Monday, June 20, 2016

අට්ටාලයේ සිට පට්ටල් කීරීම හෙවත් තණකොළ පෙත්තා ගින්දරට පැනීම..

දඩොන්.......

මං වැටුනා.... වැටුනේ කොහොමද කොහෙටද මට තාම හිතාගන්න බැ.......
ආ ඉතිං හිනා නේ ද.... හාහ් මම වැටුනේ බිමට නෙවෙයි; අර වඳුරට  දැලි පිහිය ලැබුන එකෙයි මම බ්ලොග් හදන්න පටන් ගත්ත එකෙයි ලොකු වෙනසක් තිබුනේ නැ.... ඉතිං හිනාවුනාට ඇත්ත කථාව එකයි. 
මම මුලින්ම බ්ලොග් කියන වචනේ ඉගෙන ගත්තේ, මගේ පැන්චිට ගව්මක් මහන්න "BLOCK" හොයන්න ගිහින්. ඉන්ඩකෝ කියන්ඩ 
ඔය පිට දේසේ බාසාව බැරි මම google search කරලා තියෙන්නේ අකුරු වැරදිලා "BLOG" කියලා  
 අන්තිමේට පිහිට උනේ ඕන්න ඔය W අකුරෙන් ආපු ව්ස්තරේ.
එතනින් එහාට තමයි තේරුම් ගත්තේ ඔය කොයි විස්තරෙත් හොයන්නේ , තියෙන්නේ එහෙමයි , මෙහෙමයි අරහෙමයි කියලා. එතනින් එහාට බ්ලොග් කථාව අමතක උනා. 
දවසක් පොකුරු වැහි අක්කා බ්ලොග් එකක් හැදුවා කියලා මට ලින්ක් එකක් දුන්නා. ඒ ලිවිල්ලට මං පුදුම කැමතියි. 
පොඩි එකිට පින්තුර හොයන ගමන් බැලුවා අර ලින්ක් එකේ විස්තරේ. අප්පේ පුදුම ලස්සනයි , මාත් අපේ දෝණි වගේ මොනදේ උනත් හිතට ආපු දේ කියලා ලියලා දානවා. දැන් උගතුන් අතරේ මටත් ඕනේ උනා පොකුරු වැහි අක්කට කමෙන්ටි එකක් දාන්න... මෙන්න එතකොට එතන අහනවා 
"ඇයි ඔයාට බ්ලොග් එකක් නැද්ද...? මෙන්න මෙතනින් ගිහින් ඔයාගෙම කියලා බ්ලොග් එකක් හදාගන්න " ඔන්න ඔය වගේ...


ආයි ඔන්න පළගැටිය හිත නලියාගෙන ආවා.... හහ් මෙන්න, කියන කියන විදිහට කලාම මෙන්න මගේ නමට බ්ලොග් එකක් 
දෙයියනේ ඔන්න  ඒ පාර කියනවා ලියන්නලු....... අනේ මම මොනවා ලියන්නද.......??
ආ ඔන්න ඉතිං පළගැටි හිත නලියනවා... මේකේ වැඩ ගොඩයි... මාරයි :) පටන්ගත්ත ලියන්න හිතට එන හැමදේම.... 
පොකුරු වැහි අක්කා බලන් ඉන්නවා මොකද වෙන්නේ ඔන්න කැ ගහනවා නැගේ follower gadget, syndi.... හහ් අක්කා දවසක්ම දෑගළුවා අහම්බෙන් හැදුනු කුතුහලයෙන් හොයාගත්තු මගේ බ්ලොග් එක හදාගන්න.  
පළවෙනි කමෙන්ට් එක අම්බලංගොඩ අයියගෙන්....... 
මේක මාරයි නේ... පොඩ්ඩි ඉස්කෝලේ ගිහාම වලං හෝදන ගමනුත් මම ලිව්වා.....
ප්‍රවීණයන් නිතර ආවා ගියා.. ඒ ඇගයීම මොනවාම හරි ලියන්න හිතට බලකලා.....
ගේ අතුගාන ගමන් බ්ලොග් එක ලස්සන කරන්න ගැජට් එල්ලුවා.. 
හදිස්සියේම පොකුරු වැහි අක්කා 
"නගෝ බ්ලොග් එකේ අවුලක් ඔයාගේ updates පේන් නැ ...... අන්න එතකොටයි 
දාඩෝන් 
ගාලා හිත කඩාගෙන වැටුනේ...
Wiki මට රැව්වා 
මම ගියා පිහිටක් හොයාගෙන 
 404 error fix
ඔය කිව්වට මාව මග ඇරියා 
1.blog එක back date කළා... 
ඒ මොකක්වත් හරිගියේ නැ..... අන්තිමට හිත හදාගත්තා 2.පොස්ට් ටික save කළා. 
3.බ්ලොග් එක permanently DELETE කළා. 
4.පරණ URL එකටම අළුත් බ්ලොග් එක හැදුවා... 
5.ඔබ  මාව කලින් fallow කරපු නිසා මගේ පොස්ට් පේනවා 6.එත් දැන් මගේ followers ලා නෙවෙයි. 
මේක ලිව්වේ මේ අලකලංචිය ඔබට වගේම මටත් දැනෙන්නේ 
"පලන්චියක් උඩ පට්ටල් වැඩ කරකර ඉන්න ගමන් බිම වැටුනා වගේ නේ "
ඒක එක හේතුවක් 
අනික් හේතුව 
තව කෙනෙක් ගේ බ්ලොග් එකකට පාර හදන්න කියන link එක Add කරගන්න එපා කියන්න... මට වැරදුනේ එහෙමයි. මට වැරදුන තරම වැඩිත් එක්ක, ඒ නිසා ඔබ අත් වරදින් වත් වරද්ද ගන්න එපා 
තව දෙයක් ඒ කිව්වේ සින්ඩි වලට පාර කියන Link ගැන නෙවෙයි.  

හිතුවේ නැ ආයිත් හිටගන්න පුළුවන් වෙයි කියලා මේ 
"බ්ලොග් පොළොවේ දෙපයින් " 
හහ් තෝමස් අල්වා එඩිසන් 999 වතාවක් උත්සාහ කරලා විදුලි බල්බය හොයා ගත්තට මට බැ බ්ලොග් මක මක ලියන්න මොකද 
මේ 
මං එරන්දී 
එකයි :)

22 comments:

  1. අපූරු හෙඩිමක්... බොහොම රසවත්.. ඒ වගේම බ්ලොග් ලියන හැමටම වැදගත් ළිපියක්...

    ReplyDelete
  2. අනේ ඔබ ආපු එක මොනතරම් සතුටක් ද.... මං හිතුවා බ්ලොග් වල "මං එරන්දී " ඉවරයි කියලා. ස්තුතී අගේ කිරීමටත් පැමිණීමටත්..! :)

    ReplyDelete
  3. ඔබ අහම්බෙන් බ්ලොග් ලියන්න ආපු කෙනෙක් කියල කියන්න අමාරුයි. ඔබ පාවිච්චි කරන සමහර බ්ලොග් මෙවලම් පාවිච්චි කරන්න මම දන්නේ නැහැ.

    තෝමස් අල්වා එඩිසන්ට බල්බය හොයා ගන්න කල් ගියේ ඒකාලේ එයා හිටපු හරියේ නිතරම ලයිට් යන නිසාලු. පස්සේ ජෙනෙරේටරයක් අරගෙන වැඩේ ගොඩ දාගෙන.

    ReplyDelete
    Replies
    1. //ඔබ අහම්බෙන් බ්ලොග් ලියන්න ආපු කෙනෙක් කියල කියන්න අමාරුයි//

      ඉයන් මටත් හිතුනේ ඕකමයි

      Delete
    2. @අටම්පහුර :) ඔබ වැනි ප්‍රවීනයන් මේ දක්වන අදහස් වගේම සහයෝගයත් තව තවත් අධ්‍යයනයට පෙලබිමක් හිතේ ඇති කරනවා.
      බොහොම ස්තුතී ඔබට..

      Delete
  4. ඉයන් :) :) ඔබේ කමෙන්ට් මටම ගැලපෙනවා... ඇත්තටම ඕනේ දෙයයි එපා දෙයයි හැමදේම හොයන්න ගිහින් තමයි මම ඉගෙන ගන්නෙයි වරද්ද ගන්නෙයි දෙකම. මොනවා උනත් පෙරලුනු පිට තමයි නියම කියල හිත හදාගන්නත් මට තියෙනවා හොද හැකියාවක්
    ස්තුතී ඔබට බොහොමත්ම.. :)

    ReplyDelete
  5. මං එරන්දි ඉවර නෑ.. වෙනසක් නැතුවම පේනවා.. ආයෙම follow පාරක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර ඔබ නම් සැබෑම කල්‍යාණ මිත්‍රයෙක්. ඔබගෙන් පාර අහගෙන බොහොමත් දෙනෙක් මෙහේ ආවා. ඔබට බොහොමත් ස්තුතී.

      Delete
  6. මමත් කමෙන්ට් දහදාහකට වඩා සහ පෝස්ට් සීයකට වඩා නැතිකරගත්ත කෙනෙක්

    මෙතන වෙන්න ඇත්තේ වෙන එකක් ඔයා ඔය කියදේ කලාට එහෙම වෙන්නේ නැ මම දන්න තරමට

    ඔහොම දෙයක් උන කෙනෙකුට කරන්න තියන සරල ක්‍රමයක් මම කියන්නං

    කමෙන්ට් නැති වෙන්නෙත් නැ , පෝස්ට් නැතිවෙන්නෙත් නැ

    අපි වගේ බාසාව නොදන්න , තාක්ෂණය නොදන්න අයට පහසුම ක්‍රමය

    ඉස්සෙල්ලම බ්ලොග් එකේ තිබුන අකුරු සයිස් සහ පාට මතක තියාගන්න, එහෙම නැත්තං ෆොටෝ ටිකක් ගහගන්ඩ ( ප්‍රීන්ට් බට්න් එක ක්ලික් කරල ) පේන්ට් ඔපන් කරල එකේ පේස්ට් බට්න් එක ක්ලික් කරල සේව් කරන්න )

    ඊලගට බ්ලොග් එකට දාල තියන ගැජට් , විජට් , ඔක්කොම රිමූ කරන්න

    සමහරක් විට වැඩ නොකරන ( නොපෙනෙන ) ඒවා තියෙන්න පුලුවන් , ලෙඩේ තියෙන්නේ ඒකේ වෙන්නත් පුලුවන් , ඒ නිසා ඔක්කොම අයින් කරන්න

    ඊලගට යන්න සෙටින්ග් වලට , එතනට ගිහින් ටෙම්පලේට් එක හාත්පසින්ම වෙනස් එකකට සිලෙක්ට් කරල සේව් කරන්න , දැන් වීව් කරල බලලා ඒ ටැබ් එකෙන් ආයෙත් සෙටින්ග් ගිහින් ඔයාගේ කලින් තිබුන ටෙමපලේට් එක සිලෙක්ට් කරල , සවිස් එක සහ , අනිත් වැඩ කෑලි ටික කලින් තිබුනා වාගේ හදල සේව් කරන්න

    අවශ්‍යම ගැජට් ඇර වෙන ඒවා දාන්න එපා

    ගොඩක් ලෙඩවලට ඔය අත්බෙහෙත ගුනදායකයි



    ReplyDelete
    Replies
    1. අටම්පහුර, අනේ මම පරක්කු වැඩියි.. එත් මේ දැනුම මම වගේ තව වැඩිදෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා. ඔබට කරදරයක් නෙවෙයි නෙවෙ නම් මේ කමෙන්ට් එක පොස්ට් එකක් හැටියට එකතු කරන්න වැඩි දෙනෙකුට දකින්න පුළුවන් වෙන්න, ඔබට ගොඩක් පිං..

      Delete
    2. මට හිතුන බ්ලොග් එකක් හදන්න මේ විදියට .අටම්පහුරට පින්සිද්ද වෙන්න බ්ලොග් එකක් හදා ගත්තා .මටත් ආසයි තනියම දාගන්න .ඒකත් අපූරු අත්දැකීමක් වෙයි .බොහොමයක්ම ස්තුතියි මේ මගපෙන්වීමට .

      Delete
  7. Replies
    1. Akki, I wont able to tell anything here, coz someone has threaten me :) :)

      Delete
  8. ලියන්ඩ මිස් වැස්ස වගේ !!!

    ReplyDelete
  9. ස්තුතී ඔබට බොහොමත්, මේ හැම වචනයක්ම මට කියන්න බැරි තරමටම වටිනවා.

    ReplyDelete
  10. ආයෙම ෆලෝ පාරක් දැම්මා.ලියන හැටි බලාගෙන ඉඳලා ගෙනිහින් රෝලෙත් එල්ලගන්නං.එහෙනං ජය!!

    ReplyDelete
  11. ස්තුතී ඔබටත් බොහොමත්ම.ලිවිල්ල ගැන ඔබ වැනි ප්‍රවීණ යන්ටම මිසක් මට නම් ඇත්තටම වැටහීමක් නැ. හිතට එන දැනෙන දේ ලියන්න අවකාශයක් ඕනේ කියන හැගීමෙන් පටන් ගත්ත වැඩක් මේක , ලියාගෙන යනකොට ඔබ වැනි ප්‍රවීනයන්ගේ ආගමනය නිසාම , මගේ අදහස් වලත් මොනයම්ම හෝ වැදගත් කමක් තියෙන බව දැනෙන්න පටන් ගත්තා. ඒ තමයි මම ලබන උපරිම සතුට. බොහොමත්ම පිං ඔබේ අදහස් වලටත් පැමිණීමටත්

    ReplyDelete
  12. ඔය ඇඩ් කරන එකෙන්නන් ඔය කේස් එක එන්නෑ බං......මාත් හැම බ්ලොග් එකක්ම ඇඩ් කරගත්තුව...

    ReplyDelete
  13. අම්මේ යන්තම් හොයා ගත්ත "මම එරන්දි" ඇත්තටම මේ බ්ලොග් එක මිස් වුනේ කොහොමද කියලා හිතමින් !

    ReplyDelete
  14. හොඳා.. කියෙව්ව. ආයෙ එන්නෙ කියවන්න අලුත් දෙයක් තිබුණොත් තමා ඉතිං.

    මටත් ඔය වගේ වෙන වැඩක් උනා. විචාරක දවසක් උදේක මට කෝල් කරලම කිව්ව මෙහෙම එකක් වෙලා තියෙනව හදාගනිං කියල. සුරංගත් සෑහෙන්ඩ මහන්සි උනා ඒක හදල දෙන්ඩ. කොහොම හරි අන්තිමේ හරි ගියා.

    ඔහොම තමා මේක ජීවිතේ වගේ. හරියනව - වරදිනව

    ReplyDelete