Tuesday, May 1, 2018
මනෝවිද්‍යාත්මක ගැඹුරු පැහැදිලි කිරීමක්
අපි ටිකක් කතාකරමු ද? ගොඩක් ලොකු හේතුවක් ගැන නම් නෙවෙයි. ඒත් නිතර ඇහෙන දෙයක් ගැන.
"මට තියෙන්නේ අමතක කරගන්න බැරි කම නිසා දැනෙන වේදනාව"
ඔබ වගේම මමටත් නිරන්තරයෙන් ඇහෙන කතාවක්. ඇයි මම ඔබට බොරු කියන්නේ, වෙලාවකට ඒ මගේ ඇතුලාන්තයෙනුත් ඇහෙන කතාව :)
ඔබ තරම් ඒ සිතුවිල්ල නැති කරගන්න මම දක්ශ නොවුනු නිසා මං හොයාගත්තා "මගේ ක්‍රමයක්"
ඒ මෙන්න මේ කාරණා කිහිපය සළකා බැලීමෙනි .
1.ප්‍රශ්නය තමන් ගේ නොවනතාක් පිළිතුර දාර්ශනික ය.
2. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය ට වඩා අනිකා ඇහේ පොල් කෙන්ද ලොකු ය.
3. Time heals..
මේ අහන්න, ප්‍රශ්නයක් ඇති උනු වෙලාවක
- හොටු පෙරාගෙන අඬමින්
- නොකා නොබී ( ගෙදරට පේන්නටය. හැමෝම නිදාගත් පසු ශීතකරණය පෙනෙන්නේ නිධානයක් ලෙසත් එහි වන චොකලට් මතක් වන්නේ අමිල පුරාවස්තු ලෙසත්.)
- කිසිවෙකු හා කතාකරන්න ට නොසිතේ ( පැය 24 ම ෆේස්බුක් ය, ඉන්ස්ටය)
- ලස්සනට පිරිසිඳු ව ඉන්නට නොසිතේ (නැතත් නාන්නේ අම්මා කොස්ස ගත් විට පමණි.)
ඉතිං මේ ලිස්ට් එක ලියා ඉවර කරන්න ට බැරිය. නමුත් ඔය සියල්ල අස්සෙ අම්මාට පොල් බෑයක් නොගාන අපි එහා ගෙදරට ගැරඬියෙක් සැපත් වූවොත් සියළු ව්‍රතයන් අතැර කොස්සක්, හැදි මිටක් හෝ රැගෙන සහය පළකරන අතර එසේත් නොමැති නම් අහිංසක අම්මා බාතෲමයේ සිට ඇද දක්වා ම සෙකියුරිටි සේවයට අනුයුක්ත කරමින් නිවි සැනසෙමු.
එහා ගෙදර කතාව නිමාවට පත්වන විට සයනය මත විවිධ ඉරියව්වෙන් තපස් රකිමින් හිටි හේතුව අමතක ව යන්නේය. ඉන් පසු පෙර මුහුණුවර හදාගන්නටත් නොහැකි ව ඔබ මෙන් නොව අද ද මම අසරණ වෙමී :)
ඉතිං හරි සරළ ය, මා කුඩා කල මගේ සියළු දුක් දැහැන් බිඳ දැමුවේ මගේ චූටි අක්කාය. ජනෙල් වලින් එකල රබර් නයි මගේ ඇගට නිතර කඩා පනින්නෙය. තදින් දෙපසට ඇද අඹරා ගත් වූල්බෑන්ඩ් එකක් වුව ද අක්කාට මගේ ධ්‍යාන බිදීමට මැනවින් ගැලපුනේ ය.
මේ සියලු කාරණා බුද්ධිමත් ව සළකා බැළුවා ම (හරි ඉතිං මගේ නම #බුද්ධිකා )
*මා කනස්සල්ලෙන් සිටින ඕනෑම මොහොතක, මගේ නොවන ඕනෑම කටයුත්ත ක යෙදීමෙන් අමතක කළ නොහැකි සියල්ල අමතක කළ හැකිය.
පසු. මඟ තොටදී මා දුටු විට කොළයකින් වත් නොගසන්න. එවිට යන ගමන ද අමතක වන
මම
එරන්දී :) :)
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Friday, April 6, 2018
රත්මලාන අන්ධ විද්‍යාලය සහ අසම්පුර්ණ මං එරන්දී
කණා, ගොළුවා, කොරා, අන්ධයා යැයි දිගුකරන ඇඟිල්ල දෙස මම බලමි.
ශාරීරිකව මෙන්ම මානසිකව පමණක් නොව
ආර්ථිකමය වශයෙන්ද අභියෝගයන්ට මුහුණ දෙමින්
ඔවුන් ජීවිතය ජයගන්නට දරණ පරිශ්‍රමය දෙස මම බලමි.
ඒ සියල්ලටම අභියෝග කරමින් ජීවිතය විඳින අහසින් එන්න නිර්මාණි සහ කසුන් ගෙන් ජීවිතය ඉගෙනගනිමින් සිටිමි.
දෙව්ලියක වන් නිර්මාණි නංගිගෙන් සියුමැළි ඇඟිලි තුඩින් ලියැවෙන, අපිට නොපෙනන ලෝකයේ සියුම් තැන් ගැන අකුරු අතරින් මම දකිමි...
ඇය ද ඇගේ සහෝදර ගුරුමඩුල්ලේ ද අප්‍රතිහත ධෛර්‍යයේ අති විශිෂ්ට ප්‍රථිපල ලෙස මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් රත්මලාන අන්ධ විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට ප්‍රතිපල පිලිබඳ ඉතා සංවේදී වීඩියෝවක් ලේක් හවුස් ආයතනය විසින් සම්පාදනය කර අති බව
සමකය වටේ අපේ නලීන් අයියාගෙන් දැනගත්තෙමි. ඒ විශිෂ්ට දරුවන් ගැන ලියන්නට නලීන් අයියාට මම පොරොන්දු උනෙමි.
ලියැවෙනා අකුරුද පටලෑවෙමින් ඊයේ සිට මම තවමත් අසම්පුර්ණ ලිපියක් ලියමින් සිටිමි.
සම්පුර්ණ යැයි සිතා සිටිනා මා තුල වන අසම්පුර්ණ බව රත්තරං දුවේ-පුතේ ඔබ, නිසා පසක් කරමින් සිටින්නෙමි.
ඔබට අවැසි සහයක් මිස අනුකම්පාවක් නොවන බව ලෝකයට පසක් කරන්නට මම වෙර දරමි.
හෙට දිනන ඔබේ ගමනට වචනයකින් හෝ දිරියක් වන්නට හිතන
මං
අම්මා
එරන්දී.....

Labels: මං එරන්දී
කාලීන,
මං එරන්දී,
රත්මලාන අන්ධ විද්‍යාලය,
හිතන්න
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Sunday, March 4, 2018
දුවේ
Labels: මං එරන්දී
ඉබේ නොලිය වෙන කවි,
ඔන්න මං කිව්වා,
කාලීන
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Tuesday, February 20, 2018
ආත්මාර්ථකාමී
ආත්ම+අර්ථකාමී :) :)
ඇත්තටම ජිවත් වෙන හැම තත්පරයකටම මම මටම වටිනාකම් එකතු කරනවා, එකතු කරගන්න උත්සාහ කරනවා. හිස්කබල පුරාවට පැතිරුණු මොළය නම් මාංශලයට මට සාපේක්ෂ හොඳ සහ නරක අතර ගවේෂණයකට ඉඩ දෙන්න මං වඩාත් කැමති.
ඉතිං මේ හැම අකුරක්ම ලියවෙන්නේ ඒ ලැබුණු ඉඩෙන් ඉතුරු උනු සාරය.
ඔය කියන ගවේෂණයට පොතකින් පතකින් වගේම අන්තර්ජාලය පුරා විහිදෙන නොගිනිය හැකි තරම් අවකාශයන් එකතු කරන්නේ අමිල සේවයක්. මම ලියන්නේ මට නැවත කියවන්න... අළුත් සිතුවිලි-අරමුණු හොයාගන්න..... ඒ දැනුම අදහස් තවත් කවුරුන්ම හෝ පරිශීලනය කරණු දැකීමත්, ලැබෙන ඇගයීමත් ඇත්තටම උත්තේජයක්.
(එහෙම නැ කියනවා නම් ඒ ප්‍රලාපයක්. ප්‍රලාපයක් නෙවෙයි නම් දිනපොතක ලියලා පොත් රක්කයක හෝ වර්ඩ් වල ලියලා වන්ඩ්‍රයිව් එකේ තියාගන්න එපැයි. හා නැද්ද මං අහන්නේ?)
ඒ අතරින් බ්ලොග් ලිවිල්ල හරිම ප්‍රගතිශීලි. මොක ද ප්‍රතිචාර ක්‍ෂණිකව ලැබෙන නිසාම බුද්ධිමය සංවාදයකට නිරන්තර ඉඩක් ලැබිමත් ලොකු වටිනාකමක්.
මේ ප්‍රතිචාර ගැන කතා කරන කොට ලැබිය හැකි ප්‍රතිචාර විවිධයි. එය විචාරයක සිට විවේචනය දක්වා දිවෙන්නට ඇති ඉඩ වැඩි. ඒ වගේම ලියන්නා ගේ අදහස කියවන්නා ගේ ද අදහස වියයුතුමයි කියන තැන නම් අපි ඉන්නේ එක හරි අහම්බයක්...
මේ තියෙන්නේ මගේ එවැනි නිර්මාණයක්
රසවින්දනය ගැන කාලෙකට ඉස්සර ලියවුනු ලිපියක්.
මේ සියළු අදහස් අතරේ අප සියළු දෙනා ලියන්නේ ආත්ම+අර්ථය සඳහා නම් කියවීම ද එකී අර්ථයම ගනී.
ඉතිං අපි ලියමු-කතාකරමු
ආත්ම+අර්ථය සඳහා
මං
එරන්දී
Labels: මං එරන්දී
ඔන්න මං කිව්වා,
මං එරන්දී,
හිතන්න
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Tuesday, February 13, 2018
අපේ වැලන්ටයින්
සත්තයි...
හිතුනු වාර අනන්තයි
අනේ අපිටත්
දවසක් ම නැතත්
විනාඩි දෙක තුනක්
තිබුණා නම්
අපි අපිම වෙනුවෙන්
පොඩි එකී
පනිනකොට මැද්දට.....
යමුද රවුමක්
හලලා පුන්චිත්තිව
බොරු මොකට ද
සත්තයි
අපි කතා උනා
දෙතුන් පාරක්
අපිට හරි හිරිහැර
හුස්මක්
ලගින් ඉන්නට නැ ඉඩක්
හරි ඉරිසියා කාරියක්
ඒත්
නුඹ නොවුන්නා නම්
අපිටත් තිබුණා
ඉම්පෝර්ට් කරන්නට
වැලන්ටයින් දවසක්
එහෙම
හිතන
අම්මා
මං
එරන්දී
හිතුනු වාර අනන්තයි
අනේ අපිටත්
දවසක් ම නැතත්
විනාඩි දෙක තුනක්
තිබුණා නම්
අපි අපිම වෙනුවෙන්
පොඩි එකී
පනිනකොට මැද්දට.....
යමුද රවුමක්
හලලා පුන්චිත්තිව
බොරු මොකට ද
සත්තයි
අපි කතා උනා
දෙතුන් පාරක්
අපිට හරි හිරිහැර
හුස්මක්
ලගින් ඉන්නට නැ ඉඩක්
හරි ඉරිසියා කාරියක්
ඒත්
නුඹ නොවුන්නා නම්
අපිටත් තිබුණා
ඉම්පෝර්ට් කරන්නට
වැලන්ටයින් දවසක්
එහෙම
හිතන
අම්මා
මං
එරන්දී
Labels: මං එරන්දී
අපේ කතා,
වැලන්ටයින්
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Thursday, January 25, 2018
අපේ දවස ළු
![]() |
| World Spouse Day |
අළුත් අවුරුද්දක උදාවුණු 26 වන දවස අද.
ටිකක් ඉන්න අද ඔබ ට “එයා” එක්ක කතා කරන්නට වෙලාවක් ලැබුනා..?
උදේ ටිකක් කාර්‍යබහුලයි නේ? ඇත්ත මගේ ගෙදර ත් එහෙමයි. එතකොට හවස ට... ඇත්ත කොහොම කතා කරන්න ද හවසට දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ සමහර විට ඔෆිස් එකෙන් ගෙදර උස්සගෙන ආපු වැඩ ඔය ටික ඉවර වෙනකොට කතා කරන්න වෙන්නේ හෙට තියෙන දරුවන්ගේ පන්ති ගැන, ගේන්න ඕන අඩුපාඩු ගැන නේ ද..?
මෙහෙම ලියන්න හිතුනේ ;
අද දවස ගැන හොයන කොට මට මෙන්න මේ දවස ගැන හෝඩුවාවක් ලැබුනා නිසා.
World Spouse Day. මේ ගැන එක එක විදිහේ වාර්තා අන්තර්ජාලයේ තියෙනවා. ඒ දිනය නම් කරපු කෙනෙක් සඳහන් වෙන්නේ ත් නැ. ප්‍රධාන වශයෙන් අන්තර්ජාලය හරහා සුබ පතන දිනයක් ලෙසත් තව තැනක ආරක්ෂක අංශයේ නියුතු “එයා” වෙනුවෙන් නම් කළ දිනයක් සහ නිවාඩු දිනයක් ලෙසත් තෑගි හුවමාරු කරගැනිමකට එහා ගිය එකිනෙකා වෙනුවෙන් කාලය වෙන්කරන දවසක් ලෙස එක තැනක සඳහන් වෙලා තිබුණා.
ලෝකයා වෙළඳපොල ඉලක්ක කරගනිමින් විශේෂ දින නිර්මාණය කරන නමුත් විවිධ සැමරීම් වලට මගේ කාලසටහනේ ඉඩක් ඇත්තෙම නැ.. මොකද ගතකරණ හැම දවසක් ම මට බිසී....
අනේ නැ විශේෂ නිසා.
ඉතිං දරුවෝ පාසැලට පිටත් කරලා තේ කෝප්පයක් එක්ක අපි පත්තර විස්තර - රට තොට විස්තර - දේශපාලනය (ඕවා නම් මට ග්‍රීක්),
ක්‍රිකට් (අනේ මං නොදන්නා චෙස්)
අළුත් මත වාද, ඕපාදුප, පොඩි ඒකිගේ කෝලම් - (ආයේ ඒකට අපි දෙන්නාම සූරයෝ )
මගේ බහුශ්‍රැතකම් (ඔව් ඉතිං එයා විතරයි ඒ වා අහගෙන ඉන්නේ) රොකට් වේගෙන් දියුණු වෙන ක්‍රම (හරි ඉතිං ඒවත් මගේ වැදී බණ)
එයාගේ බණ විග්‍රහ (පුදුමයි ඕවා අහගෙන ඉදලාවත් රහත් උනේ නැ තාම)
ඔය ආදී නානාප්‍රකාර සාකච්චා එක්ක මෙලෝ රහක් නැති මගේ තේ කෝප්පයට එයාගෙන් ලැබෙන්නේ ඉහල අගය කිරීමක්. (මේ ක්‍රමේටම තමයි ලුණු නැති කෑම උනත් මං රහට කන්න දෙන්නේ)
ඉතිං හැම දවසක් ම මට විශේෂ මතක සැමරුමක්..
ඉතිං ඔබට ?
එහෙම අහන
මං
එරන්දී 😊
Labels: මං එරන්දී
අපේ කතා,
ඔන්න මං කිව්වා,
කාලීන,
හිතන්න
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Thursday, January 11, 2018
වෛරය.........
අපිට පුළුවන් ද ටිකක් කතා කරන්න..?
නැ විශේෂ දෙයක්මත් නෙවයි එත් කතා කලොත් ඔබෙත්-මගෙත් ගොඩක් රිදීම් වලට සුවයක් දැනේවි කියලා හිතෙන දෙයක්.....
මට කියන්න ඔබ මේ යෙදුම ජිවිතේ එක් වතාවක් හරි කියලා තියෙනවා ද...?
"I HATE .............." මම වෛර කරනවා .............."
මේ ළග දී දවසක මේ වචනය පිට උනා මගේ චූටි දෝණිගෙන්.... ඇත්තටම මම ටිකක් කලබල උනා.... ඒ එයාගේ තාත්තාත් මමත් අපේ වාග් මාලාවට කිසිසේත් එක් කර නොගත් වචනයක් නිසා.
ආගන්තුක වචනයක් නිසාමත් නෙවෙයි ඒ වචනයෙන් ප්‍රකාශවන හැඟීම දරුවා දැන සිටිනවා ද කියන කාරණාව මට ගැටලුවක් උනා.
මා හොඳින් පුරුදුව සිටින වා ඇය ඉදිරියේ කැරපොත්තකු එහෙමත් නැතිනම් ඇය ත් ඔහුත් අනපේක්ෂිත මොහොතක මා වෙතට විසිකරන රබර් සතකු හෝ දොර මුල්ලක සැඟව සිට කඩා පැනීමක දී හැර කලබල උනත් එය නොපෙන්වා සිටීමට... ඔව් හරියටම ඔබ වගේ :) :)
ඉතිං ඇය කිව්වේ මෙන්න මේ වාක්‍ය
"මම වෛර කරනවා මේ වතුර එකට" - අතෙහි වතුර විදුරු ව පෙන්වමින්
:) :) ඔව් කිසි ගැලපීමක් නොවුණු නිසාත් මගේ රහස් පරීක්ෂක මොළයට එකවර විවිධ සංඥා පහල වීම නිසාත් මං ඇහුවා
"ඇයි පුතේ වතුරට වෛර කරන්නේ"
"නැ මේක නෙක්ටෝ එකක් උනා නම්"....... (හරි ඉතිං දැන් ඔය ආර්ටිෆිෂල් බිම කියලා කැ ගහන්න එපා...) ඒ පාර මම නොදන්නවා වගේ ඇහුවා (හරි ඉතිං මං දන්නවාට වඩා නොදන්නා දේ ගොඩයි තමයි .),
පුතේ ඔය වෛරය කියන වචනෙන් මොකද්ද අදහස් වෙන්නේ කියලා...
උගුර ටිකක් පාදලා කියනවා "කැමති නැ" කියන එකනේ.....
හ්ම්...............
එහෙම කොහොම ද කතාව නවත්තන්නේ....?
මං ඇහුවා කොහෙන් ද පුතේ ඔය වචනේ හොයාගත්තේ...? (ඔව් ඉතිං ඕපාදුප හොයන්න වෙනවා මේ වගේ වැදගත් වැඩ වලදී )
"ආහ්හ්හ් මගේ යාලුවෙක් කිව්වා" "මං වෛර කරනවා මගේ ජිවිතේට" කියලා... ඔහ්......
මං දෝණිට කියලා දුන්නා ඔය කියන " වෛරයේ" හී තේරුම ගැන..... දෝණි පුදුම වෙලා ඇහුවා
"ඇයි අම්මේ එයා එහෙම කියන්නේ... එක හරි බය හිතෙන දෙයක් නේ "
මං දෝණිට කිව්වා යාළුවාගෙන් හෙමින් සැරේ ඒ ඇයි කියලා අහගෙන එන්න........
ආයේ මොන හෙමින් ද පහුව දා ගෙදර ආවේ රොකට් එකක් වගේ. දොර ගාව දීම කිව්වේ
"එයා ගේ අම්මා එහෙම කියලා හැමදාම අඬන වා කියලා"
මා දැන සිටින පරිදි ඇය ඉතා සුරූපී උගත් ධනවත් කාන්තාවක්...... ඒ සියළු සාධක පරදා ඇයට කළකිරෙන්නට හේතුවක් තිබුණා... හේතූ තිබිය හැකි මුත් කවරෙකුටත් ඔබව නොවටිනා මුත් ඔබට ඔබ වටිනා බව, මා ඇයට කී විට ඇය පැවසුවේ "ඔව් ඒක ඇත්ත ඒත් ඔහු මාව ප්‍රතික්ෂේප කරනවා....."
මා ඇයට පැහැදිලි කළා ඔහු ඔබව ප්‍රතික්ෂේප කලත් දරුවා ඔබව අපේක්ෂා කරන බව...
ඇය ඔහුගෙන් ඇත් ව ඔහු නිසා රිදුනු සිතින් ඇති කරගත් වෛරය වෙනුවට සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්නට දරුවා නම් අපේක්ෂාවට ඉඩ දුන්නා.......
රිදවන්නට පෙර සිතන්න ඔබට හැකි ද වෛර කරන්නකු බිහි කිරීම වගේම කෙනෙකු මානසිකව හිංසාවට ලක්කිරීමේ වගකීම දරන්න......??
මට බැරි බව වගකීමෙන් සිතන
මම
එරන්දී
ඔබ......
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Wednesday, January 3, 2018
ළමා මනස සහ වැඩිහිටි අපි
දරුවෙක් ජිවිතේට එකතුවෙන දවස කියන්නේ දෙමව්පියන්ට ජිවිතේ අමතක නොවන දවසක් බව මම දැනගත්තේ මං එරන්දී ගේ අම්මා කියන මේ කතාව හින්දා .
ගැහැණු දරුවෝ දෙදෙනෙකු ගේම අම්මා නිසා තුන් වෙනියා පුතෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන නිලම නිල් පාටින් ඇඳුම් මහපු බවත් නම විදිහට "ධනුෂ්ක එරන්ද" කියලා කල් ඇතිවම සුජානම් වෙලා ස්කෑන් කරන්නෙත් නැතුව මාරම කන්ෆිඩෙන්ට් තියාගෙන ඉස්පිරිතාලේ ගිහින් බැලින්නම් බේබි ටවල් එක දලා ගිහින්, පස්සේ තාත්තාට කතා කරලා කිව්වාම අනේ ඉතිං අවුරුදු නිසා වහලා තිබ්බ කඩයක් මුදලාලි මහත්තයාට කනිපින්දම් කියලා අරවාගෙන ගෙනත් දුන්නාලු. තාත්තා කලබලේට ගෙනත් තියෙන්නේ රෝසම රෝස පාට තුවායක් ලු අම්මා ඉතිං ............... හිතාගන්න පුළුවන්නේ ඕන්න ඔය වගේ කතා අපි තුන්දෙනා ගැනම ඒ අය කියනවා අහන් ඉද්දි දරුවෝ කියන්නේ දෙමව්පියන්ට මොනතරම් සම්පතක් ද කියන එක මං වටහාගන්න පටන්ගත්ත.
මං එයාගේ හස්බන්ඩ් ට සහෝදර සහෝදරියෝ කවුරුත් නැ... ඉතිං ඒ අම්මාට එයාගේ හැඟීම් මොනතරම් ප්‍රබල ද කියනවා නම් අද වෙනකොට අම්මා මං එයාගේ හස්බන්ඩ් කුස පිළිසිඳ ගත්තු දවසේ ඉදලා සියළු විස්තර මං ඒ අම්මාගේ ළඟ ඉදලා බලන් හිටිය ගානට කියන්න දන්නවා (අම්මා බ්ලොගය නොකියවන තාක් මගේ ආරක්ෂාව තහවුරු කළ හැක)
ඔන්න ඔය වගේ මං එයාගේ බබා උපන් දවසේ අමතක නොවෙන සිද්ධිය ක් තියෙනවා ඒ තමයි දෝණි ලැබුනේ සීතල අදික මාසයක සිතල පලාතක. ඉතිං ඇය පැය ගණනකට බාර උනේ ළදරු ඒකකයට. මාව කාමරයට ගේන අතරේ අපි වෙනුවෙන් ඒ මහ රැ ඇවිත් හිටි අපේ ආදරණියයෙකු රථ ගාලට යනතුරු මං එයාගේ හස්බන්ඩ් ගිහින් තිබුණා. ඔය අතරේ පොඩි එකෙක් ගිරිය යටින් අඬනවා ඇහෙන්න ගත්තා, මගේ අම්මා කිව්වා පුතේ මේ නම් අපේ පැටියා කියලා හැරෙන්න ලැබුනේ නැ නර්ස් නෝනා කෙනෙක් අනේ අනේ මෙයාව නම් අපිට තියාගන්න බැ අම්මා නැතුව මෙයා ඉන්නේ නැ කියලා මට දීල ගියා. එත් එක්කම වගේ මං එයාගේ හස්බන්ඩ් හතිහලාගෙන දුවගෙන ආවා , බය උනු අපේ අම්මා ඇයි පුතේ මේ කියද්දී අම්මේ දෝණි ඇඩුවා නේද අහනකොටත් දෝණි යසට මගේ තුරුලේ. අම්මාගේ ඊළඟ ප්‍රශ්නේ උනේ පුතා කොහොම ද දන්නේ..? අම්මේ පාකින් ලොට් එකට ඇහිලා මං දුවගෙන ආවා..... ඔහු කීවාට අපිටත් පිළිගන්න අමාරු උනා. ඊළගට දරුවට නම දාන්න හදන වෙලාවේ එයාට ඕන කලේ නම "මේඝගර්ජනා" කියලා දන්නා (අර සද්දේ නිසා) :) :) :) දෙපාර්ශවයේම අම්මලාගේ දැඩි විරෝධය මත ඔහුගේ ආසාව දිය උනා.
කෙසේ වෙතත් දෝණි ලොකු වෙන්න ලොකු වෙන්න ටිකක් අපිටත් ගර්ජනා එන්න ගත්තා.
තරහා ගත්තොත් පොඩි ඩයිනෝසර් පැටියෙක් වගේ දත් විලිස්සාගෙන ඩිමාන්ඩ් කළා. වැඩේ හරියන්නේ නැති බව දැනෙන කොට අපි "අනේ අපි දුප්පත් , අපිට සල්ලි නැ නේ" කියලා ඇඟ බේරගන්න පුරුදු උනා. දවසක් ඉස්කෝලේ වැඩකට සල්ලි ගේන්න කීවාම දෝණි නැගිටලා "අපි දුප්පත් , මං හිතන්නේ නැ අම්මිට්යි තාත්තිටයි ඔය සල්ලි දෙන්න පුළුවන් වෙවී කියලා" කියලා තිබුණා. දෝණිට ඒ බව තේරෙනවා නේ කියලා අපිත් සතුටු උනා......
කාලය ගෙවිලා ගියා දැන් දෝණිට 9 සම්පුර්ණයි... ජනේරුවට එයාගේ දෙවෙනි වාරේ. ඉස්කෝලේ නීතියට අනුව සුකුරුත්තම් බඩු තහනම්. ඉතිං කුඩා වෙන ඇඳුම් පවා පිරිසිඳු කරලා සික්බේ එකට යවන්න ඕනේ. දරුවෙක් ලෙඩ උනාම අමතර ඇඳුමක් හදිස්සියට ඕනේ උනාම අර සංචිතයෙනුයි ඇදුම් නිකුත් කරන්නේ. උපන්දිනයකට බටර් කේක් කැල්ලක් වත් යවන්න තහනම්. ඉතිං ඒ නිසාම අපිත් සැප්තැම්බර් මාසේ අළුත් බෑග් ඇතුළු උපකරණ අරං දුන් නිසා ආයෙමත් පොත් බෑග් ගැන උනන්දු උනේ නැ. එත් මම දැක්කා තුනේ පංතියේ බෑග් එකට දෝණි පොත් දාගන්නවා.
හොයලා බැලුවාම දෝණි කීවා "නැ මේ බෑග් එක දැන් පංතියේ යාළුවන්ට මතක නැනේ" මං ඇහුවා පුතාට අළුත් බෑග් එකක් ඕනේ ද..? "ඔව්, මාත් ආසයි යාලුවෝ එහෙම ගේනවා... එයාලගේ දෙමව්පියෝ මගේ අම්මාටයි තාත්තාටයි වඩා පෝසත් නේ...."
ඉතිං මම ටිකක් කල්පනා කළා...
දෝණිව ලඟට අරගෙන පැහැදිලි කළා... පුතේ දැන් අම්මියි තාත්ති පෝසත්... අපි හොඳින් ඉගෙනගෙන , මහන්සි වෙලා වැඩ කරලා සල්ලි එකතු කළා. පුතාට ඕනේ නම් මං බෑග් එකක් අරං දෙන්නම් එත් පුතාගේ ඉස්ලෙකෝන්ම නේ ද උගන්වන්නේ නාස්ති නොකරන්න... සරල වෙන්න කියලා...?
එයාගේ උත්තරේ උනේ, "ඔව් අම්මි, අළුත් ඇඳුමක් ඇදපු නැති බබාලා කොච්චර ඉන්නවා ද "..... මේ ඔබෙත් අත්දැකීම වෙන්න ඇති.....
දරුවොත් එක්ක වැඩ කරන්න ඕනේ හදවත වගේම බුද්ධියත් මෙහෙයවලා. ඒකට උපාධියකට වඩා උවමනා වෙන්නේ "උපාය"
එහෙම හිතන
මං
එරන්දී :)
Labels: මං එරන්දී
කාලීන,
දරුවනේ චර්යා,
ළමා මනස
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Saturday, December 30, 2017
Happy 2018
මම මේ කල්පනා කලේ, වැඩිහිටියෙක් හැටියට ඇත්තටම මේ තරුණ දරුවන්ට අපි ආදර්ශයක් වෙන්නට උවමනායි.
දැන් කාලේ උනත් අපේ කාලේ උනත් කියලා අවංකවම මට ලොකු වෙනසක් නොවුනාට අවුලකට තියෙන්නේ ඒ කාලේ මං තරුණයි, දැන් මං ඒ වයසේ නැ.... (හරි ඉතිං වයසයි තමයි, හිතේ අමාරුවට වෙන විදිහකට කියලා බැලුවා එච්චරයි).
අන්න ඒ වයසේ ගැප් එකත් එක්ක ලොකු ලොකු උපදෙස් ටිකක් දෙන්න හිතුනා මටත්.... (ඔය කිව්වාට දෙන්න තරම් උපදෙසක් මට නැ තමයි. හැබැයි මට වුනු අකරතැබ්බ නම් ඉතිං ඕනෑ තරම්. මේ ඉන් එකක්)
ඔන්න ඉතිං අපි විවාහපත් වූ අලුත.
මං මාර රූමත් , සුන්දර , උගත් බුද්ධි+මත් (ඔව් ඉතිං මගේ නම බුද්ධිකා , ඉතිං හිනා වෙන්ට හහ් ) කෙනෙක්. ආයේ මට වඩා කිසිම කෙනෙක් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැ. ඉතිං ඔන්න ඔය විදිහට කාලය ගෙවීගෙන ගෙවීගෙන ගියා.
දවසක් අකුණු ගහමින් මහ වැස්සක් වහින්න ගත්තා. මට ඉහෙන් බහින රෝගයක් නොතිබුනාට දරු පැටියත් නොනවත්වා අඬන නිසා මං ඉතිං ඔහුට දැනුම් දුන්න මට ධාරාණි පාත ඔහ් නැ ඉවසගන්න බැරි හිසේ කැක්කුමයි වහාම ගෙදර එන්න කියලා.... (කියන කොටම ඇහුවේ "අනේ ඔයාට ඒ කියන්නේ ඔළුවකුත් තියෙනවා නේ ද " කියලා).
කොහොමින් කොහොම හරි පැය දෙක තුනකට පස්සේ හරි හදිස්සියෙන් වේගෙන් (ගේ ගාවට ඇවිත් රේස් කරලා වාහනෙන් බැහැලා නෙවෙයි පැනලා ) ආවා.
එතකොට ඉතිං මගේ ඉවසීමේ සීමාව පැනලා (ඇත්තටම කිව්වොත් මට එහෙම සීමාවක් තිබුනෙම නැ ඒ කාලේ).
ඉතිං බොහොම හැදිච්ච නිවිච්ච මම ගත්තා මල්ලක් දැන් පුරවනවා අතට අහුවෙන ඇඳුම් , ඔහු කිසිම හැලහොල්මනක් නැතුව බලාගෙන ඉන්නවා. අහ්හ් ඔව් එපා තියා ඇයි වත් අහන්නේ නැ.... දැන් රෙදි දාගෙනත් ඉවරයි, මං කිව්වා දෙන්න මගේ ID එක
ආහ්හ් ඔව් නේ එක මගේ ලගනේ අමතක උනා කියලා ඊඊඊඊ ඔව් එකත් දුන්නා.....
දැන් මට යන්නම වෙන පාටයි... තවත් කල්පනා කර කර මං හොයනවා හොයනවා.... හොයනවා මොකද්ද ? කුඩයක්
ආහ්හ්හ් වැස්ස නේ මෙන්න කුඩේ දැන් මොන දෙයියට කියන්න ද..? (මම කොහේ යන්න ද, මහ ගෙදර ගිය ත් අම්මා, මා දුටු සැනින් මා ඇදගෙන විත් ඔහුට දෙන්නේ මා ඉතා ගුණයහපත් බව ඇයට වඩා දන්නා කිසිවෙකුත් නැති බැවිනි.) කමින් ත්‍රෙඩ් ඊස් නොට් ගුඩ් බව වැටහුණු මම ක්ෂණිකව ක්‍රියාත්මක උනා.
හහ්..... මාව ගෙදර යවන්න නේද...?? මම යයි හිතුවා මදි..... මං ඒ සැනින් ඇදුම් ටිකත් හලලා හෙමින් සීරුවේ නැවතුනා....
ඉතිං ඔන්න ඔහොමයි මගේ පවුල රැකුණේ. මේ අවුරුද්ද අවසාන දවසේ වැඩිහිටියකු ලෙසින් අළුතින් විවාහපත් ඔබටත් මේ වගේ අවස්තාවක් එළඹුනොත් මුහුණ දෙන විදිහ දැනුවත් කර තිබීම මගේ පරම යුතුකම හැටියට හිතුන නිසා මේ ඉටුකළේ ඒ යුතුකම.
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Tuesday, November 28, 2017
ඔබට කියමි
![]() |
| Saatchi Art Artist: Loui Jover; Ink 2015 Drawing "long way away... |
මං උන්නු
මං කඩේක
කෙකටියා
යායට
පැළ වෙලා.....
ඒ මතින්
සීරුවට
පැණි කුරුල්ලෝ
නුඹ
තාලයට
අඩි ආයේ
තියනවා
නිදිවරු මං
නැතත්
සේපාලිකා
නුඹේ
තනියට ඉන්නවා
නුඹේ නමින් ගිළිහෙන
බිම වැටී
පෙති බිඳුණු
සේපාලිකා
එකින් එක
මම ගණිනවා
හමු උනත්
ආයෙමත්
උණුහුම්ම
ඔබේ
හිරු එලියට
පිටුපා
කණමැදිරියකු
වී
ඉතිං
නික්මෙනවා
මං
එරන්දී
ප.ලි. මෙය ජිවිතේ යාත්‍රාව ලියු හරි අපුරූ කවියක් නිසාම ලියැවුණු සිතුවිල්ලක.
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Friday, October 6, 2017
Happy 41
ඒ
උඹ තමයි
මිනිහා
සවන්
දෙන්නියකටත්
සවන්
දෙන....
කට්ට කළු
උස මහත
ඝන ඇහි දාර
යට
බොර පාට ඇස්
ඇති
දැලි අඟුරු
තොල් අස්සේ
මුතු පාට
දත් ඇති
පුළුල්
උරහිස් අතරේ
රතු පාට පණ විදින
හෘද මාන්ෂලය
ඇති
හීන්
කඳුළකින් තැවී
එය ද උගුලවා
දිය හැකි....
සියුම්
තුඩකින්
ම’කුස
දැදුරු වූ දා
සිහිසුන්ව
ඇද වැටුණු....... උඹ තමයි ඒ මිනිහා
නිවුඩු හාල්
බතට
පොල්
සම්බෝලයි ඇඹුල් තියලයි
කෑවාට
නොවරදවාම
මට සිරියල් අරන්දුන්න.....
කවි ලියන එකත්
ඇරියස් එකක් කිව්වාට
ඇති තරම් කඩදාසි
Parker pens අරන්දීපු
යකෙකුගේ පෞර්ෂය
තිබුනාට,
යක්ෂණියක් වගේ කඩා පැන්නාම
ඔළුව
අතගාල පපුවට තුරුළු කරගත්තු.... උඹ තමයි ඒ මිනිහා ..........
නුඹ නිසා වාසනාවන්ත මම යි ඒ
එරන්දී
එරන්දී
Labels: මං එරන්දී
ඉබේ නොලිය වෙන කවි
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Wednesday, September 27, 2017
IRAJ - Inspiring Rumor, Aiming Judgements :)
එදා මෙන් අදත්
අද මෙන් හෙටත්..............
.
.
ධමනියක ඉපිලී
නැවුම්
ශිරාවක ලතව
පසු බැස කිළිටිව
සෙමෙන්
ලබ් - ඩබ්ව
පණ ගැහෙයි
රිසියෙන්
සෘතු අතර
යෙහෙන්....
වනට වැද
සිංහයකු හා සමඟ ද
ධනුද්ධර හැර වැද්දකු ද
සිතාය කෝ කොහි ද
මන්දෝදරී....
ස සමඟ ප
ඒ
කරළියෙහි
Market
වෙන්නේ ම
අඩ අඳුර ය......
අපි ඉන්න
ගැලරියේ......
මං එරන්දී
Labels: මං එරන්දී
අරුම පුදුම හිත,
කාලීන,
මනස
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Sunday, September 10, 2017
දරුවා සහ මව
ඔන්න හැමදාම හවස ගෙදර එනකොට මගේ ඔළුවට එනවා මාරම Plan. ඇත්තමයි අද තමයි දවස.. , අද උයනවා රසම රසට... ඊට පස්සේ තුන්දෙනත් එක්ක වාඩිවෙලා දවසේ විස්තර කිය කියා කනවා........ ඔන්න ඔය වගේ ගොඩක් දේවල්.....
ඔන්න ගෙදර ලං වෙනවා..... මෙන්න මං යනකොට දෝණි රසකර කර කනවා මොනවද.... මොනවද ඉතිං Pop-corn....... අයියෝ...... මොන රහක් හින්ද ද ඔය කන්නේ..... ඉතිං ඔන්න මට තරහ යනවා...... (හිතුවා නේ පොඩි එකී ගුටි කැවා කියලා..... මං කිව්වේ තරහා යනවා කියලා , එනවා කියලා නෙවෙයි නේ..:) )
මාත් හෙමිට වාඩිවෙනවා දෝණි ගාවින්...... මගේ දෝණි හරිම හොඳයි.....
"අම්මිට මහන්සිද"
"තේ හදන්න ද "
එපා පැටියෝ මටත් ඔන්න ඔකෙන්ම ටිකක් දෙන්න... ඔන්න ඉතිං අපි කනවා.... අනේ ලස්සන Cartoon යනවා.................... ඉතිං මං බලනවා.... දෝණි එබිලා මං දිහා බලනවා.. එයා homework කරනවා මං Cartoon බලනවා....
අම්මි ආසද Cartoon බලන්න.. හ්ම් ....... ඇයි අම්මී ඒ........
මං කෙලින් උනා current වැදිලා වගේ.. නැ මේකනේ අක්කි වැඩේ (ලොකු කතාවක් කියද්දී එයා අක්කි මං නංගි )
මං චූටි කාලේ අම්මා'ම්මා මට TV බලන්න දුන්නැ නේ අක්කි එකයි.......
අනේ මගේ Cutie පව්...... (එහෙම කිව්වේ දෝණි ,මට )
ඉන්ඩ මං අහන්නම් අම්මා'ම්මා ගෙන්..... ආම්මෝ එපා මං එයාට බයයි Please...........
(හා ඒ කථාව එතනින් Shape එත් ඉවර වෙන්නේ ඕක දෝණි අම්මා ගෙන් අහලා අම්මා මට....... එක්කෝ ඕනේ නැ.................. )
(ඔන්න දෝණිගේ වැඩ ඉවරයි.....) අහ්හ්හ් අම්මී.. අම්මී හරිම කම්මැලියෙක් නේ..... (ඒ මං නිදිකිරණ වෙලාව...)
අයියෝ මේ බලන්න අම්මි තාම සපත්තු ගලවලාත් නැ ..... ඉන්න මං ගලවන්න
එපා එපා මං ගලවන්නම්.... අනේ පුතේ මේ සපත්තු දෙක අරන් තියනවා ද...?
ඉතිං පුංචි දරුවෝ වගකීම් දරන්න බොහොම කැමතියි.....
නැතුව
මං
කම්මැලි
එරන්දී
නෙවෙයි
(දරුවන් ඉගෙන ගන්නේ අහන දකින දේ වගේම පුංචි පුංචි වගකීම් දැරීමෙන්. වැඩිහිටියන් හැටියට් හැකි සැම අවස්ථාවකම දරුවන්ට වගකීම් දරන්නට අවකාශ සැලසීම , ඔව්න් ට නොදැනෙන්නට ඔවුන් පිටුපසින් සිටිමින් දිරමත් කරන්න. එක එක චරිත වලට ඔබ ආරෝපණය වෙන්න,
උදාහරණයක් ලෙස මම නංගි පුතා තමයි අද අක්කා
මේ තුලින් ඒකාකාරිත් වය නිසා නොසන්සුන් වන දරුවාට විනෝදජනක ක්‍රීඩාවක මුහුණු වරින් ජිවිතේ හුරු කරන්නට තරම් ඔබ බුද්ධිමත් වන්න)

හිතන්න,
ළමා මනස
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Friday, September 1, 2017
අපේ කතාවක්
14ක්, ඔබ හා මං එරන්දී
ජිවිතේ අපි ගෙවා ආ දුර
එක්ව වැටී වැටී නැගිට්මින්
නැග්ගේ කඳුමයි
පල්ලමක් නොදුටුව තරම්
නෝක්කාඩු ද රැවුම්
ගෙරවුම්
තිබුණා සත්තයි එත්
කෙනෙහිලි
මං අතින්............
යකෙක් ඇත්තම ගොරවනා විට
මේඝනාද ද පරදවයි
කිසිත් කිසිදා එවන් කිපුමෙන්
ඔරවලා නැ
ඒ මට සහතිකයි...........
ඉතිං තරහයි
දෝණි තුරුලේ නැල උනෙන්
රැවූම් ගෙරවුම් වැඩි
වෙන්නේ
මගේ ඒ සැනින්,
සියල් සිතුමන් හොඳින්
හදුනන
උතුම් පපුවකි රළු හමට
යටින්
ලියන්නට නම් චීන පවුරත්
දිගම දිග මදි ඔබ නමින්
හිතට බය මගේ
තවත් භවයක
ගමන දිඟු වේ ද
මේ ලෙසින්........
මං එරන්දී
Labels: මං එරන්දී
ඉබේම ලියවෙන කවි,
මං එරන්දී
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Thursday, July 27, 2017
රළ - වෙරළට සෙනහසින්....
![]() |
| It tells "you'll always walk together". |
අතුරලා රැළිති කෙහෙ රැළි
විසුරුවා විසල් පපුතලේ..
යොමා සවනත
පියා නෙතු පිය
අසා ඉන්නට
ස්නේහයේ ස්වරය...
සුසුම් සුවඳේ හී
නැහැවී
මතක විසුරුවා
ස්නේහයේ...
යළිත් ඇවිදින් යන්න
එන්න හිතයි මට ආයේ.....
මං එරන්දී....
Labels: මං එරන්දී
අරුම පුදුම හිත,
ඉබේම ලියවෙන කවි,
කිවිදියක් නොවන මගේ ලියමන් I'm not a poetess
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Tuesday, July 11, 2017
අම්මා
අම්මා මගේ Posh නැත.....
පලින් පල සුදු කෙස් එක දෙකක් ඇත
Under eye cream ගැන ඇය කිසිත් අසා නැත
ඇස් යට යන්තමට දැන් රැළි වැටී ඇත
දේදුණු වන් හැඩ ඇහි බැමක් ඇත
සත්තයි ඈ වැස්සකටවත් Saloon ගොස් නැත
සෙමින් පිරිමැද අවදි කරනා දෙවඟනක් ඇත
දුවෙක් මුත් මං පුතේ කියනා අම්මා කෙනෙක් ඇත
Darling කියන්නට මට Mummy කෙනෙක් නැත
BBC update නොවනා අම්මා කෙනෙක් ඇත
එනමුදු විශ්වයම ඇය දෙපාමුල ඇත
Siri උනත් නොදන්නා බොහෝ දේ ඇත
ලොවම අතබුලකි අම්මා ඇති තැන
අටලෝ දහමෙහි හරය කියා ඇත
හොඳ නරක ගුණඅගුණ ඈ කියා දී ඇත
කරදර එන්න පෙර සෙත් පිරිත් කියා ඇත
බුද්ධියම පිහිට කොට සරණ යන්නට කියා දී ඇත
නිවන් යන්නට ඇය පන්ති ගියේ නැත
ලියන්නට තව බොහොමත් ඇත
ලියා නිමවන ඉමක් නොපෙනෙන.... අම්මා කෙනෙක් ඇති
මං
එරන්දී.....
පලින් පල සුදු කෙස් එක දෙකක් ඇත
Under eye cream ගැන ඇය කිසිත් අසා නැත
ඇස් යට යන්තමට දැන් රැළි වැටී ඇත
දේදුණු වන් හැඩ ඇහි බැමක් ඇත
සත්තයි ඈ වැස්සකටවත් Saloon ගොස් නැත
අපේ ගෙදරට Alarm නැත
3 ට ඇහැරෙන අම්මා කෙනෙක් ඇතසෙමින් පිරිමැද අවදි කරනා දෙවඟනක් ඇත
දුවෙක් මුත් මං පුතේ කියනා අම්මා කෙනෙක් ඇත
Darling කියන්නට මට Mummy කෙනෙක් නැත
BBC update නොවනා අම්මා කෙනෙක් ඇත
එනමුදු විශ්වයම ඇය දෙපාමුල ඇත
Siri උනත් නොදන්නා බොහෝ දේ ඇත
ලොවම අතබුලකි අම්මා ඇති තැන
![]() |
| සුරතල් දකින්නට දැන් ඇයට තව අය ඇත |
අටලෝ දහමෙහි හරය කියා ඇත
හොඳ නරක ගුණඅගුණ ඈ කියා දී ඇත
කරදර එන්න පෙර සෙත් පිරිත් කියා ඇත
බුද්ධියම පිහිට කොට සරණ යන්නට කියා දී ඇත
නිවන් යන්නට ඇය පන්ති ගියේ නැත
ලියන්නට තව බොහොමත් ඇත
ලියා නිමවන ඉමක් නොපෙනෙන.... අම්මා කෙනෙක් ඇති
මං
එරන්දී.....
Labels: මං එරන්දී
ඉබේම ලියවෙන කවි,
කිවිදියක් නොවන මගේ ලියමන් I'm not a poetess
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Tuesday, July 4, 2017
මනස - මං එරන්දී
මෙන්න මෙතන කියපු විදිහටම මං පොරොන්දුව ඉෂ්ට කළ අතර මේ ලිපියෙන් විස්තර වන්නේ මං එරන්දීට අනුව HeightPhobia සහ ShoeManiac ගැන කරුණාවෙන් සලකන්න
මං අපේ පවුලේ බාලයාට කලින් එකී....., බාලයා චූටි නංගි...හෑ...........
(දැන් එතකොට කලින් කිව්වේ පවුලේ බාලයා ය ඉන්නේ අක්කලා දෙන්නෙක් විතරක්ය කියලා..?
හරි ඉතිං ඒ කිව්වේ අපේ ගෙදර ගැන මේ කියන්නේ මව් පාර්ශවයේ මහ පරම්පරාව ගැන )
පවුලේ බාලම කොල්ලා බැන්දා .
ඉතුරු වෙලා හිටියේ චූටි නංගි විතරයි..... එයත් ගිය මාසේ මුල කසාද බැන්දා.... (ඉතිං අපේ මොකෝ)
එහෙම හිතන්න එපා හිතාදර මිතුරනි... ඒ විවාහයත් සමඟ මට අත්වූ ඉරණම ඉතාම ඉතාම........................................ වැඩක් නැ එක්කෝ කියලා......... ඔබට හිතාගන්න පුළුවන් නේද.............. (අපිට වෙන වැඩ නැනේ මෙයාගේ ඉරණම ගැන හිතන්න හහ්...)
මා අගතියට පත්විය..... මින් මතු දවසේ පැය විසි හතරේන් ඕනෑම මොහොතක ඇගේ මනරම් අඳුරු ගුහාවට කඩා වැදීමේ අයිතිවාසිකම මා වෙත අහිමි වුයේය.... එය වඩා හොඳය , නැත්තම් මා කුමන මොහොතක හෝ මිය යන්නේ ගුටි කෑමෙන් නොව හුස්ම හිරවීමෙන්ය.... පතලකට බැස මැණික් සොයන්නා සේ මා ඉතා වෙහෙස වී හාරා අවුස්සා සොයනුයේ ඇය ලොවපුරා ඇවිද ගෙන එන සුවඳ විලවුන්ය.... නිය ආලේපනය..... දෙවියනේ සපත්තුය....... අම්මෝ අත් බැග්ය... තවද මනකළඹනපිස්සු හැදෙන විසිතුරු බඩුය......... එපමනක් නොව රස නහර පිනා යන චොක්ලට්ය....... මේ කිසිවක් මිළදී ගැනීමෙන් කිසිඳු වටිනාකමක් හෝ රසයක් නොදැනෙන අතර නංගිව මංකොල්ල කෑමෙන් පමණක්ම උදාකරගත හැකි සතුටකි...... (එය දන්නේ ද නංගිලා ඉන්නා අක්කලාම පමණක්ය )
මේ අකටයුතුකම් දරාගනු බැරි තැන
"මං එයාගේ හස්බන්ඩ් " - මේ පොඩි එකාගේ දේවල් ගන්න ඔයාට ලජ්ජා නැද්ද , තියලා යන්නයි කිව්වේ ආදී වශයෙන් තර්ජනය ආරම්භ කරන ඒ සමාරම්භක මොහොතේම
විත්තියේ නීතිඥ හෙවත් පුංචි අම්මා වහාම මා වෙනුවෙන් ඉදිරිපත් වන්නේය..... පොඩි කාලයේ මා විසින් නංගි බලාගත් හැටි ද ඒ නිසා මට ද මේ සියල්ල අයිති බව ද තර්ක විතර්ක මද්‍යයේ ගෙනහැර දක්වන අතර විත්තියේ සාක්ෂි වෙනුවෙන් පෙනී සිටිනුයේ ද නංගි මය...... නංගි "පොඩි ඒකිගේ ආසාවනේ අයියේ , කමක් නැ මං ඊලග පාර ගන්නවා ඔයිට වඩා අරක මේක බ්ලා බ්ලා..... " යනුවෙන් කරුණු දක්වා සමතයකට පත්වන්නේය. ඊලග වතාවේ ද පැයක් දෙකක් පොරකමින් ද පුංචි විසින් packing කඩා නැති සියළු බඩු සොයමින් මා වෙත ගෙනවිත් තබන අතර
මං එයාගේ හස්බන්ඩ් මඟ දිගට නංගි විසින් උපුටා දැක්වූ සාක්ෂි සහ කාරණා ඉදිරිපත් කරමින් "ඊයා මේ......." යැයි නැළවිලි ගී ගයනා විට මට සැනසීමේ නින්ද යන්නේය...... ඉහත සියළු ප්‍රතිලාබ අහිමී වීමේ දුක ද අළුත් මල්ලි ඉදිරියේ එසේ හැසිරීම නොහොබිනා බැවින් ද මං මහත්සේ දුකට පත්ව සිටින්නේය..........
ඒ දුක කෙසේ උවද ස්ථානොචිත ප්‍රඥ්ඥාවෙන් යුතු මා විසින් කල්වේලා බලා නොහොත් අපගේ දිව්‍යරතයෙන් බිමට බට මොහොතේම දිව ගොස් කොණ්ඩයක් වවා පොනිටෙල් දමා උන් ශක්තිමත් ඔහු වෙත කඩා පැන... මේ අංකල් නේද අර චිත්‍රපටිවල එහෙම ගුටු කන සීන් වල ඉන්නේ යැයි ඇසු කළ මගේ පිටට මී මැස්සෙකු හාදු දුන් තරම් සනීපයක් දැනෙන්නට විය. ඒ අපේ අම්මාය....... ඔහු චූටි නංගි ගේ මනමාල මල්ලිගේ පියාය....
අම්මලාගේ හැටි එහෙමය.... එත් අඩි උස සපත්තු ඉල්ලා හඬා වැටෙන විට දෙවරක් නොහිතා අරං දෙන්නේ මං එයාගේ හස්බන්ඩ් ය. ලාඩන් ගැසූ වෙලබක ලෙසින් ඕනෑම උත්සවයක ආරම්භයේ ඊට සහබාගි වන මං, උත්සවය මැද භාගය වන විට ලාඩම් ගලවා අපවෙනුවෙන්ම වෙන් කළVIP මේසයේ බිමට එල්ලා වැටෙන මේස ඇතිරිල්ල යටින් ආරක්ෂාවට තබන්නේය. ඉන් පසු මගේ වාර්තාගත උස අපේ පපරාසින්ගේ ෆොටෝ වල හිටීවි යැයි බියවන මා එකදු ෆොටෝවකට හෝ අවසර දෙන්නේ මං එයාගේ හස්බන්ඩ් ළඟ සිටින්නේ නම් පමණක්මය....
කැළැල් වැසෙන්නට මේකප් බාල්දියක නොබසින මගේ සඳවන් මුහුණේ හත් අවුරුද්දක් සාගින්නේ හිටි බව හැගවිමට හකු අකුලාගෙන කට උල් කරගැනීමට වෙහෙස නොවනා අතර පෘෂ්ටිමත් ශරීරය , සඟවන්නට පණුවෙකු සේ හැරෙන්නේ ද නැත. නමුත් කොට බව ප්‍රදර්ශනය වීම මහත් ගැටළුවක් වන අතර මං එයාගේ හස්බන්ඩ් ගේ කකුල උඩ හිටගැනීමෙන් ප්‍රශ්නය විසඳාගන්නට හැකිය. වැටේ යැයි බියෙන් ඔහුගේ ඇඟේ එල්ලෙන අතර නොදන්නා අය "අනේ වාසනාවන් , So lovely couple " කියන අතර දන්නා අක්කලා කෝචෝක් කරන්නේය. ඊට වාඩුව ලෙස කටවල් ඇද වූ සහ කාන්තාරයේ සිට මේ දැන් ක්‍ෂේම භූමියක් දුටු set එකක් මෙන් කාන්තාරපස තැටිපිටින් ගිලදමනා පිංතුර ගන්නා අතර ඒවා පෙන්වමින් කටවල් වසා දමන්නේ කිසිදු තර්ජනය කිරීමකින් තොරවය.
මේ සියළු සිදුවීම් අස්සේ
නංගි පිට වන මොහොතේ කොහෙදේ සිට පැමිණි ලොකු අයියා (එයා ද අපේ පරම්පාරාවේ ලොකුම අයියා ය.... මතක විදිහට පනහත් පැනලාය.... ) අද දීගෙක ගිය නුඹ මට කියන්නට පටන් ගත් අතර මං හොඳටම හඬා වැටුනේය....... ඒ ඇය විවාහ වූ නිසා නොව
අවංකවම කිව්වොත් චූටි නංගිගේ විවාහයට කලින් මල්ලි ශේප් කරගන්නට කල් මදිවූ නිසාය.........
ඉතිං සියළු ප්‍රිය සම්බාෂණ කෙළවර සියල්ලෝ සතුටින් විසිර යන අතර අස්ස ලාඩන් දෙක පයේ නොව අතේ ලාගෙන ගෙදර පැමිණෙන
මං
අම්මේ ඔව්
එරන්දී......
.
ඉයන් අයියගේ පොල් මැල්ලුම රෙසිපිය ගත්තාට ළුණු ගෙඩියක්වත් ලියාගන්නට බැරි මට පොල් මැල්ලුම මලවාගන්නට බැරි විය. ඒත් මොනම හරි එකක් ලියාගත්තේය...... රස වැහෙන දුමිගේ පොල් මැල්ලුම ද රස්තිගේ පොල්මල්ලුම ද ඉතා රසවත්ය. ඒ අතරේ පොල්මැල්ලුම් ෂානරයේ 'ප්‍රබුද්ධ' කෙටිකථා මේ අයුරින් පෙළගැසී ඇත්තේය.
මං අපේ පවුලේ බාලයාට කලින් එකී....., බාලයා චූටි නංගි...හෑ...........
(දැන් එතකොට කලින් කිව්වේ පවුලේ බාලයා ය ඉන්නේ අක්කලා දෙන්නෙක් විතරක්ය කියලා..?
හරි ඉතිං ඒ කිව්වේ අපේ ගෙදර ගැන මේ කියන්නේ මව් පාර්ශවයේ මහ පරම්පරාව ගැන )
පවුලේ බාලම කොල්ලා බැන්දා .
ඉතුරු වෙලා හිටියේ චූටි නංගි විතරයි..... එයත් ගිය මාසේ මුල කසාද බැන්දා.... (ඉතිං අපේ මොකෝ)
එහෙම හිතන්න එපා හිතාදර මිතුරනි... ඒ විවාහයත් සමඟ මට අත්වූ ඉරණම ඉතාම ඉතාම........................................ වැඩක් නැ එක්කෝ කියලා......... ඔබට හිතාගන්න පුළුවන් නේද.............. (අපිට වෙන වැඩ නැනේ මෙයාගේ ඉරණම ගැන හිතන්න හහ්...)
මා අගතියට පත්විය..... මින් මතු දවසේ පැය විසි හතරේන් ඕනෑම මොහොතක ඇගේ මනරම් අඳුරු ගුහාවට කඩා වැදීමේ අයිතිවාසිකම මා වෙත අහිමි වුයේය.... එය වඩා හොඳය , නැත්තම් මා කුමන මොහොතක හෝ මිය යන්නේ ගුටි කෑමෙන් නොව හුස්ම හිරවීමෙන්ය.... පතලකට බැස මැණික් සොයන්නා සේ මා ඉතා වෙහෙස වී හාරා අවුස්සා සොයනුයේ ඇය ලොවපුරා ඇවිද ගෙන එන සුවඳ විලවුන්ය.... නිය ආලේපනය..... දෙවියනේ සපත්තුය....... අම්මෝ අත් බැග්ය... තවද මනකළඹන
මේ අකටයුතුකම් දරාගනු බැරි තැන
"මං එයාගේ හස්බන්ඩ් " - මේ පොඩි එකාගේ දේවල් ගන්න ඔයාට ලජ්ජා නැද්ද , තියලා යන්නයි කිව්වේ ආදී වශයෙන් තර්ජනය ආරම්භ කරන ඒ සමාරම්භක මොහොතේම
විත්තියේ නීතිඥ හෙවත් පුංචි අම්මා වහාම මා වෙනුවෙන් ඉදිරිපත් වන්නේය..... පොඩි කාලයේ මා විසින් නංගි බලාගත් හැටි ද ඒ නිසා මට ද මේ සියල්ල අයිති බව ද තර්ක විතර්ක මද්‍යයේ ගෙනහැර දක්වන අතර විත්තියේ සාක්ෂි වෙනුවෙන් පෙනී සිටිනුයේ ද නංගි මය...... නංගි "පොඩි ඒකිගේ ආසාවනේ අයියේ , කමක් නැ මං ඊලග පාර ගන්නවා ඔයිට වඩා අරක මේක බ්ලා බ්ලා..... " යනුවෙන් කරුණු දක්වා සමතයකට පත්වන්නේය. ඊලග වතාවේ ද පැයක් දෙකක් පොරකමින් ද පුංචි විසින් packing කඩා නැති සියළු බඩු සොයමින් මා වෙත ගෙනවිත් තබන අතර
මං එයාගේ හස්බන්ඩ් මඟ දිගට නංගි විසින් උපුටා දැක්වූ සාක්ෂි සහ කාරණා ඉදිරිපත් කරමින් "ඊයා මේ......." යැයි නැළවිලි ගී ගයනා විට මට සැනසීමේ නින්ද යන්නේය...... ඉහත සියළු ප්‍රතිලාබ අහිමී වීමේ දුක ද අළුත් මල්ලි ඉදිරියේ එසේ හැසිරීම නොහොබිනා බැවින් ද මං මහත්සේ දුකට පත්ව සිටින්නේය..........
ඒ දුක කෙසේ උවද ස්ථානොචිත ප්‍රඥ්ඥාවෙන් යුතු මා විසින් කල්වේලා බලා නොහොත් අපගේ දිව්‍යරතයෙන් බිමට බට මොහොතේම දිව ගොස් කොණ්ඩයක් වවා පොනිටෙල් දමා උන් ශක්තිමත් ඔහු වෙත කඩා පැන... මේ අංකල් නේද අර චිත්‍රපටිවල එහෙම ගුටු කන සීන් වල ඉන්නේ යැයි ඇසු කළ මගේ පිටට මී මැස්සෙකු හාදු දුන් තරම් සනීපයක් දැනෙන්නට විය. ඒ අපේ අම්මාය....... ඔහු චූටි නංගි ගේ මනමාල මල්ලිගේ පියාය....
අම්මලාගේ හැටි එහෙමය.... එත් අඩි උස සපත්තු ඉල්ලා හඬා වැටෙන විට දෙවරක් නොහිතා අරං දෙන්නේ මං එයාගේ හස්බන්ඩ් ය. ලාඩන් ගැසූ වෙලබක ලෙසින් ඕනෑම උත්සවයක ආරම්භයේ ඊට සහබාගි වන මං, උත්සවය මැද භාගය වන විට ලාඩම් ගලවා අපවෙනුවෙන්ම වෙන් කළ
කැළැල් වැසෙන්නට මේකප් බාල්දියක නොබසින මගේ සඳවන් මුහුණේ හත් අවුරුද්දක් සාගින්නේ හිටි බව හැගවිමට හකු අකුලාගෙන කට උල් කරගැනීමට වෙහෙස නොවනා අතර පෘෂ්ටිමත් ශරීරය , සඟවන්නට පණුවෙකු සේ හැරෙන්නේ ද නැත. නමුත් කොට බව ප්‍රදර්ශනය වීම මහත් ගැටළුවක් වන අතර මං එයාගේ හස්බන්ඩ් ගේ කකුල උඩ හිටගැනීමෙන් ප්‍රශ්නය විසඳාගන්නට හැකිය. වැටේ යැයි බියෙන් ඔහුගේ ඇඟේ එල්ලෙන අතර නොදන්නා අය "අනේ වාසනාවන් , So lovely couple " කියන අතර දන්නා අක්කලා කෝචෝක් කරන්නේය. ඊට වාඩුව ලෙස කටවල් ඇද වූ සහ කාන්තාරයේ සිට මේ දැන් ක්‍ෂේම භූමියක් දුටු set එකක් මෙන් කාන්තාරපස තැටිපිටින් ගිලදමනා පිංතුර ගන්නා අතර ඒවා පෙන්වමින් කටවල් වසා දමන්නේ කිසිදු තර්ජනය කිරීමකින් තොරවය.
මේ සියළු සිදුවීම් අස්සේ
නංගි පිට වන මොහොතේ කොහෙදේ සිට පැමිණි ලොකු අයියා (එයා ද අපේ පරම්පාරාවේ ලොකුම අයියා ය.... මතක විදිහට පනහත් පැනලාය.... ) අද දීගෙක ගිය නුඹ මට කියන්නට පටන් ගත් අතර මං හොඳටම හඬා වැටුනේය....... ඒ ඇය විවාහ වූ නිසා නොව
අවංකවම කිව්වොත් චූටි නංගිගේ විවාහයට කලින් මල්ලි ශේප් කරගන්නට කල් මදිවූ නිසාය.........
ඉතිං සියළු ප්‍රිය සම්බාෂණ කෙළවර සියල්ලෝ සතුටින් විසිර යන අතර අස්ස ලාඩන් දෙක පයේ නොව අතේ ලාගෙන ගෙදර පැමිණෙන
මං
අම්මේ ඔව්
එරන්දී......
.
ඉයන් අයියගේ පොල් මැල්ලුම රෙසිපිය ගත්තාට ළුණු ගෙඩියක්වත් ලියාගන්නට බැරි මට පොල් මැල්ලුම මලවාගන්නට බැරි විය. ඒත් මොනම හරි එකක් ලියාගත්තේය...... රස වැහෙන දුමිගේ පොල් මැල්ලුම ද රස්තිගේ පොල්මල්ලුම ද ඉතා රසවත්ය. ඒ අතරේ පොල්මැල්ලුම් ෂානරයේ 'ප්‍රබුද්ධ' කෙටිකථා මේ අයුරින් පෙළගැසී ඇත්තේය.
Labels: මං එරන්දී
ඔන්න මං කිව්වා,
මං එරන්දී
ජීවිතය විදවන්නට නොව විදින්නට වගේම , සිතුවිළි සියල්ලට පාර කියන බව අදහන්නියක්
Monday, June 26, 2017
ස්තුතී........
මං පොඩි කාලේ
"ඔයා ලොකු උනාම කව්රු වෙන්න ද කැමති?"
දෙවරක් නොහිතාම
"අම්මා කෙනෙක් වෙන්න "
මං එහෙම කිව්වේ ඇයි කියලා කව්රු හරි ඒ වයසේදී ඇහුවනම් ඇත්තටම මං දැනගෙන හිටියේ නැ....
තව දෙයක් ආගමික පසුබිමත් එක්ක බුද්ධත්වය ලබන්න නම් පිරිමි ආත්මභාවයක් ලබන්න ඕනේ කියලා කියවෙන සාහිත්‍යමය සටහන් කියවපු මං හැමදාම හිතුවේ මං කවදාවත් බුදුබව ප්‍රාර්ථනා කරන්නේ නැ කියලා....
ඒ මට මගේ තාත්තා තරම් වගකීම් දරන්න බැ කියලා හිතුන නිසා....
මේ වගේ වටපිටාවක සිතුවිළි පෝෂණය වී වැඩුණු මගෙන් අද ඔබ ඇහුවොත්
"ඔයා මොනාද කරන්නේ?"
මං ගෘහණියක්
"නැ රැකියාවාක් කරන්නේ නැද්ද ?"
පැහැදිලිවම නැ... මං කරන්නේ සේවාවක්....
"ඒ මොකද්ද "
මං දුක අසන්නියක්... ජිවිතේ වැරදුනු තැන් නිවැරදි කරගන්න මඟ පෙන්වන්නියක්....
මා නිවැරදිව හඳුනාගත් සුළු පිරිසක්
"ඇයි ඔබ ඔබේ අත්දැකීම් ලියන්නේ නැත්තේ..?"
කිසිවක් මගේ අත්දැකීම් නොවනමුත් මා ලිවිය යුත්තේ කිසියම්ම කෙනෙකුගේ ජිවිතයය....... මිනිස් ජිවිත තුල ගඳ ගසමින් පැසවන කුණු ගඳට ඕනෑම සමාජයක ඉහළ ඉල්ලුමක් ඇතිමුත් මා ඒ ඔඩු දුවන තුවාල අපුලකින් තොරව සැරව පිස සුවපත් කරන්නට උපකාරවන සහායකයකු මිස එකී දුක අවුස්සා බෙදාගෙන කන්නට කෑ ගසනා කාක්කකු නොවෙමී..
නමුත් ඔබ කි පරිදිම කතා සමුහයක සාරාංශය තවකෙනෙකුට පිහිටක් විය හැකි නිසාම තෝරා බේරාගත් සමාජ ගැටළු කිහිපයක් ගැන ලියා තබන්නට මෙලෙසින් ඇරඹුම සටහන් කරන්නට සිතුවෙමී.....
ගිය අවුරුද්දේ මැයි මාසේ අටවගත්ත මගේ වියුණුව අකල්බකල් වෙලා ආයෙමත් අටවා ගත්තේ 2016 ජුනි 17. ඉතිං අවුරුද්දක් වෙන තැන ,
වැඩිහිටි වයසේ මං තුල ජිවත් වන ළදැරියක ගේ මනසින් සැහැල්ලුව ජිවත් වන කතාකරන මං එරන්දී තුල ලියවෙන ලිපි අතර සීමිත ලිපි ප්‍රමාණයකින්ඔබට වැඩිහිටි මං එරන්දී හමුවන්නට හැකිවනු ඇති.....
අවුරුද්දක් වෙන මං එරන්දී එන්න නිතර කියවෙන "මෙලෝ රහක් නැති" විශේෂණය ඇත්තටම මගේ නමේ ඉස්සරහට ආපු හැටිත් මේ එක්කම ලියන්න මට හිතුනා.... ඒ හෘදයාංගම හැඳින්වීම මා වෙනුවෙන් කලේ මෙන්න මෙතුමා
විවිද තැන්වල විවිද අය මේ වචනේ යොදාගත්තත් මං එරන්දී මෙලොරහක් නැති බව දැන, යොදාගත් රහස මෙයයි...
කතාව ඇත්තය, එහෙව් මාව කියවමින් දිරිමත් කළ ඔබ සියළු දෙනාට ස්තුතී කියන ,
මෙලෝ රහක් නැති

Subscribe to:
Posts (Atom)