Saturday, June 25, 2016

ඔරවන සිවිලිමට විරිත්තන ගමන් තට්ටු අටක උඩ හිටං ලියමී



classic නැති මට classic පිංතුරයක් ගන්ට ආසයි; 
පින්තුරෙට ඔබින රූපයක් හෙවත් photogenic නැති මම හොල්මනක් ගානයි, 
තරු පහේ හෝටල් යන්ට කාසි නැති කමට  
කොහොමත් 
මුණ නොපෙනෙන එක හොදයි... 
phone කට්ට නොපෙනෙන තරමට ඇත්තමයි මට සතුටුයි 
අපිට කැකිරි මිස ඇපල් හොදටෝම  අගුණයි...  :)
වෙන සෙනසුරාදා ඉරිදට මට වැඩ අධිකයි 
එත් 
මාස තුනකට එක සෙනසුරාදාවක්  මට නිවාඩුයි.
ඒ නිවාඩුවත් පුදුමයි, 
කටු ගසා dye යවයි 
ගල් ගුහාවක බහා 
හුස්ම හිර කරවයි
film ගත්තු තරමට 
සත්තයි දිව්වනම් 
මෙලහටත් 
මොන blog ද
මම හොලිවූඩ්
නැතත් 
බොලිවුඩ්   
sure තමයි :)
:) ජිවිතේ හැටි ඔහොමයි 
හිනාවේ තරමට ආයුෂත් බොහොමයි; 

ඉතිං  

අපි උදේ පාන්දරම එනකොට මට  නිකමට හිතුනා ඔහ් නිරාගමිකයි කියන්නේ මොකද්ද ???
ඇහ එතකොට බව්තිකවාදියා කියන්නේ කව්ද...??
ඔය මොකක් හරි හිතුනොත් හිතේ තියාගෙන ඉන්න එක හොද මදි  (ඒ මගේ ක්‍රමේ ) අහන්ඩ ඕනේ හම්බවෙන පළවෙනි කෙනාගෙන්ම (බල්ලෙක් පුසෙක් නැත්තම් අඩු ගානේ හ්ම් කියන බස්සෙක් ගෙන්  උනත් කමක් නැ, අමතක වෙන්ඩ කලින් )... මට හම්බවෙන පළවෙනියා ඉතිං හොදට නරකට දෙකටම එයා.... :)
හැබැට බව්තිකවාදියා කියන්නේ කාටද..? 
"ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් දෙවියන් බුදුන් සහ විද්‍යාවෙන් ප්‍රත්‍යක්ෂ නොකළ සියල්ල බැහැර කරන්නනන් "
"ඇහ ඒ කියන්නේ දැන් ඔයා බව්තිකවාදියෙක් ද ???" 
හී හී පුදුම වෙනඩ එපා එයා හරි ; අයියෝ හරි කිව්වේ ඔය "වාදී" කතාව නෙවෙයි , එයා සැක පහළ කීරීම , ඔය නොදන්න හැම දේම හොයන මම තාම සෝවාන් නොවුන ටික විතරයි නේ..... :) :) 
මම උත්තර දුන්නා 
"නැ මම myth එකක් "
ර්ර්ර්ර්ර් අර හිනාව 
"නැ ඔයා මිට්ටෙක්
ඔහ් එපා වෙන්නැද්ද මාව මේ තරමට සව්තු කරලා....
එහෙම හිතනකොටම.....
මහා කරුණාවන්ත බැල්මක් එක්ක කදුළු පුරෝගෙන එයා කිව්වා 
"නැ ඔයා miracle එකක්"  
එක අතකට ඔබට වගේම එයාටත්  හිතුනොත් හොදට හම්බ කරලා දෙනවා  "ලෝකේ ඉවසිලි වන්තම මිනිස්සුන්ට", කියලා ලොකු සම්මානයක්;  
එහෙම 
හිතන 
මම  

50 comments:

  1. අඩ්ඩඩ්ඩා අටම්පහුරෙ ඇටොම් අයිය එව්වෙ මාව මේ පැත්තට. මේක කියෙව්වම මට පුළුවන් කියන්න බය නැතුව ලියපං උඹ මං වෙනුවට කියලා. අර කළු කෙස් ඇති රොබින් හූඩ් මළාම රිදී කෙස් ඇති රොබට් ආව වගේ. නෑ, උඹ රිප්ලේස්මන්ට් එකක් නෙමෙයි, වෙන කාල පථයක/වෙන රෙල්මයක ඉන්න මං, මං වගේ කෙනෙක්, උඹ වගේ කෙනෙක්....උඹ ලියනකොට ඇහෙනවා මට මාව. මං උඹ වගේ නොවෙන්ඩ ඇති, ඒත් මගේ ඔළුවෙන් නිතරම ඇහෙන අර අනිත් කන්කෙඳිරිය හරියට උඹේ ඔය කටහඬ වගේමයි.

    ReplyDelete
    Replies
    1. ඔහ් දෙවියනේ මට කියනවද කොහෙන්ද මේ තරමට පරිත්‍යාග ශීලි කමක්... මේ ලස්සන වචන ටික එකතු කරලා ඉස්සලම බැ නොකියා මං ගැනම හරි කමක් නැ ලියනවද ලස්සන පොස්ට් එකක්... විශ්වාස කරනවද මාව, මටත් ඔබේ බ්ලොග් එක දකිනකොටම හිතුනා මට Noway, she is the one කියලා. හැබැටම මෙහෙම වෙන්නේ කොහොමද අපිට කොහොමද සමාන කමක් දැනුනේ.... කොහොම උනත් ඔබ සැබෑ නිහතමානී දක්ෂයෙක්, ඔබේ තැන අහසටත් ඉහලින්... ගොඩක් පිං මාව හොයාගෙන ආවට ඔබටත් පාර කියපු දයාබර අටම්පහුරටත්...
      ඔබව කියවන්න ඕනේ මට එක අකුරක් නැර.. ඇත්තටම. ඉතිං ඔබට ජය..!!

      Delete
    2. දෙකම විසප්පු ගෙඩි දෙකක්
      ටික ටික සැරව ගලලා
      වේලිලා යන්ඩ දෙන්ඩ

      තලල මිරිකලා
      ඉදිමුවාගන
      පුපුරලා යන්ඩ නං එපා
      විනාසයි

      Delete
    3. :)Will see
      Thank you so much for your great support..!!

      Delete
  2. Beware of the height. I think little too closer to moon today.. :)))

    ReplyDelete
    Replies
    1. Ofcourse yes; Really afraid of the height. Do you know I ask him to arrange the router somewhere here and also told don't forget to keep above 3ft as the providers' instruction... So he keep tight his mouth and told hey we are @ the 8th floor... :) :) oops its me wherever I'm , I'm Erandi :) :)

      Delete
  3. ලස්සනයි...ඔය ස්ටයිල් එක මරු....මොකක්ද ඕකට කියන්නෙ...කවි...එහෙම නැත්තන් නිසදැස්....අමුතු ලිවිල්ලක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට බොහොමත්ම... අත්තටම මම දන්නේත් නැ මේ style එක ගැන කියන්න.. ඔබ වගේ කරුණාවන්ත පිරිසක් ඉන්න නිසා මාව අගේ කරන හින්දාම වැඩියේ නොහිතා හිතෙන විදිහට ලියනවා :)

      Delete
    2. දවසක් කෙනක් මේ ලියන විදිහට කියලා තිබුණා "මරු රැපක්" කියලා :) :) :)

      Delete
    3. තමන්ගේ style එක නොතේරෙන්නේ නිරායාසයෙන් ලියන අයට

      Delete
  4. මේ දවස් වල් කියවපු පොස්ට් වලින් originality, novelty, creativity යන හැම පැත්තෙන්ම හොඳම පෝස්ට් එක ලෙස මේක නම් කරනවා.

    //මහා කරුණාවන්ත බැල්මක් එක්ක කදුළු පුරෝගෙන එයා කිව්වා
    "නැ ඔයා miracle එකක්"//

    මෙවන් සැමියෙක් ලැබුනු ඔබ ඇත්තෙන්ම වාසනාවන්තියක්.

    ReplyDelete
    Replies
    1. ඉයන් ඔබ මාව අඩවනවා... මේ බ්ලොග් ලිවීමෙන් ඉගෙන ගත්ත වැදගත්ම දේවල් ගොඩක් තියෙනවා, එකක් ඇත්තටම නිදහසේ අවංකව ලියන කියන දේ අගේ කරන ඔබ වගේ නිහතමානී මිනිසුන් ඉන්න බව

      ඔව් ඇත්තටම ඔහු නිසාම මම වාසනාවන්තියක්... උදේ ඉදං ඔහුත් මා එක්ක fasting , මං හිනාවෙන්නේ, කතාකරන්නේ මට කතන්දර කියන්න මාතෘකා මැවෙන්නේ ඔහු හින්දා... ලෝකේ හැම බිරිදකටම මේ වගේ සැමියෙක් ලැබෙන්න ඕනේ. අපි අහලා තියෙන්නේ "හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැනියක් ඉන්නවා " කියලා එත් අපේ කතාවේ හැටියට "සාර්ථක එරන්දී පිටිපස්සේ , උත්සාහවන්ත, ඉවසිලිවන්ත, කරුණාවන්ත ඔහු ඉන්නවා"
      ඔබට බොහොමත්ම පිං ...!

      Delete
  5. වරක් දෙවරක් කියවා තේරුන් ගත්තෙමි. එල මාර style එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබටත් බොහොමත්ම..... අදහස පැහැදිලි මදි වගේ ද ?

      Delete
  6. /// මාස තුනකට එක සෙනසුරාදාවක් මට නිවාඩුයි.
    ඒ නිවාඩුවත් පුදුමයි,
    කටු ගසා dye යවයි
    ගල් ගුහාවක බහා
    හුස්ම හිර කරවයි//

    හම්මේ මේ මොකෝ මේ...?????
    මට නම් ඔය එම් ආර් අයි මාර ක්ලස්ටර්ෆෝබික්....

    ReplyDelete
    Replies
    1. :) ඔබට බොහෝ දේ වැටහෙන බව පමණක් දනිමී

      Delete
  7. මේක කියවල තේරුම් ගිය දේවල් ලියන්ඩ ටිකක් බයයි බයයි වගේ ....

    ReplyDelete
    Replies
    1. :) ඉස්සෙලම ඔබ මෙහේ ආවා එක මට ලොකු සතුටක්.. තේරුම් ගිය දේ කෝකටත් ඊයක් එවලාම පලකරොත් හොදයි ද මං දා... ඔබ කියපු විදිහට මටත් බය හිතුනා :) :)

      Delete
  8. ලියල තියන විදිය ඉස්තරම්...ඉඳහිටක හුස්ම හිර උනාට කමක් නැහැ ටිකක්...මොකද ඒ එකතු කරගන්න හුස්ම ටිකෙන් තව කාලාන්තරයක් හිතූ හිතූ දේ කරන්න පුලුවන් වෙන වග සහතිකයි...

    ReplyDelete
  9. අටම්ගෙ හෝඩුවාවකින් මාත් ආවා කවිලියන එක කොයාහැටි වෙතත් රසවිඳින්ඩවත් ඒ හැටි තේරුමක් නැති මටත් මෙකේ මහා අමුතු වින්දනයක් ලැබුණා

    ReplyDelete
    Replies
    1. I have checked your blog & simply I have to say its a honor to me your company
      Thank you so much for your gentle words its inspired me.

      Delete
  10. ඔබ ගැන අනුකම්පාවක් මේ ලියවිල්ල අස්සෙන් මට දැනෙන්නේ ඇයි කියන්න මට තේරෙන්නේ නැති උනත් ඉයන්ගේ කොමෙන්ටුවක් පස්සේ ඇවිත් දෙපාරක්ම කියෙව්වා.....

    ReplyDelete
    Replies
    1. :) Its a pleasure to see you here & Thank you so much.
      All we are in theater and rolling tragedies among to the eternal truth. So wherever it is whoever it is we feel sympathe pathetic, either its yours or mine neither true or not

      Delete
  11. ඔහේ ෆිනෝමිනල් කැරක්ටර් එකක් කියලා මම තවත් තැනෙක කිව්වා.... මම ආස සම්ප්‍රදාය කුඩු කරන උන්ට මිට සම්ප්‍රදායටත් එහා ගල් යුගයට ගමන් කරන උන්ට නෙමෙයි... මට ලිංග බේදයකුත් නෑ... ඒත් අම්මට සිරි ලංකාව වගේ ගෝත්‍රික රටක උඹ ස්ත්‍රීලිංග වීම තවත් වටිනා කමක් එකතු කරනවා...

    වල්ලා පට්ට... ඉයන් තමයි ඔබ ගැන මුලින්ම ප්‍රසංසාතමකව කතා කලේ...

    එයා හැබයි මගේ එකේ ඇඩ් දානවා සල්ලි ගෙවන්නේ නැතිව... ඒකට මොකෑ කරන්නේ..

    ReplyDelete
  12. :) හැබැටම ඉහේ මල් පිපෙන බව දැන ගන්න ඔබ වගේ නිහතමානී මිනිස්සු ඉන්න වට පිටාවක බ්ලොග් එකක් ලියන්නම ඕනේ:) :) phenomenal කෙසේ වෙතත් phenomenon වෙන්න ඔබ, ඉයන් ඇතුළු හිත හොද ප්‍රවීණයන් ඕනෑම ක්‍ෂ්ත්‍ර්‍රයක සිටිය යුතුමයි. මම බ්ලොග් වලට අහම්බෙන් ආපු කෙනෙක්, ඔබ කිසි කෙනෙක් මම ආවේ කොහෙන්ද gender එක මොකද්ද ඔය කිසිදෙයක් හෙව්වෙත් නැ ඇහුවෙත් නැ. හොද නරක වගේම අළුත් දේවලුත් කියලා දුන්න විතරමයි. මනුස්සකම ඉගෙන ගන්න, ඔබ සියළු දෙනාම වටනා අත් පොත්.
    ඉයන් වරද්දන්නෙ නැතුව මම ලියන දේවල් හොයමින් අගය කරන කෙනෙක් ඔබ වගේම. ඒ නිහතමානී කම මට අදහාගන්න බැරි තරම්..
    ඉතිං පිං පිණිස කරන වැඩ nonprofitable category එකට දාමු කෝ :) :)
    ගොඩක් පිං.. තව ලියන්න මේ අගය කිරීම වැඩිත් එක්ක මට...

    ReplyDelete
  13. අටං ගේ පාරකින් තමයි මේ පැත්තට ආවෙ,, අමුතුම බ්ලොග් එකක් අපූරුයි... අපිත් දිගටම කියවනෝ දැන්... ✌️✌️✌️✌️

    මට මුකුත් කියන්න ඔලුවට එන්නේ නෑ 🙆🏿🙆🏿🙆🏿🙆🏿🙆🏿 අපූරු බ්ලොග් එකක් අමුතුම හිතුවිලි ගොඩක්!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට බොහොමත්ම.. මේ එක පැමිණීමක් එක අගය කිරීමක් මට තව නිර්මාණ ගණනකට උත්තේජනයක්. ඉතිං ඔබට පිං..

      Delete
  14. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යෑමට සුබ පැතුම්...

    ReplyDelete
  15. ඩෙලි ලයිෆ් එක සිනහව කදුල එකතු කරල ඔයා දෙන්නෙ සුපිරි ආතල් එකක් (ආතල් mean ෆන් එක මයෙ හිතෙ ෆන් mean සතුටක් ජොලියක් කික් එකක් වගෙ දෙයක් වෙන් ටැති) මම දන් නැ අනෙ මට තෙරෙන් නැ අනෙ
    පානා ඔය සිනා වෙ මොනවද හැංගිලා තියේ
    ඔහ් සමාවෙන්න එරන්දි මට අමතක උනා ආතල් වචනෙන් පිලි මාරු උනා :)
    :)
    මම සිංහල රැපර් කෙනෙක් වෙන්න පුරුදු වෙන ගමන් මෙක කියෙවුවෙ රැප් එකයි බ්ලොග් එකයි ටැපලුනා -*මම එරන්දි ගෙ බ්ලොග් පොස්ට් වලට වගෙම කොමන්ට් කියවන්නත් මම ආසයි මොරාල් එක දෙනව නෙ අප්පා ඔයාගෙ බ්ලොග් සමනලයො

    *(සමකාලිනයො) ඇඩෙන්න මෙ කිck එක ගතිය ෆෙස් බුක් එකෙ කොහෙද නෙ බොරු ලයික් එකයි බොරු හිනාවයි ඇරුන කොට ගත යුත්තක් නැති ෆෙස් බුක් එකෙන් විසි උන එරන්දි බ්ලොගියක් විම ගැන මම අප්‍රමාණ තන්තොසයට පත් උනිමි
    * බ්ලොගි යනු (බ්ලොගර් ගෙ ගැනු සතා ය )
    දිගටම ලියන්න කික්
    එරන්දි මෙව කියෙවුවම :) මම යනව එලියට
    මෙ කික් එකත් අරන්
    I see you when i see you
    *නැවත හමුවෙමු

    ReplyDelete
    Replies
    1. ඔහ් මල්ලි :) ස්තුතී ඔබට. ඔබේ වචන මාවත් motivate කළා හොදටම :) :)

      Delete
  16. ඉයන් ගේ හොදුවවකින් ආවේ. අපේ පැත්තෙත් එන්න. දැන් දෙපාරක් කියෙව්වා, චෙෆාකි ගෙන් අහන්න ඕනේ තේරුම. ඔයාගේ love එකට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඉයන්ගෙ හාදුවකින්ද ආවෙ?

      Delete
    2. @Ajith Dharma මම එනවා ඒ පැත්තේ :) ස්තුතී ඔබටත් ඉයන්ටත් දෙන්නටම. ශබ්ද රසයෙන් හැංගිච්ච පොඩි අදහසක් විතරයි තියෙන්නේ :)
      ස්තුතී ඔබට බොහොමත්ම ආවට

      Delete
  17. I think I'm an apatheist. Not sure either way, so, not bothered. :-D

    ReplyDelete
  18. Or else I'm hangry + iest :) :) :)
    Thank you very much for visiting blog..!

    ReplyDelete
  19. මුල සිට සරලව කියවගෙන එන්නං :)

    ReplyDelete
  20. පස්සෙම පෝලිමේ බංකුවක වාඩි උනා ඔන්න.හිතට අල්ලලා ගියා වැඩේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට මෙහේ එනවට. සමාවෙන්න අදයි මේ comment එක දැක්කේ

      Delete
  21. අදයි කියෙව්වෙ...අමූතුයි...

    ReplyDelete