Thursday, June 23, 2016

කොහොම උනත් මං දිනුම්

වියදමකුත් යන්නේ නැති එකේ, මගේ කතන්දර, ගෙදර ඉන්න පුසා බල්ලා වත් අහගෙන ඉන්නේත්  නැති එකේ මං හිතුවා ඔන්න ඔහේ බ්ලොග් එකේ ලියලා දාන්න. 

එහෙම හිතාගෙන ලියන්න ගත්තට එකපාරට මට නහය පිච්චෙනවා වගේ දැනෙන්න ගත්තා  එතකොටයි මතක් වෙන්නේ ළිපේ තියපු එළවළුවක් කරවෙලා ඇතිලියක් මට තර්ජනය කරනවා 

"එක්කෝ මාව බානවද නැත්තම් මෝටාර් මල්ටි බැරල් එවන්නද"

හොදවෙලාවට මේ දවස්වල අපේ අම්මයි එයාගේ අම්මයි දෙන්නම ගෙදර නැ.. :)  :) 


නැත්තම් දෙන්නගෙන් එක්කෙනෙක් මේ වැස්ස දවස් වල තරහකට නෙවෙයි දර හොයන්න තියෙන කරදරේ හින්දම දානවා ලැප්ටොප් එක ලිපට... පටස් 


ගේට්ටුව ඇරෙනවා ඔහ් 
එයා එනවා.... උයලා නැ....... 
යන්තං බත් එක හරි...... 
අනේ බලන්ඩකෝ මේ වැස්සක් කරපු අපරාදයක තරම..... 
එළවළුවක් මාළුවක් ගන්න බැ ගිණි ගණන්... කමක් නැ නේ ද අද අපි පොල් සම්බෝලයි බතුයි කමුද ....?
එයා හිනාවෙනවා 
ඒ හිනාවයි බැල්මයි නිකන් මොකද්ද මොකද්ද වගේ....
හොදට උගුර පාදුවා.....
ඉතිං වැඩේ හරිම තමයි....
ඔන්න හෙමිට පොද ගහන්න පටන් ගත්තා 
"අනේ කමක් නැ , කොච්චර හොදද , අද කාලේ පොල් සම්බෝලයි බතුයි කන්නත් අපි පිං කරන්න ඕනේ.."
මට "ඔව්" නෙවෙයි "හ්ම්" කියන්නත් බයයි.... 
මම බොහොම තැන්පත් මුණක් හදාගෙන හා පැටියෙක් වගේ බැලුවා 
ඊ ඊ හිනාව වැඩි වේගෙන එනවා 
"නැ මං කිව්වේ ඔයා පහුගිය දවස් ටිකේම කිව්වේ පොල් හරි ගණන් පොල් සම්බෝලයක් කන්න අපි සිටුවරු වෙන්න ඕනේ කියලා"
දෙයියනේ................. 
"අනේ ඇත්තට මං දන්නවා ඔයා මොනතරම්  පිරිමහලද වැඩ කරන්නේ කියලා "
ඉන්න විදිහටම වැඩිය හෙල්ලෙන් නැතුව මම මේසේ  යට වේලෙන එළවලු වට්ටිය කකුලෙන් තල්ලු කළා තව ඇතුලට. මෙයාට තියෙන්නේ ඇහැක් නෙවෙයි spy cam එකක්  
මං එක හිතුවෙත් පුර හද ගානට හිනාආආආ වෙලා...
"ඇත්තමයි ඔයාගේ ලිවිල්ලයි ඉවිල්ලයි දෙකම දඩිබිඩි"
අහ්හ්  මට මහ දවල් 12 ට තරු පෙනුනා; ඒ කියන්නේ එයා මගේ බ්ලොග් එකත් බලලා....
ඔන්න point  එක..... හා පැටියා වේගයෙන් ඉතාමත් වේගයෙන් කෙනෙරක් බවට පත් උනා....
ඒ කියන්නේ ඔයා office  ගිහින් වැඩ නොකර online නේ.....??
හරි ෂෝක් ඉතිං කොහොමද රටක් දියුණු වෙන්නේ... අහ්හ් 
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන ඔයාලා මෙතන හහ්.... ඉතිං ආයතනයකට හරි යයි ද මං අහන්නේ අහ්හ්....
හොර ඇහෙන්  බලනකොට කටේ ඔබාගත්තේ බත් එකේ අන්තිම කට... ඔය මදැයි.... යන්තම් ඇති 
දෙයියනේ කුස්සියට ගිහින් බලද්දී දැක්කේ පොල් සම්බෝලේට දෙහි දාලත් නැ... කමක් නැ හොදට ලුණු ඇඹුල් දැම්මනේ මං..... :) :) 
(ඉස්සල්ල කිව්ව වචන ටික මම අල්ල ගත්තේ ලොකු දේශපාලන කතාවකදී ඉස්සරහා  ගෙදර මාමා හවසක උදැල්ල ඉල්ලගන්න ආපු වෙලාවේ කිව්වේ  )
එයත් අත ඇරියේ නැ ගේට්ටුව ලගට ගිහින් ආපහු ඇවිත් ආආආආ "දඩිබිඩි"
එහෙම කිව්වට 
එරන්දී 
එරන්දී 
මම එරන්දී :) 


  

24 comments:

  1. Replies
    1. :) නැ ඉතිං මම කිව්වේ ඇත්තම කතාව :)

      Delete
  2. ආහ් නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට බොහොමත්ම :)
      මේ එක අගය කිරීමක් ඇති තව මොන මොනවා හරි ලියන්න :)

      Delete
  3. අමුතු රහක් තියන අමුතුම ඉට්ටැයිල් එකක්.....
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. කටුසු හදවත මුලින්ම බොහොමත්ම ස්තුති ඔබට , ඇත්ත කියන්න ඔබ දන්නා තරමින් මේක නේද ගොඩක් ගෙවල් වල වෙන්නේ... :)

      Delete
  4. හෙහ් හෙහ්. හොද මීටරයක්නේ බලාගෙන යද්දී.

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ස්තුතී ඔබට බොහොමත්ම ස්තුතී ... නැ ඕකට කියන්නේ හදිමිටේ නුවණ (එයා කිව්වේ) :) :

      Delete
  5. වැඩක් නෑ බුද්දිකා..ඔහේ මගෙ බ්ලොග එල්ලගෙන නෑනේ...අපිත් ලියනව හරිය..
    මේවා තමයි මට නම් බ්ලොග්...හිතට ආපු එක ලිව්වා..දන්න තරම් ගැජට් ඇමුනුවා..එබුවා පබ්ලිශ් බොත්තම...
    හුටා..ඊට පස්සේ මකනව ඔක්කොම..ආඳනවා ඔක්කොම...
    හා බොරුද..?

    ReplyDelete
    Replies
    1. chef-architect දෙයියනේ ඇත්ත බුද්දිකා වැඩක් නැ ඇත්ත, අපේ ගෙදර කාගෙන් හරි අහලා බලන්න. :)
      සමාවෙන්න ඒක ඇත්තටම බැරි වීමක්, කමෙන්ට් එකට කලින්ම එල්ල ගත්තා. හැබැට ඔබට කොහෙන්ද ඔය තරමට ලියන්න දේවල්..? හරිම ලස්සනයි.
      මම කැමති ඔබේ Architect කෑල්ලට, ජිවිතේ කරදර කාලයක මගෙන් ගිලිහුණු මගේ උපාධිය.. ඒත් හිත හදාගන්නවා මොනවා නැතත් මට පිළිවෙලට පුටුවක් හරි තියාගත්ත හැකිනේ :) :) :) chef කැල්ල තියනවා නේද ඒකට මම හීනෙනුත් බයයි, අම්මලා ගෙදර නැත්තම් :) :)
      මගේ ලිවිල්ල එක හරියටම පළගැටි හිත වගේනේ.. :) :)
      ස්තුතී ඔබට බොහොමත් ම, මේ හැම ලිවිල්ලකින්ම මම ලබන්නේ ලොකු සතුටක්. මගේ දෝණි ලොකුවුනාම, ජිවිතේ සතුටින් ජිවත් වෙන්න මේ හැම වචනයක්ම එයාට අත්පොතක් වෙවී.
      ඒ නිසාම ලියන්නට මාව පොලබවන ඔබ ඇතුළු හැම දෙනාම මගේ දෝණිගේ ජිවිතේ ලස්සන කරන පිං කමේ කොටස්කරුවෝ...
      ඉතිං ඔබට බොහොමත් පිං... :)

      Delete
  6. Ammmma..... Gahayi. Bat Eken meka Maru. Radical erandi🇺🇸🇺🇸🇺🇸😜😜😜😜

    ReplyDelete
  7. Replies
    1. දෙයියනේ අක්කි අනේ සමාවෙන්න, මම අක්කිව හෙව්වේ වෙන වැඩකට එත් ටිකකින් වැඩේ අමතකයි, දැනුත් අමතකයි අක්කෝ... ආයෙත් එහෙම බය කරන්නැ..
      අක්කි දන්නවනේ මේ ඉතිං හැබෑම ජිවිතේ මම එරන්දී :) :)
      මේකේ රසම කතාව මම එයාට නිකමට මේකේ හෙඩිම කිව්වා draft කරලා ගත් කටටම ලිව්වේ මොනවාද වත් නොදැන කිව්වනේ "ඇත්ත කොහොම උනත් ඔයා දිනුම්, පේන්නැද්ද මම හැමදාම looser " කියලා :) :)
      ස්තුතී අක්කියේ නොවරදවා මාව බලනවට

      Delete
  8. මෙක ඉමොසනල් නම් නෙවෙ එනර්ජටික් වගෙත් නෙවෙ එ දෙකටම අතරින් යන පට්ට ෆිලින්ග් එකක් ඇග පුරා යනව මෙක කියවන් යද්දි බ්ලොග් පොස්ට් නම් වැඩිය කියවල නැ ෆෙස් බුක් පොස්ට් නම් නාන්න කියවල තිබුනත් මෙ වගෙ ඩෙලි
    ලයිෆ් ඇගට දැනෙන පොස්ට් නම් මෙ න්න මෙ දැක්කමයි මරු එරන්දි
    කැට් ආන්ටි

    ReplyDelete
  9. :) :) මල්ලි ඔයාට මතකද, මල්ලි හැමදාම කිව්වේ "you are an identical positive thinker & writer, where ever you write under your name or not anybody can recognize you" well tell me now have you ever notice I can adjust to any reputed audience..?
    Big thank should go to you coz I accept your thought & try to prove I wont able to be a label. So your words inspired me for my transition :)

    ReplyDelete
  10. ඕකම තමා මටත් වෙන්නෙ....තනියම මම ගෙදර හිටියොත් මට තමා දවල්ට උයන්ඩ වෙන්නෙ....ෆෝන් එක ඔබ ඔබ ඉදල බත් උයන්ඩ බලද්දි දවල් දෙක තුන වෙලා....අවුලක් නෑ ඉතින් අපේ ගෙදර අය එද්දි හතර පහ වෙනවනෙ......පැයෙන් දෙකෙන් මොනව හරි හදල ඩෙනව...:P

    ReplyDelete
  11. එයා කියල තියෙනවා හරියටම හරි.. ඉවිල්ල මන් දන්නේ නෑ.. ලිවිල්ල ගැන..

    උත්තරේ.. ඉතින් මොකෝ.. ඒකනේ බ්ලොග් කියන්නේ.. නැත්නම් ලියල දානවනේ පත්තරේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. :) :) එහෙම බැ මගේ උත්තරේ කලින් සටහන් කීරීම සපුරා තහනම්... ඒ වැඩේ හරියට කථික තරගේකට මැරීගෙන කථාව හදාගෙන ගිහාම ප්‍රතියෝජකයා ගෙදර ඉදං බලන් ඉදලා තර්කය බින්ද වගේ වැඩක් නේ කල්‍යාණ මිත්‍ර මේක
      ස්තුතී ඔබට :)

      Delete