Friday, June 17, 2016

ඇත්තම කථාව

අහස බිම ගැටලලා
බස් එකේ එල්ලිලා
පොඩි එකී එක්කලා
මදුරුවෝ තල තලා
පන්තිවල තැම්බිලා
ගෙදර එන්නේ මේ මමම
දැළි වළං එක්කළා
හිතත් හොද හැටි හෝදලා
හොරෙන් අඩි තිය තියා
පුංචිත්ති ලග ඇලවේලා
අකුරෙන් අකුර අමුණලා
එලිවැට වත්ත වටකර හිටවලා
කවක් නැති තැන නිසදැසක එල්ලිලා
දුක පසෙක ලා
කවි ලියන ගජමන් නෝනලා
පස්සේ එන ඇලපාතලා
හිග නෑ හිගම නෑ
මූසිල ලා ........



කමක් නෑ නේ
සම අයිතිය එපා
ඒත්
කවියකට ඉඩ ඕනේ
හැන්දේ මිට අග
දුක සැප සම රස බෙදා
කවියකට  පුළුවන්නේ
ජිවියකුට  ජිවිතයක් දෙන්න
එකයි :)



බස්සෙක් , පිස්සෙක් , සුද්දෙක් , මී මැස්සෙක් සහ කවී හිතක්  එක්ක


 මං එරන්දී :
  1. කල්යාණ මිත්May 27, 2016 at 8:36 AM
අහ.. කතාව නම් ඇත්ත.. ඒත් ඔය ඔක්කොම ප්රශ්න වලට උත්තර හොයල කවියක් ලියන්න හිටියොත්.. ඒක වෙන්නේ නෑනේ.. හොද්ද හැඳි ගාන ගමන් මොනවා හරි ලියමු ලුණු ඇඹුල් දාල.. :)
  1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
:) ඒක ඇත්ත. ස්තූති ඔබට..
  1. https://2.bp.blogspot.com/-YtGxYjWSHWM/VU9UvWAzsqI/AAAAAAAAAXU/kttx0eJnnMA/s35/*
ඔය උඩ ඉන්න මහත්තයා කිව්වෙ එන්න කියලා . මරු අදහස .
  1. https://2.bp.blogspot.com/-YtGxYjWSHWM/VU9UvWAzsqI/AAAAAAAAAXU/kttx0eJnnMA/s35/*
ඔය උඩ ඉන්න මහත්තයා කිව්වෙ එන්න කියලා . මරු අදහස .
    1. https://lh4.googleusercontent.com/-8xyWZePigco/AAAAAAAAAAI/AAAAAAAAAW4/l2sZ0ohxPng/s35-c/photo.jpg
*2
    1. https://lh3.googleusercontent.com/-lL39W73Mdog/AAAAAAAAAAI/AAAAAAAABKs/rCKdEpgk5q4/s35-c/photo.jpg
@Surangamlr :)
ස්තූති ඔබට..
  1. https://img2.blogblog.com/img/b16-rounded.gif
ආහ් ඔය එන්නෙ ලස්සන ෆැන්ටසි හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ලු නියමයි එරන්දි :) ඇත්තම කතාවක් :) :)

3 comments: