Friday, June 17, 2016

අවජාතක දුවකගේ කතාව



ඉතිං මම ලියමී ජීවිතය ඉඩකඩ සොයා වෙහෙසුන අසන්නකු හමු නොවූ ඔබේ කථාව.........
පස්මහ බැළුම් නොබලාම පිලිසිදී සුළං කෝඩයට නතුව තැළුණු දෑසමන් මල් කදුළකින්  ඉපැදුණ රළු අහසක  "අරුන්දතී "
ඔබට කියන්නට කථාවක් තිබුණද අසන්නට ආසහිතෙන කථාවක් මා නමින් ලියන්නට අමතකව ගිය අම්මේ.........!!
කටු පැදුරු ඇහැරී බලං උන්නා මා පෙළන්නට යව්ල් සේ උල්වී    දෙපා ගල්වී හදවතේ දුක ඇහි දාර ඉරුවත්  තරහ නෑ මං අම්මේ.....
පියෙකු නැතිව අතර මංවී මං මුලාවන පාර කියා දී මං හැරදා ඔබ ගිය මුත් තාත්තේ  
සොයුරුදම් සගවා තනිව දුක්ගිනි ලොදියේ මං ගිලුණා
මං මියැදිලා දුවෙකුට - පියෙක්දං දුන්නා......
නුඹට වැරදුණ පාර දුටුවෙමී දුර ඉදං ඉං පලා ආවේමී  
අම්මේ......
තිත්ත කාඩිය එක උගුරකට බී "කිරිය" මං ගම රටට බෙදුවා.....
මලෙන් නූපන් පතිනිමුත් මං සළඹ ගෙන නුවරිනුත් ආවා......
ඉතිං මම  දුක සැප සම සමවගෙන එක පතට සිද සුවපත් වන්ට බීවා ජීවිතේ..........
වරද වරදය අළුයට ගිණි පුපුරුමය
අම්මේ......
ජිවිතේ ගග සිදී යන්නට බවුන් වඩමුද
අම්මේ..........
නිරා ගින්නේ කුමට දැවෙනු  එගොඩ වෙයන් නුඹ
අම්මේ
......


  1. chalana
    May 21, 2016 at 8:01 PM
I feel.it awesome image editing. Too wow !!!
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
Thank you so much
  1. https://img2.blogblog.com/img/b16-rounded.gif
I feel this more than anyone 🙂
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
:)
  1. https://lh4.googleusercontent.com/-V-_zI0MrRYw/AAAAAAAAAAI/AAAAAAAAAIc/BDVM-q1BheA/s35-c/photo.jpg
අපුරුයි නැගණිය...සුබ පැතුම්...දිගටම ගොඩ වෙන්න බලාපොරොත්තු වෙනවා.
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
ඔබෙ පැමිණීම මට ආඩම්බරයක් අක්කෙ.....
  1. https://lh6.googleusercontent.com/-C2PXbOXld9s/AAAAAAAAAAI/AAAAAAAAAIc/kRnn5MM-OK4/s35-c/photo.jpg
ලිවිල්ල ලස්සනයි බුද්ධිකා.. සිංහල බ්ලොග් ලෝකයට සාදරයෙන් පිලිගන්නවා ඔබව.. පුලුවනිනම් බ්ලොග් Follower ගැජට් එක අමුණන්න. එතකොට අපිට ඔයාගේ අලුත් පොස්ට් මග හැරෙන්නේ නැහැ. නහින දෙහින වයසේ ඉන්න අපි වගේ වයසක උන්දලාට කියවන්න ලේසි වෙන්න අකුරු සයිස් එක ටිකක් ලොකු කරානම් ඉතින් පින් සිද්ද වෙනවා.
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
ඔබේ දිරි ගැන්වෙන වචන වලට බොහොමත්ම පිO......... දවස් කීපයයී ගොඩවෙලා මේ නවාතැන්පලට.....අනේ ඇත්තමයී ලස්සන හීනයක් වගේ මේ ප්රතිචාර මට.
එකතු කරන්නම් ඔබ සදහන් කළ සියලු O...
ඉතිO අවසරයී... :) 
  1. https://lh6.googleusercontent.com/-Q7AiWpxkt0Q/AAAAAAAAAAI/AAAAAAAAEME/JXRjs94flp8/s35-c/photo.jpg
ඇස ගසා බලා සිටිමි.. ජය බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න.. ලේසියි..
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
මේ හැම වචනයක්ම හිතට ගෙනත් දෙන්නේ පුදුම දිරියක්. ස්තුති ඔබට :)
  1. https://img2.blogblog.com/img/b16-rounded.gif
බුද්ධිකා.....ඔබව කියවීම වටිනවා කියලා මට හිතුනා. දිගටම ලියන්න. හිතට ගලාගෙන එන හැම සිතුවිල්ලක්ම කුරුටු ගාන්න පසුව ඒවා සියුම්ව ගලපාගන්න.අනිකුත් බ්ලොග්ස් තුලත් රවුම් ගහලා කියවලා බලන්න. ඔබට ජයවේවා!!


//අතරමං වීමං මුලාවන ////

මෙන්න මෙතන මේ අකුරු පටලැවිල්ල හදලා දාන්න. එතකොට කියවන්නාට පහසුයි.
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
බොහොමත් පිං නිවැරදි කිරීම් වලට වගේම දිරිගන්වන වචනවලටත්....... ස්තුතී :)
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
This comment has been removed by the author.
  1. https://3.bp.blogspot.com/_Lpw8CE_fECI/TAtrvLAhVJI/AAAAAAAAAD0/w_8RRwnTPHE/S45-s35/012.jpg
හිත පතුලටම දැනුනා බුද්ධි.

තමන්ට කිසි දෙයක් නොලැබම, වෙන කෙනෙක් වෙනුවෙන් පරිත්යාග කරන්න...මොනතරම් හිතේ ශක්තිමත් බවක් තියෙන්න ඕනද...

ඔයා කවදත් අනිත් අයගේ දුක , වේදනාව තමන්ගේ දෙයක් ලෙස සලකන කෙනෙක්.ඉතින් ඔයාට ලියන්න අලුතෙන් ඉගෙන ගන්න ඕනෙ නෑ බුද්ධි.

ඔයාගෙ මේ දෙවල් ආසාවෙන් කියවන්න අපි මඟ බලන් ඉන්නවා
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg

:) ස්තුතී සූරී
දුක සැප බෙදාගත්ත සංසාරේ අත නැර එන අපේ හිත(වත්කම්)

2 comments:

  1. Replies
    1. වැඩි වැඩ , නොදන්නා මම කරන්ඩ ගිහින් කලින් බ්ලොග් එක මැකුවා... මේ කමෙන්ට් මට ගොඩක් වටින නිසා මෙහෙම එකතු කළා :)
      අළුතෙන් සින්ඩියෙත් එල්ලෙන්න වෙනවා

      Delete