Sunday, September 18, 2016

මේ ඉරයි හඳයි ඇත්තමයි මහා පුදුමයි.....


කතා නොකලත් සඳවතී
මේ උණුහුමට නුඹ හිත ඇති 
තරු රැසක මගේ සඳවතී 
ලංව ඉනු බැ මා හිතැත්ති 
දවන්නට හිත දුක ඇති 
ලං වෙතත් සිසිලක් නැති 
රැ පුරා හෙලු කඳුලේ ඇති 
සීතලද මට හිමි නැති 
සිනාසෙන දුක්නෙතු ඇති 
ලොවම නොදකින දුර ඇති 
සිනේරුව මත හිත ඇති 
අපි අපිට කිසිදා හිමි නැති 
දිළෙනු සිහිලැති සඳවතී 
මේ එළිය ගෙන මගේ රුවැත්ති 
කල්පයක පෙම සුවඳ'ති 
මේ චණ්ඩ හිත නුඹ ළඟ සියුමැළි....... 

ඔහොම හිතන්නෙම 
මං 
එරන්දී 


Saturday, September 3, 2016

කොළ දන්නා අයට ගස් පැල කර පෙන්විමට තරම් මෝඩ විම හෙවත් මට ලියන්නට නොදන්නා බව සැඟවීම :)

අනේ... බ්ලොග් එකක් හදන්න පුදුම ලේසිනෙ.... 
නැ......හ්හ් 
නැ නෙවෙයි ඔව් 
 මම බ්ලොග් එකක් හදා ගත්තේ, comment කරන්න ගිහින් , අහපු ආස හිතෙන පුදුමහිතෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න ගිහින්නේ 
ඒකයි

ඉස්සෙල්ලම ඇහුවේ comment එක දාන්න හදනකොට
 "මේ ඔයාට නැද්ද blog එකක් කියලා"
මං කිව්වා නැ කියලා 
ඒ පාර මට කිව්වා 
"අනේ එහෙනම් අපි blog එකක් හදමුද කියලා"
ආව් මං දෙපාරක් නොහිතා කිව්වා හා කියලා.....
ඉතිං හැදුවා blog එකක්... 
එල්ලුවා කියන තරමක් gadget, 
ඔහ් මොකද්දෝ එකක් වෙලා....
 පෙන්නේ නැතුව ගියානේ මං ලියපුවා අනිත් අයට.........

[ඕන්නැති එකක් නැ ,blog එකක් හදමු කිව්වේ google... :)]

එතකොට ඔය google 
මට කලේ ම  කෙනෙහිලි කම් 
 අඩු ගානේ 
අනේ නංගියේ බැරිනම් 
අත්තම්මේ හරි කියලා 
මට කියා දුන්නැ වැරැද්ද හදාගන්න විදිහක්... 
ඒකට මොකද blog එක හදන හැටි කියලා දුන්නේ පැන පැන. හහ්....

ආ ඔයාලා නම් කියයි 
"මොකෝ එරන්දී ඔය පරණ කතා ආයෙත් කියන්නේ කියලා...??"
[ඇයි අහලා නැද්ද කාන්තා පාර්ශවයට රැ ට කාපුවා උදේට මතක නැති උනාට කාගෙන් හරි වෙච්ච වැරැද්දක් නම් ගිය ආත්මේ ඉදලා හරි මතකයි කියලා... අන්න එකයි මං මේ කියන්නේ.... ]

ඒ වෙච්ච අරියාදුව මතක් උනේ, ඇයි දෙයියනේ blog එකක් හදන්න කියලා කරදර කලාට මේකේ ලියන්න දෙයක් මේ google යෝධයා මට කියා දුන්නෙත් නැ... හහ් ඉතිං මට තරහ යන එක අහන්න දෙයක්ද..... මං අහන්නේ..... 

ඒ මදිවට ගේ අතු ගාන්න  ඕනේ මකුළු දැල් කඩන්න ඕනේ... උයන්නත් ඕනේ (අම්මලා ආවේ නැ මාව හදන්න බැ කියලා)  
වැඩට යන්න ඕනේ , blog ලිව්වට ගෙවන්න බැ බැ මයි කිව්වා ලොකු සර්............... 
ඉතිං ඔයලා ඔය කිව්වට මට වෙලා නැ ලියන්න . ( ලියන්න බැරුව ද කොහෙද ඔය ) හහ් මට තිබ්බ නම් වෙලා  මං  ලියන්නේ දුවන්න (ඔව් ඉතිං ඔය මෙලෝ රහක් නැති කතා කියවන්න යැ නැතුව )  
ඔන්න බලන්න හෙට අනිද්දා හරි ලඟම දවසක හරි නිවාඩුවක් හෙම  දාලා මං ලියනවා ඔයාලාට කියවන්න ඇත්තමයි..........
හැබැයි බොස් නිවාඩු දුන්නොත් හොඳේ......

(ඒ උනාට එයා කිව්වා සඳුදා ඉදං දෝනිව ඔෆිස් යවලා මාව මොන්ටිසොරියකට යවනවා කියලා. ඔය පොඩි පොඩි රණ්ඩු  උනාට මම දෝණි ගේ චොකලට් එකක් දෙකක් හොරෙන් කෑවට මතක විදිහට ලොකුම ලොකු රණ්ඩු කලෙත් නැ අප්පා... උදෙට අහලා බලන්න ඕනේ පැන්චිගෙන්   )


හා හරි හරි ඉතිං 
ඔව් මං 
එරන්දී 
(තමයි )

Monday, August 29, 2016

කැමති විදිහකට හිතාගත්ත හැකිනේ බලං යනකොට....

පිකාසොගේ චිත්‍රයක් දිහා බලාගෙන ඇස් උඩ ඉන්දගෙන කල්පනා කරන මිනිස්සු අතරේ ඉන්දියාවේ "බිම්බෙක්ටා" ගල් පියස්සේ බයිසන් ගවයා ඇන්දේ මගෙ දෝණි වගේ අතට අහුවෙන ඕනෙම දෙකින් චිත්‍රයක් අදින හෝ  කුරුටු ගාන පොඩි එකෙක් නොවේදැයි හිතන මනසකින් මම පොහොසත්.
එහෙම හිතන මට හඳේ ආවාට අස්සේ දිග කන් තියෙන දම්පාට හාවෙක් පේන එකේ පුදුමයක් නැ කියලයි මං හිතන්නේ. එහෙම හිතන මට මර්වින් පෙරේරා ශුරින් ගායනා කළ සඳ මිදුලට එනවා  ගීතය ගායනා  වෙන්නේ ඔය හඳේ හාවිට කියලා හිතෙන එක , එහෙම බැලුවම කොහොමටත් පුදුමයක් නෙවෙයි. (හරි ඉතිං මෙයාට පිස්සු කිව්වට , බුදු හාමුදුරුවෝ දේශනා කලේ නානත්ත කායෝ නානත්ත සංඤා කියලා නේ..." ) ආවා මෙතන මට පිස්සු කියන්න  :)
ඉතිං ඔන්න ඔහොම මට ලියන්න හිතුනේ මං ලියපු සමහර ලියවිලි වලට  ඔබ දෙන අර්ථ නිරූපණ වෙලාවකට මාව පුදුම කරවන හින්දා වගේම ඒ අර්ථයන් මං පුදුම විදිහට රස විදින නිසා.
මම ලියපු ඔබ වෙනස්ම විදිහට විදපු නිර්මාණ කීපයක් ගැන මට හිතුනා කතා කරන්න . මේ ඉන් එකක්
හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

මේ කියවෙන සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට

කියන වචන වලින් ඇත්තටම මම කතා කලේ ඇසේ හැඩය හෙවත් U නළයක හැඩය..  ඇස කෙමියෙන් කදුළු උනනවා වගේ අසමාන බාහු සහිත U නළාකාර නළ පද්දතියකින් අදටත් ක්‍රියාත්මක වන සීගිරියෙ වතුර මල් හෙවත් Fountain system එක ගැන.  පාරිසරික සාධක වලින් අඩපණ වන මුත් යලිත් පණ ගැහෙන විශ්වකර්ම නිර්මාණයක් ගැන.

ආදරය ප්‍රකාශ වෙන්නේ වචන වලින් විතරමද...... ආදරය දැනෙන්නේ සතා සිව්පාවට විතරමද....
ගහ කොළට - කොන්ක්‍රීට් වලට ඒ ආදරේ දැනෙන්නේ නැ නෑ මද......??

කථා කරන්න රණ්ඩුවෙන්න බැරි නිසොල්මනේ ඔහේ ඉන්න ඔය හැමෝටම පේන අජීවී ඇත්තෝ මට හරිම සජීවීව දැනෙනවා... ඒ කතන්දර මට ඇහෙනවා 
ඒ නිසාමයි මෙහෙම ලියවුනේ 
නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)

සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු  සුනාමිය තරම්

මේ ලියවෙන්නේ උඩවළව ජලාශය ගැන.... 
ඇත්තටම මුහුදක් කියන්නේ හිත නිවාගන්න ඔසුවක් තරමට මට දැනෙන දෙයක්... මං මුහුදට මහ ගොඩක් ආදරෙයි.... එත් සුනාමිය ඇවිත් කරපු වින්නැහිය හින්දම මුහුදක් ලගින් යන්නත් බයයි..... එත් මං ආදරෙයි... එහෙම මට උඩවළව පේන්නෙත් මහ මුහුදක් වගේ.... ඒ ලස්සන දිය කද ජිවිත වාහන පිටින් ගිලගත්තු බව ඇහුවම මං ආයෙත් අතරමන් උනා හරියට සුනාමියකට අහුවුණු ගානටම...... ඉතිං මේ ඒ කම්පනය සහ කැමැත්ත අතර මගේ සිතුවිළි දෝලනය.... 
මෙහෙම ලියන එක , රසවිදින්නට බාදාවක් යන්න මගේ හැගීම. කවියකට , ලියවිල්ලකට පුළුවන්නම් කියවන්නාගේ වෙන්න එයයි සාර්ථකත්වය... තැනින් තැන මතුවන කුකුස නිසාම මට හිතුනා කවියක් කියන්නෙත් , ලියවිල්ලක් යන්නත් අතර නිහඬ සිතුවමක කැ ගසන නිහඬ  වන කතා කරන නොකරණ ලකුණු මහ ගොඩක් රචකයාට ත් වඩා පාඨක සිතුවිළි වලින් මැවෙන බව පෙන්වන්න. ඇත්තටම රචකයෙකුට වඩා ඒ නිසාම පාඨකයා නිර්මාණශීලි..... 

මේ ලියමන, අති දක්ෂ චිත්‍ර ශිල්පිණියකගේ අදහසකින් මං ඉවර කරනවා... ඇය  අතින් නිමැවුණු හරි ලස්සන සිතුවමක් දිහා දින ගණනක් බලා ඉදලා මං ඇහුවා "මෙහි පාදකවූ සිතුවිල්ල කුමක්ද" සරල සුන්දර හිනාවකින් අය මට පිළිතුරු දුන්නා... "මා කරන්නේ විවිධ වර්ණ සමබරව යොදා ගැනීම පමණමයි....." (හැබැයි ඒ වෙනකොටත් මම ඒ සිතුවමේ උඩ රට නැට්ටුවන් ද තව කෙනෙක් ballet එකක්ද දැක අවසන්... :) )

මේත් එවන් නිමවුමක් 


නිර්මාණයක  අයිතිය රචකයා සතු සේම රසවිදින්නාටද අයිතිවිය යුතුය......
එහෙම හිතන 
මං 
හ්ම් එරන්දී.....

Thursday, August 18, 2016

නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)

උඩවළව ජලාශය 
සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු  සුනාමිය තරම්

කතාවෙකි හිත පිරිමදින
බැල්මෙකි සෙනෙහෙ උතුරන
රැවුමෙකි ගත සලිතවන
බර්මියුඩාවෙකි මසිත කිමිදෙන

උවම් සොයනට නුඹට සරි කිසිත් නැති
සෙනෙහෙ විදගමී එහි සැමරුම් පිරී ඇති
ඉතිං හිම පියල්ලෙකි උණුහුමද සීතලද එක ලෙස ඇති
කිසිත් කිසිදා මා අතින් ගෙන නැති

හිත රිදෙන.. හිත හදන 
සැලෙන.. නොසැලෙන 
ගැයෙන.. නොගැයෙන 
ලියන.. මකන 
හිතන.. හිනැහෙන

 ඔබ මගේම වී හිදී ගොළුව  
ගොළු මුහුදක් ලෙසින් .... :)  

ඉතිං 
මං 
එරන්දී 




Friday, August 12, 2016

ලොවට නොහැඟෙන රිදෙනමුත් සොදුරු ඇත්ත......


ඉතිං මං ලියනවා
ලිය ලියා මකනවා 
මක මකා ලියනවා 
තනිව හිනැහෙනවා

හිරිකඩට හීතලට
පණ ගැහෙන තාලෙට
ආදරෙත් පූදිනවා  හෙමිහිට
පෑළවිය  සඳ පුරන ලෙස අටවකට

ඉතිං මං අහනවා
ආදරේ මට දැනෙනවා
ගව්  ගණන් දුර ගෙවනවා 
හුස්ම පොදකට ඔබ දුවනවා

අපි අපේ දැයි නොතැවෙන 
අපි අපේ මැයි දැනෙන
වරු ගණන් අහිමිවන 
අපේ හිත් වලත්  ආදරේ උපදින

ආදරේ උපද්දන 
සොදුරු මායාවක් වැන්න
ඉතිං හිනැහී ඉන්න 
මං ලකුණු නොතියාම ඉන්න...

රැයේ අඳුරෙන් හිනැහෙන 
අතැඟිලි  නොගැටී ගැටෙන 
හිරුට දොස් නොකියන්න 
ඉතිං අපි අපේදැයි නොහිතන්න 

ඉර හඳට දුරමුත් 
එකම අහසක ලං නොවනමුත් 
සඳ දිලෙයි රහසින් මුත් 
සොදුරු එළියෙන් ලොවම නොදකිනා මුත් 

ඉතිං ලතැවිලි කුමට 
ඉඩ එපා සුසුමකට 
ඒ වගෙයි කතාවක ඇත්ත ඇත්තට.......




මං එරන්දී  :)


Sunday, August 7, 2016

මං හරියටම දන්න දේ ඒ උනාට ලියාගන්න බැරි දේ .....

ඇත්තමයි මට තියෙන්නේ මාර පොඩි මොළයක්.... ඒ හින්දා මං වැඩිය ඔය මොළේ වෙහෙසෙන විදිහේ වැඩ කරන්නෙම නැ ....

ඇ  මොකද්ද කිව්වේ...?? ආ අපි ඕක කලින්ම දන්නවා කියලද...?? අප්පා කියන බොරු...............

ඒ කථාව දැන ගන්න නම් ඔයාලා අනිවාර්‍යයෙන්ම අපේ තාත්තා ගෙන් ඉගෙන ගෙන තියෙන්න ඕනේ. (හහ් ආවා මෙතන)

අපේ තාත්තා ඉස්සර මහම මහ වසයිලු.. ඉතිං දවසක් ඔය මොළේ ගැන උගන්නන වෙලාවක වැරදීමකින් තාත්තට මොළය වෙනුවට කියවෙලා තියෙන්නේ "ලොකු පොලය" කියලා. ඉතිං එදා ඉදං තාත්තා "ලොකු  පොලයා" මම "පොඩි පොලයා" ඒ හින්දයි මම කියන්නේ මගේ මොළේ පොඩි කියලා... (අන්න එකයි )

ඉතිං ලොකු පොලයා සහ පොඩි පොලයා හැටියට තාත්තිගේත් මගෙත් තියෙන්නේ "Ever best crime partnership" එකක්.

තාත්තා එනකම් මට ඉස්සර නින්ද යන්නේ නැ.... එත් එක කරදර කාලෙක මගේ තාත්තා ලංකාවෙන් ගියේ මගේ දෝණිගේ වයසේදී.... ඒ අපිට විතරක් නෙවෙයි මුළු ලංකාවටම කරදර කාලයක්.... දෝණිට වගේ, දෝණි කියනවා වගේ 

"අම්මි ඉස්කෝලේ ගිහාම අකුරු ලියලා ලියලාආආආආ අපි හරියට මහන්සිවෙනවා අම්මි... ගෙදර ඇවිත් කාටුන් බැලුවමනේ බබලා Relax වෙන්නේ "

එහෙම හිතනවා තියා රුපවාහිණියක් ක්‍රියාත්මක කරන්නවත් නිදහසක් නැති, කරත් මරණ බයෙන් හිටපු කාලෙක මම දෝණිගේ වයස පහු කලේ. හැම තැනම ලේ දැකපු ලස්සන කොලපාට ගස් වෙනුවට පිච්චිච්ච කරවෙච්ච ලේ විසිරිච්ච පාර තොටවල් දැකපු මගේ පුංචි කාලේ , තාත්තා රටෙන් පිටවුනේ තාත්තාගෙන් ගුටිකාපු , පොඩි ළමයි මට මගේ තාත්තව නැති කරන්න පොරොන්දුවුනු බව දැන ගත්තම. 

එහෙම ගෙවුණු ඒ ජිවිතේ ආයෙත් නිදහසේ නිදාගත්තේ අවුරුදු දෙකකින් තාත්තා ලංකාවට ආවම. අවුල් වෙලා තිබ්බ පුංචි හිත ටික ටික තරුණ වුනේ අම්මට හොරෙන් තොසේ කඩවල් ගානේ ගිහින් තාත්තත් එක්ක කන්න පුරුදු වෙනකොට. රට වටේ පෙන්නන Stage Drama බලන්න යන කාලෙක, තාත්තා ඇහුවා "සරත්චන්ද්‍රයන්ගේ " "සිංහබාහු" වලින් පස්සේ මගේ දෝණි කවදාවත් ගල්ලෙන බිදගෙන යන්නේ නෑ නේද කියලා.... එතකොට මට අවුරුදු 15යි.... තාත්තා නිතර නිතර "ගල්ලෙන බිදලා.. ලෙන් දොර ඇරලා " කියන්න පුරුදු වුනා... තාත්තා තරම් ලස්සනට සිංහයාවත් එක කිව්වේ නැ.. ඇත්තමයි...

මං කවදාවත් ඒ පොරොන්දුව කැඩුවෙත්  නැ.... 

ගිණි ගත්ත වට පිටාවක තාත්තා මාව හැමදාමත් මහ ගහක හෙවන දීලා ආදරෙන් ඇති දැඩි කළා...  

ජිවිතේ කියලා දුන්නා කවදාවත් මට ඉගැන්නුවේ නැ.... කෙල්ලෙක් උනාට කිසිම බරක් නැතුව හැදුනු මට සැළලිහිනියේ කවි පාඩම් කෙරෙව්වේ තාත්තා යන එන ගමන් මාත් එක්ක තරඟෙට  කවි කියලා. සමහර දවසට තාත්තට වරදිනවා මම හිනාවෙනවා.. තාත්තා මාව පොරොන්දු කරගන්නවා ඒ ගැන කාටවත් නොකියන්න.... නොදැනම, පොතක් අතේ තියන් වරුවක් පාඩම් නොකළ මං සිංහල වලටත් D ගත්තා (සිංහල වලට D තිබුනට මගේ පොස්ට් වල අකුරු වරදිනවා.. ඔව් ඉතිං හා හරි මට වරදිනවා )... අද මම, මගේ දෝණිටත් ඔය දේම කරනවා , දැන් මං දන්නවා තාත්තාට වැරදුනේ නැ...  

තාත්තා හැදුවේ එක දුවෙක් විතරක්, නෙවෙයි මගේ දුව දුවෙක් කරන්නත් අඩිතාලම තාත්තා දැම්මා...... 

තාත්තා  අමරණිය වෙන එකක් නැ.....  එත් අදටත් තාත්තා මට ජිවිතේ කියා දෙනවා..... 

ඉතිං ඒ දුව , නිවන් දක්නා ජාති දක්වා තාත්තා මගේම තාත්තා වෙන්න කියලා  නම් ප්‍රාර්ථනා කරන්නේ නැ.... මේ අසාර සසරේ මගේ තාත්තා පුළුවන් තරම් ඉක්මනට ජාති ජරා ව්‍යාදී දුකින් අත්මිදේවා.... එහෙම හිතන්න තරමට හිත හයිය කලේ  මගේ තාත්තා.....


ලියන්නට හිත බලකරන 
ලියා අඩුවක් වෙතැයි
නොලියැවෙන 
ඔබ ගුණ 
තුංග පහන් ටැඹ අභිමුව 
කවි කෝදුව කෙටියි.....

තාත්තා 






ඔව් ඒ දුව 
මම එරන්දී 

Tuesday, August 2, 2016

යශෝදරා , කුවේණිය සහ ප්‍රේමය

අකුරු එක දෙක 
ඇහිදලා  
ජිවිතේ ඉන් අකුරු  
කරනෙමී  
යශෝදරාවත දෝතින්ම 
ගෙන 
කාවෝ කෑ තැනින් දිග 
හැර 
සුසුම් සුළගින් දුලි 
පිසලමී  
දැවුම් කන නාස් පුඩු 
අගින් 
වෙවිළුම් ස්වරයෙන් බිඳෙන  
ඉකියක
හදවතේ දුක 
සිහින් ස්වරයෙන් 
ගයනෙමී 
තිබු තිබු තැන 
මල් පිපෙන්නැති 
කටුක  ගිරි දුර්ග 
ඇසිල්ලෙන් පසු කර යමී....
මලක් වී පිදෙනු බැරි වී 
කුවේණිය වී මියැදෙමී 

මං
එරන්දී 

Monday, August 1, 2016

ඉතිං ඔබ මුතු කැටයක්.....

නැගෙන බිඳෙන  රළ අතර 
අතහැරෙන ගිළිහෙන 
අහිංසක හිතක් 
දුක් විඳ රකී
ආදරයක්  
මුතු කැට
ආදරයක් 

ඉතිං අඬන්නැති  
අඬන්නට  කදුළු නැති 
අඬන්නට ඉඩක් නැති 
ඇඬුවත් කදුළු එන්නැති 
හිතක දුක් ගිණි 
දුක් විඳ රකී 
ආදරයක් 
මුතු කැට 
ආදරයක් 



පාට වැටෙන්නේ 
රවුම් වෙන්නේ 
ස්පටිකයක්, 
වටිනාකම් 
වැඩි කරන්නේ 
හැබෑම 
ආදරයක් 

ඔව් ඔව් 
මෙලෝ රහක් නැති 
මං 
එරන්දී 

Thursday, July 28, 2016

හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට
සීතලම සිතල
හරි සියුමැලි
තෙතම තෙත
කදුළු
මල් කිණිත්තක
ඉපිලී ඉපිලී

උතුරයි ආදරේ

හද විල්තෙරේ
කැලතී කැලතී
සියුම් රළ නැගී...
සුසුමක් දුරින්
ගව් සියදුරින්
 දුර වෙතත්
හරි හීතලයි

මේ ආදරේ.....

කොනිත්තා සිනාසෙන
සිනාසී සුසුම්ලන
සිංහ ගිරිහිස 
මුතු ලතා  මත උදුල
සහන්  එළිය මැද
වරු ගණන්
ඇසි පියලි සුළගට ගෙවෙන
මිහිරැති සොදුරු
සුවදකින් පණ ගැහෙයි
සීතලම සීතලයි

තාම තරුණයි ආදරේ....  



හා හරි ඉතිං 
ඔව් 
මං එරන්දී :)

Sunday, July 24, 2016

මං එහෙමයි හිතුවට , මෙහෙමයි

මට පුළුවන් 
ඔව් 
ඕනෙම දෙයක් 
Brief කරන්න 
වරු ගනන් කියන කථා 
එක්කෝ 
නොකියාමත් ඉන්න 

Terms & conditions 
ඔයාගෙන් 
Unconditional 
ආදරේ මගෙන් 

මට පුළුවන් 
දොරේ ගලන 
ආදරෙත් 
Cost cutting 
කරලා 
ඕනේ නම් 
නොදීමත් ඉන්න

ඒත් 

අදහන්න නැ ඔබ 
විදලත් නැ ඔබ 
ඒ නිසයි 
ඉවසිලිවන්ත ආදරේට 
ඔබ Rude 
ඔය තරමටම........  

තරහ නැ මං 
ආදරේට මගේ 
Agreement එකක් නැ....



ඔහොම දේවල් හිතන 
මම එරන්දී 

Friday, July 22, 2016

ඔබ එක්ක මම වැලි කැටයක්

Biographyයකට 
පිටු දාහක් පුරන්න 
ලියාගෙන යන්න 
එක හුස්මට 

හරියටම ඔබ 
කථා උල්පතක් 

Fantasyයකට 
රූප මවන්න 
ඔබේ හිනාව 
හරි ලස්සන 
හීන Factoryක් 

ඉගෙන ගන්න 
තරම් වටින 
ඔබ Philosophyයක් 

අදහන්න වටින 

ඔබ ඇත්තටම 
LEGENDARYක් 


නැවතීමක් තියන්න 
හදන ඔබේ කථාවේ 
ඔබ ඉන්නේ 
කොමාවකින් 
ආයෙත් පටන් ගන්න තැන..

සිනේරුව මුදුනේදී 
අරුන්දතීය ගෙන, 
දියමන්ති එළි අස්සේ 
පළඳන දවස වෙනකම් 
මේ මහ පොළවට යට නොවී.. 
එක ඇහි පිල්ලමකට 
බොදවෙන්න ඉඩ නොදී 

මං 
බලන් ඉන්නවා... 

බලාපොරොත්තුවේ 
ඔක්සිජන් 
පෙනහළු වලට පුරවාගෙන....
සිනේරුව පාමුළ 
සිනිඳු වැලි කැටයක්ව 
තවත් එකම එක........ 

I don't think it meant for me.. But for whoever it is.... The person is blessed 



මම එරන්දී :)  

Wednesday, July 20, 2016

ගුණ යහපත් මම



මම මෙහෙම හිටියට මාරම busy අප්පා... 
(අනේ අපි නොදන්නා මෙයාගේ busy) 

අනේ ඔයාලනම් කියයි.. මම නේ දන්නේ මට තියෙන වැඩ..... අම්මෝ.......... අම්මලා දෙන්නා ගෙදර නැත්තම් 



මේ  අම්මට call 
අනේ අම්මා කොහොමද අම්මයි තාත්තයි සනීපෙන් නේද...? ආනේ එහෙමද අනේ ආආආ ඔව් හහාආ............. අම්මේ මම මේ කථා කලේ හෙට දෝණිට swimming අම්මේ බබාගේ swimming cap එක කොහේද තියෙන්නේ අම්මේ.....? ? අනේ අම්මා නැතුව මට හරි පාලුයි අම්මේ..... 

මේ  අම්මා : කෙල්ල උඹ පොඩි වැඩි මාව රවට්ටගන්න.... කම්මැලි අරටුව අර ළමයා හින්දම හොදයි. නැත්තම් ඉතිං මෙලහට ගෙදර.......




ඒ  අපේ අම්මා 

මේ ඒ අම්මා 
අම්මා........... කොහොමද අම්මා.. අනේ අම්මා තාත්තාගෙන් අහන්නකො කවද්ද එන්නේ කියලා... අනේ දෝණි හැම වෙලාවෙම අම්මා හදන බටු මොජුවමයි මතක් කරන්නේ කනකොට.... අනේ එකනේ..... ඔව් ඔව් ඇඹුල් තියල් නැතිව එයා කන්නෙම නැ නේ.... 

ඒ අම්මා: අනේ පුතේ දෝණිට කියන්න අපි දහවෙනිදා පැනපු හැටියේ එනවා කියලා.. අනේ රත්තරන් පුතේ ඔව් ඔව් අපේ පුතා ඉතිං පොඩි කාලේ ඉදලා හිච්චි අක්කා උයලා කවපු පුරුද්දමනේ ඔය... එයැයිට මගේ කෑම තරම් ඔය කාගේවත් කෑම රස නැ.... අර ඉතිං දුගේ ගුණයහපත් කම හන්දාම දූ මේවා තේරුම් ගන්න නිසා හොදයි.... වෙන කෙනෙක් උනානම් කෙහෙවලු පටලෝගෙන.....

(හැබැට මොන එහෙකට ලේලිලා නැන්දම්මලා එක්ක තරහා වෙනවද.... යාළුවෙලා උන්න නම් මට වගේ සතියෙන් සතිය කෑම බීම එක්ක ආදරේ මහ ගොඩක් හම්බවෙනවනේ free of charge)

ඉථී පිසෝ භගවා අරහං...... අම්මේ අම්මලා මගේ බ්ලොග් එක නොදකිවා...... 
සාදු සාදු සාදු .....!!

ඉතිං මම කිව්වේ බොරුද හා......?? 

මම BUSY
මම BUSY 
මම ඔව් 
මම එරන්දී  :)

Tuesday, July 19, 2016

මම Drama Queen කෙනෙක්

එත් කදුළු - මේත් කදුළු 
ඒ අඩුවේ ඇස්  වලින් 
මේ  ඇඩුවේ  පපුවෙන් 
ඔව් ඇත්තට 
මං 
Drama Queen 
කෙනෙක් 
ඒත් 
Tragedy ක....... 

එපා 
ඔය හැටි 
කථා වාරිස් ගැන 
ඒ මං 
කියවාපු 
එකම 
එක 
පොත
ගැන 
ඔව් 
මාත් 
Drama Queen කෙනෙක් 
ඔබට 
කිසිදාක  
මුණ නොගැහුණු 
Tragedy ක 


අතීතය වළදාපු තැන් වලින් 
අක්මුල් හොයන් මං හාරනවා 
හම්බුනොත් මුදුන් මුල 
සත්තයි මං උගුල්ලනවා 

ජිවිතේ එහෙමයි, මෙහෙමයි, අරහෙමයි.......

එහෙම කියන්නේ මම විතරයි 
මං එරන්දී  :)

Saturday, July 16, 2016

With මම මාර BUSY here & Errrrrrrrr

අප්පා කෝ අර හුස්ම ගන්නේ නැතුව ලියපු එරන්දී........????

ආ ඕක ඉතිං අහන්නත් දෙයක් ද.......???

ඒ ලියපු වේගෙට දැන් කතා ඉවර ඇති.............



අනේ අනේ පොඩ්ඩක් පේන්න නැත්තම් ඔන්න බලන්න කෝ ඉතිං

මේ ඉන්නේ මම...


මම ලියන, උගන්නන, හිත හදන, කථා කරවන  කරන්නම දෙයක් නැති උනාම උයන ඔය ඔක්කොම කරන කෙනෙක්. ඉතිං මට හරීඊඊඊයට වැඩ.

ඔය කොයි වැඩේ තිබුණත් මගේ පුන්චිත්තිගේ වැඩ තරම් වටින රාජකාරියක් මට තිබුනෙත් නැ තියෙන්න විදිහකුත් නැ.

මෙන්න මෙහෙමයි පහුගිය දවස් ටිකේ වැඩ කෙරුනේ.

අපි දෙන්නගේ Adventures bus journey එකෙන් පස්සේ , මෙන්න ලියුමක් ආවා ඉස්කෝලෙන්... ඔය එන ලියුම් දිග අරින්නේ මං පුදුම සංත්‍රාසයකින්... මොකද දොණිත්, මම වගේම දුර දිග හිතලා වැඩ කරන ඉතාම නිර්භීත දරුවෙක් නිසා..


[( ඒ උනාට දෝණි , එයයි දෙන්නම කියන්නේ මම දෝණි වගේලු... ඒක පුදුම කතාවක් උනාට මම දැන් ඔය වගේ කාරණා ගැන පුදුම වෙන එක නැවැත්තුවේ, එයා මාව දෝණි එක්ක මොන්ටිසෝරි යවනවා කියලා තර්ජනය කරපු  දවසේ ඉදලා ) ඔන්න ඕකයි මගේ සැබෑ තත්වේ ]

ඉතිං මේ මගේ පැංචි ගැන ආපු ලියුමේ තිබුණා

ඔයාගේ දුව වන මෙන්න මෙයා , පාසලේ නිත්‍ය බටහිර ගායනා කණ්ඩායමට තේරුණා, දැන් ඉතිං අරෙහෙම කරන්න මෙහෙම කරන්න එහෙම කරන්න හැම දාම එන්න  කියලා.

දෙයියනේ................
මෙහෙම උනේ කොහොමද......
කවද්ද......

මං කැදෙව්වා වහාම පරීක්ෂණයක්...

ඔන්න පොඩි එකී නඩු විබාගෙට ආවේ කෑම මේසේ යටින් රිංගලා ( එයාගේ ක්‍රමේට හදිස්සියට ඉක්මනට එන්න තියෙන ලේසිම short-cut එක )


පැටියෝ............ හිහිහී
(දෝණි හිනාවෙනකොට මතක් උනේ දැන් මාස ගානකට උඩින් ගමටම ඇහෙන්න කැ ගහලා ලේනෙකුට අඩගහලා දීපු කිරි දතට තාම පොල් දතක් ලේනා ගෙනත් දීලත් නැ.... එහෙම තියාගෙන කොහොමද සිංදු කියන්න ඇත්තේ )
දෝණි...., කවදද පැටියෝ ඔයාට choir selection තිබුනේ...??

ඇයි අම්මී......... අර Best speaker contest එක දවසේමනේ. මගේ යාළුවත් ගියා, මම ආවේ Singing room එක ලගින් ඉතිං මටත් හිතුනා මමත් කිව්වා. 
(අනේ පුදුම ලේසී වැඩක් නේ ඒක........ හහ්හ්හ් මම එපැයි මෙයාව එක්කගෙන එහෙ මෙහේ දුවන්න....... :(  ) 
මට හිතුනා මම කිව්වා.....

මේ පැංචි මොකද්ද හැබැට ඔය කියපු සිංදුව........... ඇයි අම්මි අර හැම වෙලාවෙම කියන අම්මි දන්නවා කියපු එකම සිංදුව.........................................................................දෙයියනේ .... ඒක මට වරදුනේවත් නැ අම්මී , 

තාමත් කල්පනා කරන්නේ ආයෙත් ඔය ඉස්කෝලේ පැත්තෙන් යනවද නැද්ද කියලා 
එහෙම හිතනගමන්  මෙහෙමත් හිතන 

"ඉතිං මං ඇවිත් යනවා 
ආපු තැන් වල ගියපු තැන්වල 
කථා බහ අතරේ 
හිනාවන් උනත් මග ඇරිලා තිබුණා 
නාපු විදිහටම යන්නත් යනවා 
ඒ  මතක විතරක් සුවද තිබුණා 
දැන් හරි වෙනස්,
මම 
එත් 
ඔව් අනේ" 
මම එරන්දී(ම තමයි )

Sunday, July 10, 2016

ඔබ පරමාණුවක්

අහිමි විමක දුක දැනෙන්නේ 
සියල්ල හදවතින්ම  
අහිමිවූ බව දන්නා ම්නිසුන්ට. 
ඒ වගේ මිනිස්සු ළග 
සිනේරුව තරමට 
බලාපොරොත්තු කදු වෙනුවට 
තියෙන්නේ 
නයගරාව වගේ 
ඇදහැලෙන ප්‍රාර්ථනා විතරයි....
ඒ සියළු ප්‍රාර්ථනා ඇදගන්නේ 
ලෝකයෙන් වසන් වන හද පතුලක ගැඹුරු අඩියක, බර්මියුඩා වක....... 
සියළු දුක, සතුටයි දරාගන්නා මිනිසුන්;
ලෝක ගෝල පිරෙන්න තරමට 
ජිවිතේ සංවෘත  කරගන්නේ 
පුංචිම පුංච් ආදරේකින්...
මේ පුංචිම පුංචි ආදරේ, 
හිතේ සුවද දෙන්නේ මදාරා මලකට උනත් , 
හිත විදින්නේ 
දෑ සමන් මල් සුවදක ම්හිරියාවක්......
ඒ තමයි මේ හිතේ හැටි 
ලොකු ලොකුම 
අඩු තරමේ 
දෝතට ගන්න බැරි තරම් 
මහ විසල් මළ මුහුදකට 
ආදරේ කරනවට වඩා මේ හිත,
 හීනියට රුටමින් 
දෙකොපුල් තෙමන 
ඔය ආදරේ  මිහිරි  වැස්සට 
ලෙන්ගතුයි...


ඇත්තමයි 
මම  එරන්දී 

Thursday, July 7, 2016

Confusion of Life :)

මම කියන දේ අහන්න, එපා ඔයා යන්න...
ඒ එයා ....  එයා මට විරුද්ධ උනා..
මට නවතින්න වෙලාවක් තිබුනෙත් නැ......


ඔහ් ඔය මොනවද දැන් ඔය හිතන්නේ.................  :)

මම කිව්වේ "නවතින්න  වෙලාවක් තිබුනේ නැ කියලා ", මම දෝණිව ලෑස්ති කර කර හිටියේ ; ඉස්කෝලේ යවන්න.

හිටපු ගමන් මටත් හිතෙනවා ටිකක් වගකීමෙන් වැඩ කරන්න.
අම්මා කෙනෙක් හැටියට දෝණිට ජිවිතේ හුරුකරවන්න මම ගොඩආආආක් උනන්දුයි..

"අම්මේ මෙයාට කියන්න දෝණි එක්ක බස් එකේ යන්න එපා කියලා,
අනේ අම්මේ දෝණි නම් කොහොම හරි යයි..
දන්නවනේ මෙයාගේ තරම.
මතකනේ අම්මේ අර එදත් කොළඹ පැත්තට යන බස් ඔක්කොම යන්නේ අපේ ගේ ගාවින් කියලා නැගලා තිබුනේ අපේ office එක ගාවින් යන බස් එහෙකට නේ.
අනේ අම්මේ අද මට වැඩ ගොඩයි.. ඇයි අම්මේ "ඉන්නේ කොහේද ඇහුවම අර වන්ගුවකුත් එක්ක ලොකු cutout එක ගාව"
අම්මේ වංගුවක් එක්ක තියෙන cutout කොච්චර තියෙනවද අම්මේ...... ඇත්තමයි මට අදනම් පොලිස්සි ගිහිං තමයි නවතින්න වෙන්නේ.... "

අප්පා කේලම් කියනවා කියලා මෙහෙමත් කියනවද... අම්මා කියන ඒවා මට ඇහෙන එකක් යැ... එත් මට sure එයාගේ   කතාවේ වේගෙට අම්මට උත්තර දෙන්න වෙලාවක් හම්බවුනේ නැ....

හනුමා ලංකාපුරේ ගිනිතියන්ට ඇත්තෙත් මෙහෙමම වෙන්ටැති :)

වැඩිය නොවෙහෙසවා  පරිස්සමට තියන් ඉන්න මගේ ටිකිරි මොලෙන් වැඩක් ගන්න මම හිතුවා.
බෝතල් බාගයක ප්‍රමාණයේ තේ එකකුත් හදාගෙන මම ගියා එයාව බැහැදකින්න :)
ඔහ් ඔහ් මුණදිහා කෙලින් බලන් නැත්තේ බයකට නෙවෙයි , ඉර දිහා උනත් කෙලින් බලන්න එපා කියනවනේ ඇස් වලට හොද මදි කියල , අන්න එකයි

ම්ම්ම් නැ කතා නැ... මේ අහන්ඩකෝ , ඔන්න මම යන්නේ නැ , වෙලාවට driver එවන්න.. card එකත් එක්කම :) :)

අප්පේ හිනාව "wife credit card එක ඉල්ලුවම ලෝකේ හිනාවෙන එකම මනුස්සය මෙයා වෙන්ට ඕනේ"

(හ්ම් ආව් ලස්සන..... පෝය දවසට චන්ද්‍රමණ්ඩලේ එක්ක පායපු පුර හඳ වගේ.... අනේ බැනේ ඔයාල එක්ක කතාවක් කියන්න.. මම කිව්වේ එයාගේ  දත් ටික ගැන මිසක් මුණ ගැන නෙවෙයි නේ.)

වැඩේ හරි, ඊළග mission driver නවත්ත ගන්න එක.
ඔහ් යන්තම් ඒ වැඩෙත් හරි.

ට්‍රින් ට්‍රින්....... අනේ ඔව් ඔව් මේ මම....ඔයාට පුලුවන්ද පොඩි උදව්වක් කරන්න... මට කියනවද අර බබාගේ ඉස්කෝලේ ගාවින් යන බස් වල නම් ටික... අයි මොකද හදිස්සිය නැ හදිස්සි නැ .. බබාගේ ඉස්කෝලේ පාඩමකට (එර්ර්ර්ර්ර් මනුස්සයෙක් දෙයක් ඇහුවාම කියා දෙන්නේ නැතුව )
ආ ආ ඔහ් ආ ආ ආඅආ හරි බොහොම ස්තුතී.
ඔන්න මම කොහොම හරි ගියා ඉස්කෝලෙට... හරි ගත්තා දෝණිව

පුතු , අපි අද අළුත් experience එකක් ගන්න හදන්නේ "ආයේ ඉතිං පොඩ්ඩිගේ  මුණේ මල් යායයි".
දැම්මා අත නැග්ගා බස් එකට
දෙයියනේ...... පොඩි එකී කොහෙන්වත් අල්ලගන්නේ නැ..... සර්කස් කාරයෙක් වගේ අත් දෙක අත ඇරලා හැම පැත්තටම විසි වෙනවා.. එකත් හා කියමුකෝ.. මහා හයියෙන් " අම්මි why don't you join me, it's sooo fun
අප්පේ කොන්දොස්තර මල්ලි එනවා කැ ගහගෙන "කව්ද ඔය ඉස්සරහට යන්න ඉඩ දෙන්නැත්තේ ... "
ඒ ඉතිං මගේ කෙල්ල
ආ බබා අල්ලගන්න මෙතනින් හයියෙන් කෝ ඉතිං .... අයියෝ වැටෙයි ඔයාව... අනේ මිස් මේ බබාව ගන්නවද පොඩ්ඩක්...
මහ යුද්ධයක් වගේ ......
ගන්න හැම වංගුවක් ම මෙයත් ගන්නවා....
ඒ මදිවට සද්දේ බ්රූම් බ්රුම් බ්රුම් "පොම්, පොම් "  ඒ පාර බස් එලවනවා......

ඔන්න ආයෙත් කොන්දොස්තර මල්ලි බෙරිහන්දෙනවා "ටිකට් ගත්තේ නැති අය මාරු සල්ලි දීලා ටිකට් ගන්න.....

පොඩි ඒකිගේ ඇස් උඩ ගියා...

"අංකල් මගේ ළඟ සල්ලි නැනේ.."  ඔරවගෙන හිටිය කොන්දොස්තර මල්ලිට හිනා ,
"අම්මි ගාව සල්ලි ඇති බබා "
ඔහ් පොඩි එකීට තව පුදුමයි 

"අපේ තාත්තිනම් අපිව වාහනේ ගෙනියන්න සල්ලි ගන්නේ නැ"
මුළු බස් එකම හිනාවෙනවා............ 
කොන්දොස්තර මල්ලි, පැන්චිට සල්ලි ගත්තේ නැ...

"කව්රු හරි කෙනෙක් මේ බබාට ඉදගන්න දෙන්න..............

අනේ ඉඩ දීපු  කෙනාට මම හැම ආත්මෙකම බස් එකක් ගානේ ලැබේවා කියලා පිං දුන්නා.

හමදාමත් මම දෝණිගේ වැඩවලට ගිහින් එනකම් මග බලන එයා අද නම් හරි ලස්සනට හිනාවුනා....

"Promise me you will learn how to drive your cute vehicle... Start lessons from tomorrow. "

ඔය දැන් ඔහොම කිව්වට කෙනෙක් පැය  දෙක තුනකට කලින් ගෙදරට එන්න පාර මගෙන් ඇහුවම උත්තර දුන්නෙත් එයාම තමයි. 

ඉතිං මම තීරණය කළා, ඇත්තමයි 

හෙට ඉදලා එයාව මගේ නිත්‍ය රියදුරු තනතුරට පඩි රහිතව පත් කරගන්න... :) :) 


එයා ගැන එහෙම හිතන්න අයිතිය තියන එකම කෙනා 

මම එරන්දී 




Saturday, July 2, 2016

මගේ එළියෙන් දිළෙන මමත් කණාමැදිරියෙක්


මහ රැ පාළුවට
තනිකමක්
නොදැනෙන්ට
බස්සන්ට අඩගහමු
කතන්දර ගොළුවෙද්දී
බස්සෝ "හ්ම්"
කියද්දෙන්
හ්ම් හඬට
එකතුවෙන
දුම් වළාවට යටින්
හීන් හිනාවක
ඉතිං මං
පෙලෙද්දෙන්
තරු කැට ගානට
ඉතිං ඇස්
නිවී නිවී දැල් වෙත්දෙන් 
වලාකුළු ගානේ 
නැවතී නැවතී එන  
සරා සඳ  නුඹට ..
තනි රකින  
කණාමැදිරි  පැටියෙක් 
මමත්.....
- මම එරන්දී -  

Wednesday, June 29, 2016

කොන්ක්‍රීට් ගොඩකට ආදරේ කරන්න මට පුළුවන්...


කණට ඇහෙන සමහර ගීත විතරක් නෙවෙයි, සමහර සුවදක් උනත් අපිව හිතින් මහ දුරක් එක්ක යනවා. ඒ සතුටු මතකයන් කරා විතරක්ම නෙවෙයි, දුක හිතෙන කාල වකවානු හරහා වගේම ජිවිතේ සංක්‍රාන්ති පරිච්ඡේදයන් හරහාත්.. 
අව්ව වැස්සවත් අනුකම්පා නොකරපු එක්තරා කාලයක ජිවත් වෙන්න බලාපොරොත්තු අපි ඇහින්ඳ  කාලයක් ඒක. ගහක් කොළක් මලක් වැලක් වත් නොයිවසන වියෝවක කෙළවර කාත් කවුරුත් නැති දුරු රටෙක තනිවුනු  ඒ මතකයට ලස්සනක් එකතු කලේ ඔබ.... බලාපොරොත්තු එකතු කලේ ඔබ 
අපි ඔබට ආදරේ කරන්න පටන් ගත්තේ ඒ නුහුරු නුපුරුදු නමට... උගත් වියතුන් වගේ අපි ඔය නමේ අරුත් විග්‍රහ කලේ පද බෙදලා... එත් විස්වාස නැති තැන අපි බැලුවා ගැනලා .... මොනවාද ස්වර, ව්‍යංජන , තද්ධිත , සාමාස නැ පඩි , කොයි හැටි වෙතත් නමේ තේරුම හොයන්නම අපි වරු ගණන් ගිල්ලා :)  ,  ඔබට නම තියපු ඇයෝවත් දන්නවද මං දා සැබෑ අරුත ඔබේ ..?? 
අවිවේකී ඔහු නැති පාළුව මකාගන්න දොනිටත් මටත් වෙන විකල්පයක් තිබුනේ නැ ඔබේ රැකවරණය හැරෙන්නට. කොන්ක්‍රීට් වනන්තරේක දුඹුරු පාට කොළ අතු අස්සේ පෙනහළු පිරෙන දුවිල්ලෙන් හුස්ම හිරවෙන අපි , හොද හුස්මක් ගත්තේ ඔබේ උණුහුමට ගුලි වෙලා. 
අපි හිතුවේ ඔබ අපේමයි කියලා, දෝණි හුරතල් උනේ ඔබ එයාගේ නිදහස කියලා හිතාගෙන. ලස්සන පුංච් වරෑන්ඩාවක දෝණි ත් මමත් කොදුරපු පුංචි පුංචි කතන්දර සිංදු තාමත් මග බලනවා ඇති. හැමතැනටම එක වගේ වැටුණු ඉර එලිය දුක හිතුනු මගේ හිතට පහන් එළියක් උනු වාර ගාන ඔය මුළු බිමටත් වඩා වැඩි ඇති...
හිත ආදරේ කලේ ඔබෙන් ලද රැකවරණය , හිතට දැනුනු නිදහස පිරිසිදුකම මේ හැමදේම හින්දා වෙන්න ඇති...
දවස ගානේ දියුණු වෙන්න කියලා හිතපු ඔබ, දවසක දෙකකට එහා ගිය කෙනෙහිලි කම් වලින් විදවන බව දැනුනු දා තද කරගත්තු හිත , ඇහැ කොණින් වත් නොබලන්න තරමට මං හිත දැඩි කරගත්තා..
කොයි තරම් මම අහක බලං  ඔබව පහු කරගෙන ගියාද ... දෝණි අත දිග ඇරලා කැ ගහනවා "අම්මි අපි අද මෙහේ යමුද " 
ඉතිං මට ඒ කැ ගැහිල්ල ඇහෙන්නෙම නැ......
ඒත් 
අද මං ආයෙත් ආවා ඔයාව බලන්න 
"මම එලියට ආවේ ආයෙත් කවදාවත් මං එන්නේ නැ මයි" මම හිතපු දේ , මට කලින් දෝණි කිව්වා....
එහෙම හිතාගෙන ගෙදර ආපු මම කල්පනා කලේ, මිට අවුරුදු තුනකට කලින් ආයෙත් යන්නේ නැ කියපු මම අද ගියා.... ඔව් මම ආයෙත් යනවා... අමතක කරන්න බැරි අපේ මතකයට මං ආයෙත් පිරිත් පැන් ඉහිනවා.....

ඔව් 
එහෙම හිතන්න පුළුවන් මටම විතරයි..
මම එරන්දී 


Tuesday, June 28, 2016

නිකමට වගේ කියන්නේ :)

අනේ 
මොකට හෙමිහිට 
අපායටත් කලින් යන්ට 
අනේ ඉතිං තව ගන්ට 
ගෙදරටත් ගෙනියන්ට 
බයිට් ගෙන්නා ගන්ට 
එත් 
මදි වෙනකොට 
කැමතිනම් 
උන්දවත් බයිටට ගන්ට 
හා නේ මක් වෙනවද 
කාණුවක පේමන්ට් එකක 
ටිකක් ඔහේ ඇලවෙන්ට 
කාලයක් යනකොට 
ලේ නහර පිරවෙන්ට 
කටු ඇනලා 
සේලයින් පුරවන්ට 
හිස් බෝතල් 
පොඩි ලොකු කොටු 
හරි හුරුබුහුටි 
කාසි කර 
කැමතිනම් 
privet යන්ට,
ආණ්ඩුවේ 
ඒවායේ ප්‍රස්න නැ 
free wifi නැ 
තනියට 
wife ඉන්නෙත් නැ 

පස්සේ පහු බැරිමනම් 
අක්මාව ගලවන්ට 
ගලවලා 
බෙංගාල බොක්කට දෙන්ට 
"අන්තිම රෝදේ "
කලින් ලියලා දෙන්ට 
මතකැ'තුව 
address එක දෙන්ට 

මතක බණ 
පහුකරලා 
පොඩි උන්ට 
හිනාවක් 
ගෙනිහින් දෙන්ට 
  
තරහකට කිව්වා එහෙම නෙවෙයි ඔන්න, උදව්වට පහසුවට , සුදානමට  ඉතිං මතක් කලේ යුතුකමට 

Ofcourse yes , you have to maintain your status 


 so  
කැමතිනම් 
Marlboro light 
Why not
but I'd  rather prefer 

CAMEL 

"අනේ ඉතිං 
තව ගන්ට 
Dram
බෝතල් වෙන්ට 
නැත්තම් 
ඒදන්ඩේ නොගිහින් 
ඇලෙන් බැහැලා යන්ට "

ඉතිං 
ඔව් ඔව්
මම 
එරන්දී  :) 




Saturday, June 25, 2016

ඔරවන සිවිලිමට විරිත්තන ගමන් තට්ටු අටක උඩ හිටං ලියමී



classic නැති මට classic පිංතුරයක් ගන්ට ආසයි; 
පින්තුරෙට ඔබින රූපයක් හෙවත් photogenic නැති මම හොල්මනක් ගානයි, 
තරු පහේ හෝටල් යන්ට කාසි නැති කමට  
කොහොමත් 
මුණ නොපෙනෙන එක හොදයි... 
phone කට්ට නොපෙනෙන තරමට ඇත්තමයි මට සතුටුයි 
අපිට කැකිරි මිස ඇපල් හොදටෝම  අගුණයි...  :)
වෙන සෙනසුරාදා ඉරිදට මට වැඩ අධිකයි 
එත් 
මාස තුනකට එක සෙනසුරාදාවක්  මට නිවාඩුයි.
ඒ නිවාඩුවත් පුදුමයි, 
කටු ගසා dye යවයි 
ගල් ගුහාවක බහා 
හුස්ම හිර කරවයි
film ගත්තු තරමට 
සත්තයි දිව්වනම් 
මෙලහටත් 
මොන blog ද
මම හොලිවූඩ්
නැතත් 
බොලිවුඩ්   
sure තමයි :)
:) ජිවිතේ හැටි ඔහොමයි 
හිනාවේ තරමට ආයුෂත් බොහොමයි; 

ඉතිං  

අපි උදේ පාන්දරම එනකොට මට  නිකමට හිතුනා ඔහ් නිරාගමිකයි කියන්නේ මොකද්ද ???
ඇහ එතකොට බව්තිකවාදියා කියන්නේ කව්ද...??
ඔය මොකක් හරි හිතුනොත් හිතේ තියාගෙන ඉන්න එක හොද මදි  (ඒ මගේ ක්‍රමේ ) අහන්ඩ ඕනේ හම්බවෙන පළවෙනි කෙනාගෙන්ම (බල්ලෙක් පුසෙක් නැත්තම් අඩු ගානේ හ්ම් කියන බස්සෙක් ගෙන්  උනත් කමක් නැ, අමතක වෙන්ඩ කලින් )... මට හම්බවෙන පළවෙනියා ඉතිං හොදට නරකට දෙකටම එයා.... :)
හැබැට බව්තිකවාදියා කියන්නේ කාටද..? 
"ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් දෙවියන් බුදුන් සහ විද්‍යාවෙන් ප්‍රත්‍යක්ෂ නොකළ සියල්ල බැහැර කරන්නනන් "
"ඇහ ඒ කියන්නේ දැන් ඔයා බව්තිකවාදියෙක් ද ???" 
හී හී පුදුම වෙනඩ එපා එයා හරි ; අයියෝ හරි කිව්වේ ඔය "වාදී" කතාව නෙවෙයි , එයා සැක පහළ කීරීම , ඔය නොදන්න හැම දේම හොයන මම තාම සෝවාන් නොවුන ටික විතරයි නේ..... :) :) 
මම උත්තර දුන්නා 
"නැ මම myth එකක් "
ර්ර්ර්ර්ර් අර හිනාව 
"නැ ඔයා මිට්ටෙක්
ඔහ් එපා වෙන්නැද්ද මාව මේ තරමට සව්තු කරලා....
එහෙම හිතනකොටම.....
මහා කරුණාවන්ත බැල්මක් එක්ක කදුළු පුරෝගෙන එයා කිව්වා 
"නැ ඔයා miracle එකක්"  
එක අතකට ඔබට වගේම එයාටත්  හිතුනොත් හොදට හම්බ කරලා දෙනවා  "ලෝකේ ඉවසිලි වන්තම මිනිස්සුන්ට", කියලා ලොකු සම්මානයක්;  
එහෙම 
හිතන 
මම