් ඔහේ ඇලවෙන්ට
කාලයක් යනකොට
ලේ නහර පිරවෙන්ට
කටු ඇනලා
සේලයින් පුරවන්ට
හිස් බෝතල්
පොඩි ලොකු කොටු
හරි හුරුබුහුටි
කාසි කර
කැමතිනම්
privet යන්ට,
ආණ්ඩුවේ
ඒවායේ ප්‍රස්න නැ
free wifi නැ
තනියට
wife ඉන්නෙත් නැ
පස්සේ පහු බැරිමනම්
අක්මාව ගලවන්ට
ගලවලා
බෙංගාල බොක්කට දෙන්ට
"අන්තිම රෝදේ "
කලින් ලියලා දෙන්ට
මතකැ'තුව
address එක දෙන්ට
මතක බණ
පහුකරලා
පොඩි උන්ට
හිනාවක්
ගෙනිහින් දෙන්ට
තරහකට කිව්වා එහෙම නෙවෙයි ඔන්න, උදව්වට පහසුවට , සුදානමට ඉතිං මතක් කලේ යුතුකමට
Ofcourse yes , you have to maintain your status
Ofcourse yes , you have to maintain your status
so
කැමතිනම්
Marlboro light
Why not
but I'd rather prefer
CAMEL
"අනේ ඉතිං
තව ගන්ට
Dram
බෝතල් වෙන්ට
නැත්තම්
ඒදන්ඩේ නොගිහින්
ඇලෙන් බැහැලා යන්ට "
ඉතිං
ඔව් ඔව්
මම
එරන්දී :)
Labels: මං එරන්දී
ඔන්න මං කිව්වා

Saturday, June 25, 2016
ඔරවන සිවිලිමට විරිත්තන ගමන් තට්ටු අටක උඩ හිටං ලියමී
classic නැති මට classic පිංතුරයක් ගන්ට ආසයි;
පින්තුරෙට ඔබින රූපයක් හෙවත් photogenic නැති මම හොල්මනක් ගානයි,
තරු පහේ හෝටල් යන්ට කාසි නැති කමට
කොහොමත්
මුණ නොපෙනෙන එක හොදයි...
phone කට්ට නොපෙනෙන තරමට ඇත්තමයි මට සතුටුයි
අපිට කැකිරි මිස ඇපල් හොදටෝම අගුණයි... :)
වෙන සෙනසුරාදා ඉරිදට මට වැඩ අධිකයි
එත්
මාස තුනකට එක සෙනසුරාදාවක් මට නිවාඩුයි.
ඒ නිවාඩුවත් පුදුමයි,
කටු ගසා dye යවයි
ගල් ගුහාවක බහා
හුස්ම හිර කරවයි
film ගත්තු තරමට
සත්තයි දිව්වනම්
මෙලහටත්
මොන blog ද
මම හොලිවූඩ්
නැතත්
බොලිවුඩ්
sure තමයි :)
:) ජිවිතේ හැටි ඔහොමයි
හිනාවේ තරමට ආයුෂත් බොහොමයි;
ඉතිං
අපි උදේ පාන්දරම එනකොට මට නිකමට හිතුනා ඔහ් නිරාගමිකයි කියන්නේ මොකද්ද ???
ඇහ එතකොට බව්තිකවාදියා කියන්නේ කව්ද...??
ඔය මොකක් හරි හිතුනොත් හිතේ තියාගෙන ඉන්න එක හොද මදි (ඒ මගේ ක්‍රමේ ) අහන්ඩ ඕනේ හම්බවෙන පළවෙනි කෙනාගෙන්ම (බල්ලෙක් පුසෙක් නැත්තම් අඩු ගානේ හ්ම් කියන බස්සෙක් ගෙන් උනත් කමක් නැ, අමතක වෙන්ඩ කලින් )... මට හම්බවෙන පළවෙනියා ඉතිං හොදට නරකට දෙකටම එයා.... :)
හැබැට බව්තිකවාදියා කියන්නේ කාටද..?
"ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් දෙවියන් බුදුන් සහ විද්‍යාවෙන් ප්රත්යක්ෂ නොකළ සියල්ල බැහැර කරන්නනන් "
"ඇහ ඒ කියන්නේ දැන් ඔයා බව්තිකවාදියෙක් ද ???"
හී හී පුදුම වෙනඩ එපා එයා හරි ; අයියෝ හරි කිව්වේ ඔය "වාදී" කතාව නෙවෙයි , එයා සැක පහළ කීරීම , ඔය නොදන්න හැම දේම හොයන මම තාම සෝවාන් නොවුන ටික විතරයි නේ..... :) :)
මම උත්තර දුන්නා
"නැ මම myth එකක් "
ර්ර්ර්ර්ර් අර හිනාව
"නැ ඔයා මිට්ටෙක් "
ඔහ් එපා වෙන්නැද්ද මාව මේ තරමට සව්තු කරලා....
එහෙම හිතනකොටම.....
මහා කරුණාවන්ත බැල්මක් එක්ක කදුළු පුරෝගෙන එයා කිව්වා
"නැ ඔයා miracle එකක්"
එක අතකට ඔබට වගේම එයාටත් හිතුනොත් හොදට හම්බ කරලා දෙනවා "ලෝකේ ඉවසිලි වන්තම මිනිස්සුන්ට", කියලා ලොකු සම්මානයක්;
එහෙම
හිතන
මම
Labels: මං එරන්දී
ඔන්න මං කිව්වා

Thursday, June 23, 2016
කොහොම උනත් මං දිනුම්
වියදමකුත් යන්නේ නැති එකේ, මගේ කතන්දර, ගෙදර ඉන්න පුසා බල්ලා වත් අහගෙන ඉන්නේත් නැති එකේ මං හිතුවා ඔන්න ඔහේ බ්ලොග් එකේ ලියලා දාන්න.
එහෙම හිතාගෙන ලියන්න ගත්තට එකපාරට මට නහය පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා එතකොටයි මතක් වෙන්නේ ළිපේ තියපු එළවළුවක් කරවෙලා ඇතිලියක් මට තර්ජනය කරනවා
"එක්කෝ මාව බානවද නැත්තම් මෝටාර් මල්ටි බැරල් එවන්නද"
හොදවෙලාවට මේ දවස්වල අපේ අම්මයි එයාගේ අම්මයි දෙන්නම ගෙදර නැ.. :) :)
නැත්තම් දෙන්නගෙන් එක්කෙනෙක් මේ වැස්ස දවස් වල තරහකට නෙවෙයි දර හොයන්න තියෙන කරදරේ හින්දම දානවා ලැප්ටොප් එක ලිපට... පටස්
ගේට්ටුව ඇරෙනවා ඔහ්
එයා එනවා.... උයලා නැ.......
යන්තං බත් එක හරි......
අනේ බලන්ඩකෝ මේ වැස්සක් කරපු අපරාදයක තරම.....
එළවළුවක් මාළුවක් ගන්න බැ ගිණි ගණන්... කමක් නැ නේ ද අද අපි පොල් සම්බෝලයි බතුයි කමුද ....?
එයා හිනාවෙනවා
ඒ හිනාවයි බැල්මයි නිකන් මොකද්ද මොකද්ද වගේ....
හොදට උගුර පාදුවා.....
ඉතිං වැඩේ හරිම තමයි....
ඔන්න හෙමිට පොද ගහන්න පටන් ගත්තා
"අනේ කමක් නැ , කොච්චර හොදද , අද කාලේ පොල් සම්බෝලයි බතුයි කන්නත් අපි පිං කරන්න ඕනේ.."
මට "ඔව්" නෙවෙයි "හ්ම්" කියන්නත් බයයි....
මම බොහොම තැන්පත් මුණක් හදාගෙන හා පැටියෙක් වගේ බැලුවා
ඊ ඊ හිනාව වැඩි වේගෙන එනවා
"නැ මං කිව්වේ ඔයා පහුගිය දවස් ටිකේම කිව්වේ පොල් හරි ගණන් පොල් සම්බෝලයක් කන්න අපි සිටුවරු වෙන්න ඕනේ කියලා"
දෙයියනේ.................
"අනේ ඇත්තට මං දන්නවා ඔයා මොනතරම් පිරිමහලද වැඩ කරන්නේ කියලා "
ඉන්න විදිහටම වැඩිය හෙල්ලෙන් නැතුව මම මේසේ යට වේලෙන එළවලු වට්ටිය කකුලෙන් තල්ලු කළා තව ඇතුලට. මෙයාට තියෙන්නේ ඇහැක් නෙවෙයි spy cam එකක්
මං එක හිතුවෙත් පුර හද ගානට හිනාආආආ වෙලා...
"ඇත්තමයි ඔයාගේ ලිවිල්ලයි ඉවිල්ලයි දෙකම දඩිබිඩි"
අහ්හ් මට මහ දවල් 12 ට තරු පෙනුනා; ඒ කියන්නේ එයා මගේ බ්ලොග් එකත් බලලා....
ඔන්න point එක..... හා පැටියා වේගයෙන් ඉතාමත් වේගයෙන් කෙනෙරක් බවට පත් උනා....
ඒ කියන්නේ ඔයා office ගිහින් වැඩ නොකර online නේ.....??
හරි ෂෝක් ඉතිං කොහොමද රටක් දියුණු වෙන්නේ... අහ්හ්
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඔයාලා මෙතන හහ්.... ඉතිං ආයතනයකට හරි යයි ද මං අහන්නේ අහ්හ්....
හොර ඇහෙන් බලනකොට කටේ ඔබාගත්තේ බත් එකේ අන්තිම කට... ඔය මදැයි.... යන්තම් ඇති
දෙයියනේ කුස්සියට ගිහින් බලද්දී දැක්කේ පොල් සම්බෝලේට දෙහි දාලත් නැ... කමක් නැ හොදට ලුණු ඇඹුල් දැම්මනේ මං..... :) :)
(ඉස්සල්ල කිව්ව වචන ටික මම අල්ල ගත්තේ ලොකු දේශපාලන කතාවකදී ඉස්සරහා ගෙදර මාමා හවසක උදැල්ල ඉල්ලගන්න ආපු වෙලාවේ කිව්වේ )
එයත් අත ඇරියේ නැ ගේට්ටුව ලගට ගිහින් ආපහු ඇවිත් ආආආආ "දඩිබිඩි"
එහෙම කිව්වට
එරන්දී
එරන්දී
මම එරන්දී :)

Monday, June 20, 2016
අට්ටාලයේ සිට පට්ටල් කීරීම හෙවත් තණකොළ පෙත්තා ගින්දරට පැනීම..
දඩොන්.......
මං වැටුනා.... වැටුනේ කොහොමද කොහෙටද මට තාම හිතාගන්න බැ.......
ආ ඉතිං හිනා නේ ද.... හාහ් මම වැටුනේ බිමට නෙවෙයි; අර වඳුරට දැලි පිහිය ලැබුන එකෙයි මම බ්ලොග් හදන්න පටන් ගත්ත එකෙයි ලොකු වෙනසක් තිබුනේ නැ.... ඉතිං හිනාවුනාට ඇත්ත කථාව එකයි.
මම මුලින්ම බ්ලොග් කියන වචනේ ඉගෙන ගත්තේ, මගේ පැන්චිට ගව්මක් මහන්න "BLOCK" හොයන්න ගිහින්. ඉන්ඩකෝ කියන්ඩ
ඔය පිට දේසේ බාසාව බැරි මම google search කරලා තියෙන්නේ අකුරු වැරදිලා "BLOG" කියලා
අන්තිමේට පිහිට උනේ ඕන්න ඔය W අකුරෙන් ආපු ව්ස්තරේ.
එතනින් එහාට තමයි තේරුම් ගත්තේ ඔය කොයි විස්තරෙත් හොයන්නේ , තියෙන්නේ එහෙමයි , මෙහෙමයි අරහෙමයි කියලා. එතනින් එහාට බ්ලොග් කථාව අමතක උනා.
දවසක් පොකුරු වැහි අක්කා බ්ලොග් එකක් හැදුවා කියලා මට ලින්ක් එකක් දුන්නා. ඒ ලිවිල්ලට මං පුදුම කැමතියි.
පොඩි එකිට පින්තුර හොයන ගමන් බැලුවා අර ලින්ක් එකේ විස්තරේ. අප්පේ පුදුම ලස්සනයි , මාත් අපේ දෝණි වගේ මොනදේ උනත් හිතට ආපු දේ කියලා ලියලා දානවා. දැන් උගතුන් අතරේ මටත් ඕනේ උනා පොකුරු වැහි අක්කට කමෙන්ටි එකක් දාන්න... මෙන්න එතකොට එතන අහනවා
"ඇයි ඔයාට බ්ලොග් එකක් නැද්ද...? මෙන්න මෙතනින් ගිහින් ඔයාගෙම කියලා බ්ලොග් එකක් හදාගන්න " ඔන්න ඔය වගේ...
ආයි ඔන්න පළගැටිය හිත නලියාගෙන ආවා.... හහ් මෙන්න, කියන කියන විදිහට කලාම මෙන්න මගේ නමට බ්ලොග් එකක්
දෙයියනේ ඔන්න ඒ පාර කියනවා ලියන්නලු....... අනේ මම මොනවා ලියන්නද.......??
ආ ඔන්න ඉතිං පළගැටි හිත නලියනවා... මේකේ වැඩ ගොඩයි... මාරයි :) පටන්ගත්ත ලියන්න හිතට එන හැමදේම....
පොකුරු වැහි අක්කා බලන් ඉන්නවා මොකද වෙන්නේ ඔන්න කැ ගහනවා නැගේ follower gadget, syndi.... හහ් අක්කා දවසක්ම දෑගළුවා අහම්බෙන් හැදුනු කුතුහලයෙන් හොයාගත්තු මගේ බ්ලොග් එක හදාගන්න.
පළවෙනි කමෙන්ට් එක අම්බලංගොඩ අයියගෙන්.......
මේක මාරයි නේ... පොඩ්ඩි ඉස්කෝලේ ගිහාම වලං හෝදන ගමනුත් මම ලිව්වා.....
ප්‍රවීණයන් නිතර ආවා ගියා.. ඒ ඇගයීම මොනවාම හරි ලියන්න හිතට බලකලා.....
ගේ අතුගාන ගමන් බ්ලොග් එක ලස්සන කරන්න ගැජට් එල්ලුවා..
හදිස්සියේම පොකුරු වැහි අක්කා
"නගෝ බ්ලොග් එකේ අවුලක් ඔයාගේ updates පේන් නැ ...... අන්න එතකොටයි
දාඩෝන්
ගාලා හිත කඩාගෙන වැටුනේ...
Wiki මට රැව්වා
මම ගියා පිහිටක් හොයාගෙන
ඔය කිව්වට මාව මග ඇරියා
1.blog එක back date කළා...
ඒ මොකක්වත් හරිගියේ නැ..... අන්තිමට හිත හදාගත්තා 2.පොස්ට් ටික save කළා.
3.බ්ලොග් එක permanently DELETE කළා.
4.පරණ URL එකටම අළුත් බ්ලොග් එක හැදුවා...
5.ඔබ මාව කලින් fallow කරපු නිසා මගේ පොස්ට් පේනවා 6.එත් දැන් මගේ followers ලා නෙවෙයි.
මේක ලිව්වේ මේ අලකලංචිය ඔබට වගේම මටත් දැනෙන්නේ
"පලන්චියක් උඩ පට්ටල් වැඩ කරකර ඉන්න ගමන් බිම වැටුනා වගේ නේ "
ඒක එක හේතුවක්
අනික් හේතුව
තව කෙනෙක් ගේ බ්ලොග් එකකට පාර හදන්න කියන link එක Add කරගන්න එපා කියන්න... මට වැරදුනේ එහෙමයි. මට වැරදුන තරම වැඩිත් එක්ක, ඒ නිසා ඔබ අත් වරදින් වත් වරද්ද ගන්න එපා
තව දෙයක් ඒ කිව්වේ සින්ඩි වලට පාර කියන Link ගැන නෙවෙයි.
හිතුවේ නැ ආයිත් හිටගන්න පුළුවන් වෙයි කියලා මේ
"බ්ලොග් පොළොවේ දෙපයින් "
හහ් තෝමස් අල්වා එඩිසන් 999 වතාවක් උත්සාහ කරලා විදුලි බල්බය හොයා ගත්තට මට බැ බ්ලොග් මක මක ලියන්න මොකද
මේ
මං එරන්දී
එකයි :)
Labels: මං එරන්දී
ඔන්න මං කිව්වා

Friday, June 17, 2016
ලියවිල්ල
මගේ හිතේ තියෙනවා මාර plan ඇත්තමයි.
ඔන්න එක පාරටම හිතට එනවා ලියන්න.... ලස්සනට කාලෙකට හිතට දැනෙන රසකට , මතක
හිටින්න ;
ඔය ඉතිං , කියන්න කලින් හිතලා ඉවරයි නේ .......? හිතුව නේද"අනේ මෙයාගේ මතක හිටින්න ලියන ලියවිල්ල "
වැරදි වැරදි හොදටම වැරදි ........
මම මේ කවි , නිසදැස් , කෙටි කථා, දිග කථා හෙවත් නවකථා ඔය එකක් ගැනවත් නෙවයි නේ කියන්න ගියේ
කළවන් මැල්ලුමක් ගැන.
මම හැමදාම, ඔය හැම අම්මෙක් වගේ ම කෑමට පෙර කෑමෙහි ගුණ ගායනා කරනවා :)
ඒකට හේතූ ගොඩකුත් තියෙනවා
#එකක් ළමයි විතරක් නෙවෙයි වැඩිහිටි අපි පවා කන්නට අකමැති කෑම ගැන, දෝණිට
අමුතු පුදුමයක් ඇති කරන්න :)
#ඒත් වැදගත්ම කාරණාව කියන්නේ දැන්, ඔය මොන දේ ඉව්වත් රස ගැන වගකියන්න මටත් බැරි නිසා
රස මවන්නේ වචන වලින්; ඊට පස්සේ ආදරේ ඉතුරු 50%ට එකතු කරලා කවන්නේ ලස්සන සුරංගනා කතාවක
දෝණි වාඩි කරවලා.
කොහොම කිව්වත් "එයා" හැමදාම බත් එක දිහා බලලා අහනවා අර දෝණි ට කිව්ව කොන්ඩේ දික්වෙන්න කන
මැල්ලුම කෝ ............
ඔය කිව්වට, හිතෙන් ලස්සන කොළ පාට පළා මැල්ලුමක් ලිව්වට :) අම්මා ගෙදර ආපු
දවසක මිසක් මං ලියාපු පළා මැල්ලුමක් නැ .
අඩු වැඩි වශයෙන් ඇති හැකි පමණින් අපිත් ඔබ වගේම, අපේ
දෝණිට ගුණ පිරි රස මසවුළු වලින් කුස පුරවනවා.
වාරණ නැතත් අපේ ගෙදර ස්වයං විනයකට අණුව, හොරෙන්
රූපවාහිනී ය බැලුවත් දෝණි එක්ක අපි රුපවාහිනී බලන්නේ නැ.ඔබේ දරුවා වගේම කුතුහලය
පිරුණු හිතක් ඇයටත් තියෙන්නේ;ඒත් පහුගිය දවස්වල
සිද්දවෙච්ච දේවල් නිසා, පාසල් කෙටි නිවාඩුවක් ලද පුන්චිත්ති, ගෙදර පුටු තිබුනට ලෝකේ සැප
පහසුම පුටුව හැටියට තෝරා ගත්තේ තාත්තාගේ උකුළ , ඔන්චිල්ලාවක් උනු සරම ඒ විතරක් නෙවෙයි
තාත්තාගේ උරහිසේ වාඩිවෙලා හිටියා මට හොරෙන් , මාත් බැළුවා හොරෙන් .
ඔහොම ඉන්න දවසක රැ 7.30 ට විතර ප්‍රචාරය උනා නාට්‍යයක් ,
මං දැක්කා පොඩි එකී ඔරවනවා රූපවාහිනී යට , (මොකද
මමත් රූපවාහිනියට සවන්දෙන්නියක් මිස නරබන්නියක් නොවේ .)
පුන්චිත්ති බිමට පැන්නා තාත්තගේ උකුළෙන් , කදුළු
පුරෝගෙන අහනවා "එයාගෙන්"
"තාත්තිත් office ගියාම ආන්ටිලා එක්ක වැඩ කරන්නේ ඔහොමද ?"
ක්ෂණික ව රූපවාහිනීයට ඇස ගිය මට උගුර කට වේළුනා ,"ආන්ටි කෙනෙක් office ගිය තාත්තා කෙනෙකුගේ
උකුළ උඩ.......... "
මට ලෝකේ හදන්න බැ තනියම, ඔහු රූපවාහිනිය අක්‍රීය කලේ හරියට "මේක මම පොළවේ නොගහන්නේ, මේවාට
ගෙව්වේ මගේ දාඩිය වලින් " කියන්නා වගේ ;ඔහු නොකී කථාව, අසරණ
ඔහුගේ ඇස් අස්සේ රණ්ඩු කරලා බැරි තැන බිමට පැන්නා.
කාටද මේ... කාගේ රසාස්වාදනයටද මේ වා හදන්නේ...?
පරිස්සමට, ඔහුට වගේ ම ඔබටත් අද ප්‍රවුර්ති අහන්න channel මාරු කරද්දී ඔය දේම වෙන්න
පුළුවන්...!
දෝණිව කිටි කිටියේ තුරුළු කරගෙන ඔහු බඩගින්නේ නිදාගත්තේ , හිතේ
ගින්න නිවා ගන්න වෙන්න ඇතී.
එදා ඉදං රසට ලස්සන කොළ පාටට පළා මැල්ලුමක් හදනවා
අම්මගෙන් දුරකථනයෙන් හරි අහගෙන.. :)
මම එරන්දී

වෙච්ච දෙයක්
මහා සයිරන් හඩක් නංවන්අස් නිලංක'ර එළිත් දල්වන්ආපු පිම්මට ගෙයම දෙදරන්දැනන් උන්නා මං විපත්තියේ තරමනංනිවී නිවී දැල්විලාඑළිය හොදටම අඩුවෙලා
බර හුස්ම හරි වැරෙන් අද්දලාඅපි අතරමං කළාපොඩි එකී අඩවලාමහ පාළු රෑ ජාමේවිදුළි පංකාවක්
ඉතිංඅපිට කොයින්ද ජෙනියක්ගුගුරුවා නිල් අහසක්ඊයේ මළගම් ගියාබියවැදුණු පොම්පයක්පිපාසෙට පැන් පොදක් සොයා ඇවිදින මුවැත්තියක්
අනේ මැව්වා වැඩ මට කෝටියක්
අරණායකත් නාය ගියේමහා වැස්සට බයේ වෙව්ලලා වෙන්ටැවැළලිච්ච කිරිහිනාමයේ දුගේ වයසේම වෙන්ටෑපොඩි එකී ලෙඩ කලේදෙවියන්ට බැරිවෙලා වෙන්ටෑකොහොඹ අතු එල්ලුවේගමට පණිවිඩ දෙන්ට හන්දාවෙච්චි කරදර සැලකරන්නටපතා බුදුබව පතිනි අම්මටඅපේ අම්මත් අද ගෙදර නෑහැදු කිරි හොද්දටත් ලුණු නෑළමැද හොවානෙත නිදි නොලබානැළවිලි කියා නුඹ නළවලානුඹ නිදියන්ට මංහුළං හොද හැටි බෝ කළාමෙන්නඉරට පෙර ඇහැරලා"අම්මී තාත්තී අද එනවා නේද ? "

ලොවේ කව්රුත්කොතෙක් උන්නත්දුවෙකුට කොහෙද නින්දක්ගෙදර නැත්තං තාත්තෙක්
පංචායුධයක්ගන්ට අපට රුපියලක්ඇතත් අත මිටේ හිඟයක්එපා භය වෙන්ට අම්මෙක්ගෙයක් රකිනකොට තාත්තෙක්......දුක හිතුනත්ආඩම්බරෙන්එහෙම හිතන
මම එරන්දී


අනේ මැව්වා වැඩ මට කෝටියක්


ලොවේ කව්රුත්කොතෙක් උන්නත්දුවෙකුට කොහෙද නින්දක්ගෙදර නැත්තං තාත්තෙක්


ජිවිතය !!!!!
හුස්ම ගන්න
//ලොවේ කව්රුත්
කොතෙක් උන්නත්
දුවෙකුට කොහෙද නින්දක්
ගෙදර නැත්තං තාත්තෙක්//
මේ කොටසට තමයි වැඩියෙන්ම කැමති...
දරුවන් උස් මහත් කරන්නට අම්මලා උහුලනා දුක් ගොන්න බොහොම අපූරුවට ගලපලා තියනවා නංගෝ...
කොතෙක් උන්නත්
දුවෙකුට කොහෙද නින්දක්
ගෙදර නැත්තං තාත්තෙක්//
මේ කොටසට තමයි වැඩියෙන්ම කැමති...
දරුවන් උස් මහත් කරන්නට අම්මලා උහුලනා දුක් ගොන්න බොහොම අපූරුවට ගලපලා තියනවා නංගෝ...
ගොඩක් පිං අක්කී...... ඒ වගේමයී සහෝදරකමත් අක්කී..... ලියන හැම තැනකම අක්කිගේ සිතුවිළි හැඩරුව මට මැවෙනවා නිරායාසයෙන්ම
දෙ තුන් පාරක්ම කියෙව්වා ඒ තරම් හුරැ බවක් ... හරිම අගේ
ස්තුතී ඔබට බොහොමත්ම :)
හරිම සංවේදීයි. බොහොම ස්තූතියි එරන්දි
:) ඔබටත් බොහොම ස්තුතී ; මේ වචන තවත් ලියන්න හිතට දෙන්නේ පුදුම උනන්දුවක්
හුඟ කාලෙකින් ඇත්තම බ්ලොග් එකක් කියෙව්වා...ඔහේ නම් මරු හලෝ..!
බුද්දිකා comments වලට reply
කරනකොට reply
click කරලා කරන්න පුරුදුවෙන්න...!
:) :) ස්තුති බොහොමත්ම
කථාවට ඉහේ මලක් පිපුණා වගේ කිව්වට ඇත්තමයි ඔබේ වචන වලින් මගේ ඉහේ මල් පිපුණා මට දැනුනා :)
බොහොම ස්තුතී ඒ ගැන කියලා දුන්නට ඇත්තටම මට තාම මේ වැඩේ හුරුමදී. ඉගෙන ගන්න දේවල් බොහොමයි. මේ ගුරුහරුකම් මට වටින්නේ ඒ නිසයි
ස්තුතී :)
කථාවට ඉහේ මලක් පිපුණා වගේ කිව්වට ඇත්තමයි ඔබේ වචන වලින් මගේ ඉහේ මල් පිපුණා මට දැනුනා :)
බොහොම ස්තුතී ඒ ගැන කියලා දුන්නට ඇත්තටම මට තාම මේ වැඩේ හුරුමදී. ඉගෙන ගන්න දේවල් බොහොමයි. මේ ගුරුහරුකම් මට වටින්නේ ඒ නිසයි
ස්තුතී :)
pankadu pahayi... jayawewa !!!
ස්තුතී ඔටත් බොහොමත්ම
අපුරුයි. ඔබේ පද එතරම්ම හුරුයි.
ස්තුතියි ඔබටත්, හුරු බවක් දැනෙනවා ඇති මේ ලියවෙන්නේ ඔබෙත් මගෙත් සමස්තයක් ලෙස අපි හැමෝගෙමත් ජීවිතවල ගෙවෙන තත්පරයක් ගානේ සිදුවීම් නිසා.
අද ඊයේ මෙහේ ආව මට, අවිවේකී කම අස්සේ තත්පර මැවෙනවා තව ලියන්න ඔබ වැනි නිහතමානී මිනිසුන්ගේ ඇගයීම් නිසා.
බොහොම පිං
අද ඊයේ මෙහේ ආව මට, අවිවේකී කම අස්සේ තත්පර මැවෙනවා තව ලියන්න ඔබ වැනි නිහතමානී මිනිසුන්ගේ ඇගයීම් නිසා.
බොහොම පිං
ගෙදරටම ඇවිත් අයෙක් කියූ පණිවිඩයක් දිගේ ආවේ . අර කිව්වා වගේ හරියට කියාගන්න බැරි මොකක්දෝ හුරු බවක් . මරු .
තාත්තෙක් ගෙදර නැත්නම් දුවෙකුට නොයන නින්ද ... ඒගැන දිග අරින්න කවක් හිතේ කැලත්තෙනවා වගේ.
ඔබට ජය .
තාත්තෙක් ගෙදර නැත්නම් දුවෙකුට නොයන නින්ද ... ඒගැන දිග අරින්න කවක් හිතේ කැලත්තෙනවා වගේ.
ඔබට ජය .

Subscribe to:
Posts (Atom)