Friday, June 17, 2016

අන්තිමට ඔච්චරයි

ඇත්තටම දුලා ආදරේ තාත්තලට, පුතාල ආදරේ අම්මලට.... 


ඔය ඉතිං ඕක නෙවෙයි ප්රශ්නේ....
මාත් දුවෙක් නේ, දවසක් අපේ තාත්තට ටිකක් අසනීප වුනු වෙලාවක බොහොම හැගීම්බරව කියවුනා
"මගේ තාත්තට කිසි දුකක් කරදරයක් වෙන් නැ , මේ ලෝකේ මම වැඩියෙන්ම ආදරේ මගේ තාත්තට" කියලා
එදා මට මහ වැඩ ගොඩක් ඇත්තටම වැඩ කන්දක් ගොඩ ගැහිච්ච දවසක්..... දවල් වෙනකොට ගෙදරින් දුරකථන ඇමතුමක් මගේ ඇග ගැහුනා හරියට වතුරෙන් ගොඩ ආපු මාලුවෙක් වගේ ; ඇත්තමයි මට "ඉතිපිසෝ " ත් වැරදුනා
අම්මා.......................................................................
දෙයියනේ අම්මා අඩනවා හුස්ම ගන්නවා වත් මට ඇහුන්  නැ........ මගේ උගුර කට හිරවුනා. විනාඩියකට පස්සේ හොද හුස්මක් අරන් මම
"අම්මේ"
එතකොටයි අම්මා කථා කලේ..
"පුතේ ඔයා තාත්තාට මට වඩා මහ ගොඩක් ආදරේ බව මම දන්නවා එත් ඇයි ඒක මට ඇහෙන්ඩ  කිව්වේ ......."
දෙවියනේ...........
ගිය නුවණ මොකෝ ඇත්තු ලවා අද්දවන්නද දැන්...........
මටත් අඩුනා , අමතකවුනා මං ඉන්නේ කොහේ කියලා......
"අඩනකොට අම්මලාට කිරි එරෙනවා" මයේ අම්මාටත් ඒක පොදුයි.......
නාඩා ඉන්ඩ පුතේ.....
එත්
ආයිත්
එහෙම
කථා
කියන්ඩ
එපා...........  
ප්රශ්නේ තියෙන්නේ මෙතන
අපි (මාත් ඇතුළුව ) "බොරු නොකිය ඇත්ත කිව්වා නම් හිත හදා ගන්නවනේ" එහම කියනවනේ..?
එත් දවසක්
එයාගෙන් මම ඇහුවා
"ඔයා තාමත් මග තොටේදී කාන්තාවෝ { :) } දිහා බලනවද....?"
ඇත්තටම ඔහු අවංක විවෘතව කථා කරන කෙනෙක්  (මාත් එහමයි :) :) )
දෙපාරක් නොහිත "ඔව් ලස්සන කෙනෙක් දැක්කොත් බැලෙනවා...................................."
ඉවරයි
"හ්ම් හ්ම් ඉහි ඉහි හැ හැ    "

"විවෘතව කථා කලාට මම කිව්වේ නෑ නේ මම විවෘත මනසකින් සවන්දෙන කෙනක් කියලා"
ඇත්තටම බොරුව හොද නෑ
දැන් මම හොයාගත්ත උත්තර දෙකක්
ඇත්ත කියන මිනිහා මොන පාඩුව උනත් ඇත්ත කියනවා
1. ඇත්ත උනත් හිත රිදෙනවනම් අහගෙන ඉන්න කෙනාගේ , අස් උඩ  යන විදිහට නොකියා කියන්ඩ ඕනේ (මොකද දැන් වැඩි දෙනෙකුට Heart Attack  නේ)
2. ඇත්ත කිව්වේ මටනම් , අවස්ථාවට ගැලපෙන විදිහට ඇත්තට මුණ දෙනවා.
[ඉස්සල කියපු කථාවට අදාලව පාරේ යනකොට එහෙම කෙනෙක් දකිනකොටම බර කතාවක් පටන් ගන්නවා :)  ]

ඇත්ත සහ ඇත්තට මුණ දෙන
මම එරන්දී  :) 
  1. Salitha RajamuniJune 4, 2016 at 10:22 PM
දිගටම ලියමු සහෝදරිය. කොහොමත් කෙල්ලොත් වැඩිම ආදරේ තාත්තට. දිගටම ලියමු. සුබ පැතුම්.
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
ස්තුතී ඔබට බොහොමත්ම :)
  1. https://3.bp.blogspot.com/-HflPdU9BYbc/VsHjxZ9GHmI/AAAAAAAACYM/DaSCOEQoKJQ/s35/image.jpeg
මාර කේස් එක කෙල්ලෙක් උනාට මං ආදරේ අපේ අම්මටනේ :)
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
නෑ නෑ කිසිම කේස් එකක් නැ. ඔය මම කිව්වේ වැඩිදෙනෙක් කියන කථාව :) :) දැන් මම අම්මා කෙනෙක් නිසා අම්මටයි තාත්තටයි එක වගේ ආදරෙයි... ප්රශ්නේ අපි කොයිතරම් ඇත්තට මුණ දෙන්න ලෑස්තිද කියන එකනේ :)
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
මේ පැත්තේ ආවටත් ගොඩක් ස්තුතියි :)
  1. https://3.bp.blogspot.com/-PwAplT2rIH0/V0nkLM5_uNI/AAAAAAAAciE/RTIOy3OYMLg_AVPxcoIYIy2ai1NDle2KQCK4B/s35/20160118_171340.jpg
Meka maru 😂😂😂😂😂😂
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg

4 comments:

  1. Replies
    1. ස්තුතී, ඔබේ දිරිමත් කිරීමට වගේම පැමිණීමටත්
      :)

      Delete
  2. මොකක්ද බං පෝස්ට් එකට පහලින් කමෙන්ට් වගයක් තියෙන්නෙ....(පෝස්ට් එකටම ඇඩ් කරල)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ තියෙන්නේ මගේ කලින් බ්ලොග් එකේ මේ පොස්ට් එකට හිත මිතුරන් එකතු කළ අදහස්, මගේ නොදැනුවත් කමින් ඇති කරගත්තු තාක්ෂණික ගැටලුවක් නිසා ඒ බ්ලොග් එක මකන්න මට සිද්දවුනා. එත් මේ අදහස් මට ගොඩක් වටින නිසා මේ විදිහට ඇතුලත් කළා. :)

      Delete