Tuesday, June 28, 2016

නිකමට වගේ කියන්නේ :)

අනේ 
මොකට හෙමිහිට 
අපායටත් කලින් යන්ට 
අනේ ඉතිං තව ගන්ට 
ගෙදරටත් ගෙනියන්ට 
බයිට් ගෙන්නා ගන්ට 
එත් 
මදි වෙනකොට 
කැමතිනම් 
උන්දවත් බයිටට ගන්ට 
හා නේ මක් වෙනවද 
කාණුවක පේමන්ට් එකක 
ටිකක් ඔහේ ඇලවෙන්ට 
කාලයක් යනකොට 
ලේ නහර පිරවෙන්ට 
කටු ඇනලා 
සේලයින් පුරවන්ට 
හිස් බෝතල් 
පොඩි ලොකු කොටු 
හරි හුරුබුහුටි 
කාසි කර 
කැමතිනම් 
privet යන්ට,
ආණ්ඩුවේ 
ඒවායේ ප්‍රස්න නැ 
free wifi නැ 
තනියට 
wife ඉන්නෙත් නැ 

පස්සේ පහු බැරිමනම් 
අක්මාව ගලවන්ට 
ගලවලා 
බෙංගාල බොක්කට දෙන්ට 
"අන්තිම රෝදේ "
කලින් ලියලා දෙන්ට 
මතකැ'තුව 
address එක දෙන්ට 

මතක බණ 
පහුකරලා 
පොඩි උන්ට 
හිනාවක් 
ගෙනිහින් දෙන්ට 
  
තරහකට කිව්වා එහෙම නෙවෙයි ඔන්න, උදව්වට පහසුවට , සුදානමට  ඉතිං මතක් කලේ යුතුකමට 

Ofcourse yes , you have to maintain your status 


 so  
කැමතිනම් 
Marlboro light 
Why not
but I'd  rather prefer 

CAMEL 

"අනේ ඉතිං 
තව ගන්ට 
Dram
බෝතල් වෙන්ට 
නැත්තම් 
ඒදන්ඩේ නොගිහින් 
ඇලෙන් බැහැලා යන්ට "

ඉතිං 
ඔව් ඔව්
මම 
එරන්දී  :) 




29 comments:

  1. අනේ ඉතින්
    මොනවා කියන්ටද
    ඊයේ පෙරෙයිදා දන්න
    සුදුද කලුද නොදන්න
    ඔය ළමයා වාගෙද
    සැහෙන කාලයක් දන්න
    අපේ රතු වෙද මහත්තයා

    ReplyDelete
    Replies
    1. අනේ නැතුව නැතුව :)
      ස්තුතී ඔබට :)

      Delete
  2. ආන්ඩුවේ ෆ්‍රී වයි ෆයි නැති උනාට අනිත් ඔක්කොම ෆ්‍රී. අපි බොන කොට ටැක්ස් ගෙවන්නේ අනාගතේ එහෙම වෙයි කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. :) :) ඇත්ත තමයි
      තව ලියන්න දෙන සහයෝගයටත් බොහොම පිං

      Delete
  3. මේ නෝනේ දෙකක දාගන අලකරගන්නේ නැතුව මම එරන්දි එක ඇතුලෙම , කිවිදියක් නොවන මගේ ලියමන් I'm not a poetess ......වෙනම ලේබල් එකක් යටතේ ලියුවනං මොකද ....මං හිතන්නේ ..මම දන්නේ ඒක තමයි හරිම විදිහ ....ඔහේට ඕන එකක්

    ReplyDelete
    Replies
    1. එකඟයි, එහෙම කරන්නම් :)
      ස්තුති මග පෙන්වීමට

      Delete
    2. අටම් මල්ලි ගේ කතාව හරි නංගෝ...මට ඕක එවෙලේම හිතුනා, පළමු කවියට එතැනම කමෙන්ටුවක් දැම්මට පස්සේ ඒක කියන්න අමතක උනා...මේ දවස් වල හරිම වෙහෙසයි, වැඩ වැඩියි, ඒ හන්ද තත්පරෙන් තත්පරේට නියුරෝන පණිවුඩ වෙනස් වෙනවා...

      Delete
    3. ඇත්ත අක්කි, මෙතනින් එහාට ලියන දේවල් ඔක්කොම මෙහේ තමයි ලියන්නේ. :)
      අක්කිගෙ වඩාත් එක්ක මෙහෙම හරි එන එක මට ලොකු සතුටක් අක්කි.

      Delete
  4. දෙකක් දාගෙන එනකොට
    මගදී ගිමන් හරින විට
    සුනක හාදු එක පිට එක
    ලැබෙන විට
    තනි මැකේවි එතකොට

    නිකමට ලියුවේ...
    අපුරුයි... ලස්සනයි එරන්දී...

    ReplyDelete
    Replies
    1. :) ඔබ ලස්සනට සම්පුර්ණ කළා , ස්තුතී ඔබට බොහොමත්ම නිර්මාණි

      Delete
    2. කසුන් මල්ලි ...මෙහේ .වරෙන් මෙන්න මුන් දෙන්නා

      Delete
    3. මුන්ට පිස්සු බං අටමයියේ. හැට පැන්නත් වඳුර ඉතින් උඩිං නොගිහිං බිමිං යනවැයි නේද?

      Delete
    4. ඉරිසියාව.. මුං බල්ලන්ව ඉම්බට බල්ලො මුංව ඉඹින්නෑ නෙව.. හා නැද්ද හොඳයි

      Delete
  5. ගල් අරක්කු සංගමයේ බලවත් විරෝධය......:P

    ReplyDelete
    Replies
    1. නැ මේ නිකමට නේ කිව්වේ :) :)

      Delete
    2. ඒකනේ... නිකමට කියුවේ.... නිකමට ලියුවේ...

      Delete
    3. @නිර්මාණි :) කළබල වෙන්ට දෙයක් නැනේ නේද ඔය හැටියට

      Delete
  6. යන්ට, ගන්ට, ඉන්ට කියන්නේ නුවර කට්ටිය නේද..?
    මගේ බ්‍රෑන්ඩ් එක,Marlboro lights , ප්‍රොමෝට් කරන එක නම් හොඳයි...!

    ReplyDelete
    Replies
    1. තුං සිංහලයම නෑදෑයෝ කියනවනේ, නිකමට වගේ කිව්වේ
      ස්තුතී Chef-architect :)

      Delete
  7. සිගරැට බොනවට බනිනවද බොනවාට බනිනවද කියල කල්පනා කොළේ . දෙකටම වෙන්ටෑ

    ReplyDelete
    Replies
    1. නැ මොකට බනිනවද... හොදට බොන්ට ඕනේ හැබැයි සේසතම දරු පවුලට ලියලම දීලා, එච්චරයි :)

      Delete
  8. Replies
    1. ඔහ් එක හරිම ලස්සන තැනක් නේ... මට හීනයක් වගේ නෙළුම් යාය මගේ නිර්මාණය පළකරලා. ස්තුතී විතරක් නෙවෙයි බොහොමත්ම පිං.. ඔබට

      Delete
  9. නොබොන අයට කැපී පෙනීමට බොන අය කරන කැපවීම අගය කල යුතුය.

    ReplyDelete
    Replies
    1. :) :) ඔබට කොහොම මෙවැනි උත්තර හිතට එනවද මන්දා.. :) ඇත්තටම ඔව් නේනන්ම් අනේ ඉතිං අපිට කැපී පෙනෙන්ට ඔය කැපවීම දිගටම කෙරෙන්ටම ඕනේ :) :)
      ස්තුතී ඉයන් ඔබට බොහොමත්ම

      Delete
  10. සුපිරිම සුපිරි එත් ප්‍රස්නයක්
    ඇමරිකාවෙ මැල්බරො ලයිට් ගැන කැමල් ගැන ඔබ තුමිය දන්නෙ කොහොමද හරියටම :) ?

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට බොහොමත්ම
      :) :) ඔබ කථා කරන්න ඉගෙන ගත්තු ක්‍රමේට :) :)

      Delete
  11. කියන්නා කෙසේ කීවත් ... :)

    ReplyDelete
  12. :) :) කියන්නා කෙසේ කීවත් , ගහ දන්නා යට කොළ කඩාපානා විට , සිහි බුද්ධියෙන් ඇසිය යුතු ද ?? :):)

    ReplyDelete